නිවස ලාංකිය සිනමාව සැබෑ හොරු කවුද?

සැබෑ හොරු කවුද?

 ” පැරඩයිස්”

by Thanushika
June 13, 2024 12:28 am 0 comment

කේසව් සහ ආරීතා තම පස් වන විවාහ සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙති. දින හතක් ඇතුළත රාම රාවණා පුරාවෘත්තයට අයත් ස්ථාන නැරඹීම ඔවුන්ගේ අරමුණයි. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක පැටලී ඉන්ධන සහ ගෑස් පෝලිම්වල පෙළ ගැසී සිටිති.

එහෙත් සංචාරකයන්ට සලසා තිබූ පහසුකම් නිසා ඔවුහු අපහසුතාවයකින් තොරව ඔවුන්ගේ සංචාරය අරඹති. සංචාරයේ පළමු රාත්‍රියේදී මුහුණු ආවරණය කරගත් සොරුන් තිදෙනෙක් ඔවුන් දෙපොළ බියවද්දා ඔවුන්ගේ ජංගම දුරකථන සහ ලැප්ටොප් සොරකම් කර පලා යති. ආසන්නයේ පිහිටි පොලිස් ස්ථානයේ සාජන්ට් බණ්ඩාරට මේ පිළිබඳව පැමිණිලි කරයි.

රටේ මේ මොහොතේ පවතින ඉන්ධන අර්බුදය නිසා තමන්ට කළ හැකි දෙයක් නොමැති බව සාජන්ට් පවසද්දී, කේසව් ඔහුට පීඩනයක් එල්ල කරයි. දිනක් ඇතුළත නැතිවූ භාණ්ඩ සොයා දීමට අපොහොසත් වුවහොත් ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයට කතා කොට සාජන්ට්ගේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන බව පවසයි. තැතිගන්නා සාජන්ට් තරුණ වතුකම්කරුවන් තිදෙනෙක් සැකකරුවන් ලෙස පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කේසව් ඔවුන් තම භාණ්ඩ සොරකම් කළ අය ලෙස හඳුනා ගනියි. ඇත්තෙන්ම ඔවුන් සැබෑම හොරුද? එසේ නොමැති නම් සාජන්ට් සැකකරුවන් ලෙස ඉදිරිපත් කළේ අහිංසකයන් තිදෙනෙක් ද? මෙම පැනයට නිවැරදි පිළිතුර ” පැරඩයිස්” ඔබට පහදා දෙනු ඇත.

ප්‍රවීණ සහ සම්මානනීය සිනමා නිර්මාණවේදී ප්‍රසන්න විතානගේ තිරයට රැගෙන එන එකොළොස්වන නිර්මාණයයි ” පැරඩයිස්” සිනමා කෘතිය. මෙය මලයාලම්, දමිළ, හින්දි, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන්ගෙන් ලොව පුරා ප්‍රදර්ශනය කරවීමට සැලසුම් කළ නිර්මාණයකි. ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පැවති පූනෙයි අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට වරම් ලද ” පැරඩයිස්” ,

ආසියානු සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය සහ හොඳම සංස්කරණය සඳහා නිර්දේශ වූ අතර, ප්‍රංශයේ 30 වන වරට පැවති වේෂූල් අන්තර්ජාතික සිනමා උළෙලේදී යොවුන් ජූරියේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත්, බූසාන් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන කිම් ජෝෂක් සම්මානයත්, ස්පාඤ්ඤයේ ලස්පල්මාස් ග්‍රෑන්ඩ් කැනරියා අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රේක්ෂක ජූරි සම්මානයත් හිමිකර ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පවත්වන ලද 24 වන නිව්යෝර්ක් ඉන්දීය සිනමා උළෙලේ හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහා ද ” පැරඩයිස්” නිර්දේශ විය. අධ්‍යක්ෂවරයා මෙයට ප්‍රථම ” සිසිල ගිනිගනී” (1992), ” පවුරු වළලු , (1999), ” අනන්ත රාත්‍රිය” (2001), ” පුරහඳ කළුවර” (2001), ” ඉර මැදියම” (2005), ” මචං” (2008), ” ආකාශ කුසුම්” (2009), ” ඔබ නැතිව ඔබ එක්ක” (2015), ” උසාවිය නිහඬයි” (2016), ” ගාඩි” (2023) යන සිනමා කෘතින් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළේය.

රංගන දායකත්වය

රොෂාන් මැතිව්, දර්ශනා රාජේන්ද්‍රන්, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සුමිත් ඉලංගෝ, අසාර් සම්සුදීන්, සංජීව දිසානායක, රොහාන් රණතුංග, සමන්ත මංජුල, සෙබස්තියන් මොහාන්රාජ්, නීරාජා රාජේන්ද්‍රන්, වින්සන්ට් චිත්තලප්පිලි, සෙල්වරාජ් ලීලාවතී, අන්තෝනියෝ කෙලෙහර්, අනුෂ්කා සේනානායක, චතුරිකා සෙව්වන්දි, දයානි අමන්ලතා, හෂිනි හේරත්, සනත් හෙන්නායක, අනෝමා චාන්දනී, චතුරිකා අතපත්තු, චූලා මෙන්ඩිස්, විල්මන් සිරිමාන්න, දුල්‍යා ද සිල්වා

කාර්මික තොරතුරු

කතාව සහ අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ

තිර රචනය – ප්‍රසන්න විතානගේ, අනුෂ්කා සේනානායක

නිෂ්පාදනය – නිව්ටන් සිනමා

නිෂ්පාදන කණ්ඩායම – ඇන්ටෝ චිත්තලප්පිලි, සනිතා චිත්තලප්පිලි, ජෝති ක්‍රිෂ්ණා, වින්සන්ට්

චිත්තලප්පිලි, සුනීතා රාජගෝපාල්, ජේසන් චිත්තලප්පිලි, ඇලෙක්සැන්ඩ්‍රා කෙලෙහර්

රේඛීය නිෂ්පාදනය සහ පසු නිෂ්පාදන කටයුතු අධීක්ෂණය – ටි්‍රලාන් ශාස්ත්‍රී

සහය අධ්‍යක්ෂණය – දමින්ද ඩී. මඩවල, ප්‍රසන්න නිරෝෂන් විජේසිංහ

කැමරා අධ්‍යක්ෂණය – රජීව් රවි

දෙවන කැමරා ක්‍රියාකරු – කුලරුවන් ගමගේ

කැමරා නාභිගත කිරීම – ඒ.පී.ආර්. ද සිල්වා, මෙවන් නිශාන්ත පුංචිහේවා

ප්‍රධාන විදුලි කාර්මික – සුන්දරේෂන්

සංස්කරණය – ඒ. ශ්‍රීකර් ප්‍රසාද්

සංස්කරණ සහය – ඒ. සුරේෂ්, ජනනි ක්‍රිෂ්ණන්

සංගීත අධ්‍යක්ෂණය – කේ. ක්‍රිෂ්ණ කුමාර්

ශබ්ද නිර්මාණය – තපස් නායක්

කලා අධ්‍යක්ෂණය – ධම්මික හේවාදූවත්ත

ඇඳුම් නිර්මාණය – ශිල්පි අගර්වාල්, බුද්ධි සංජය එදිරිසිංහ

අංග රචනය සහ කොණ්ඩා සැකසුම – ප්‍රියන්ත දිසානායක

නළු-නිළිවරණය – දමයන්ති ෆොන්සේකා සහය මොහොමඩ් අෂ්ෆාක්

දර්ශන තල කළමනාකරු – ඔෂද කුමාරිකන්ද

වර්ණ සංයෝජනය – ලිජු ප්‍රභාකර්

වර්ණ සංයෝජන සහය – රෝහිත් මාධව්, ප්‍රවීන් තොන්නක්කල්, ෂිහාස් එස්.

නිෂ්පාදන කළමනාකරු – බුද්ධි සංජය එදිරිසිංහ සහය – හසිනි හේරත්

කලා අධ්‍යක්ෂණ සහය කණ්ඩායම – සංජීව දසනායක, නලින් හේවදූවත්ත උපුල් උපනන්ද, ප්‍රසන්න

චතුරංග, ගිහාන් බාලආරච්චි

අංග රචනය සහ කොණ්ඩා සැකසුම සහය – අවිශ්ක චතුරංග

පසුතල නිර්මාණය – ශශික ලක්මාල්, උපුල් සුරංග, ඕ.ඩී. ගුණසිරි, මංජු කෑගල්ල, රත්නජී

අන්හෙට්ටිගම, බුද්ධික කුමාර ලොකුගේ

නිශ්චල ඡායාරූප – නෙරුන් කල්පජිත්

ආලෝකකරණ ශිල්පීන් – ලක්ෂ්මන් ප්‍රියදර්ශන, සුසන්ත රත්නසිරි, ලලිත් පද්මසිරි, අබේකෝන් බස්නායක

කැමරා සහය – අයියප්පසේනන් එන්.සී.

 

[email protected]

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT