සෞන්දර්ය, සාහිත්‍ය මෙන්ම රසවින්දනය ද පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක මූලික පදනම සකසයි. එකී මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කරගනු වස්, නුගේගොඩ සුජාතා විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “ඉනචපඬතඪදඨ ඉභණචබඩඪචදඵ – 2024” විවිධ ප්‍රසංගය මෙවර කොළඹ 07, නෙලුම් පොකුණ රඟහලේ දී එළිදක්වනු ලැබීය.
තුර්කි රාජ්‍යයේ තානාපතිතුමා, බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් සුජීවා පල්ලියගුරුගේ, කලා කීර්ති රවිබන්දු විද්‍යාපති, මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගොඩගේ යන මහත්ම මහත්මීහු ආරාධිත අමුත්තන් ලෙස මෙම උලෙළට සහභාගි වූහ. ප්‍රාථමික අංශයේ සියලුම දියණිවරුන් සහභාගි වුණු මෙම ප්‍රසංගය සංස්කෘතිකාංග රැසකින් පරිපූර්ණ විය. සාම්ප්‍රදායික මෙන්ම, බටහිර නර්තනාංග ද, නාට්‍යාංග ද ඇතුළත් මෙම ප්‍රසංගය දියණිවරුන් 1100කගේ ප්‍රතිභා ප්‍රභාවෙන් ආලෝකමත් විය. සුජාතාවියන් විසින් කරලියේ තබනු ලැබූ පාදනුපා තාල රඟ, හෙට රසවින්දනාත්මක මානවිකාවන් ලොවට දායාද කිරීමේ මූලික පියවරක් වනු නොඅනුමානය.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න