262
ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායක සිනමා නිර්මාණය සිංහබාහු අති සාර්ථක ලෙස ආදායම් වාර්තා තබමින් දින 50 පසු කරයි. ගාමිණි වික්‍රමසිංහ හා රේණුක බාලසූරියගේ නිෂ්පාදනයක් වන මෙය මේ වනවිටත් දිවයින පුරා සිනමා ශාලාවල නොකඩවා ප්‍රදර්ශනය වේ. දිවයින පුරා ඇති සිනමා ශාලාවෙත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණ ඇති අතර දින 50 පසු කරන විටත් ලක්ෂ සංඛ්‍යාත පිරිස් සිනමා ශාලා වෙත ඇදී එමින් පවතී. දින පනහ පසු කළ දින සිනමා පටයට සම්බන්ධ වුණු නළු නිළියන් හා නිෂ්පාදක මඩුල්ල ප්‍රේක්ෂකයන් සමඟ එම සතුට බෙදා ගත්හ.