Home » සල්මාන්ගේ ‘SIKANDAR’ රජ ගමනේ

සල්මාන්ගේ ‘SIKANDAR’ රජ ගමනේ

‘සිකන්දර් නාචේ’ ගීතය‍ට නර්තන ශිල්පීන් 200ක්

by Thanushika
April 10, 2025 10:45 am 0 comment

බොලිවුඩ් පුරයේ සිටින ඛාන් ත්‍රිත්වය අතරින් සල්මාන් ඛාන් රසිකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් නළුවෙක්. සල්මාන්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන ‘සිකන්දර්’ පසුගිය 30 වැනිදා සිට ඊද් උත්සවයට සමගාමීව සිනමාශාලා 5000ක පමණ එකවර තිරගත කිරීම ආරම්භ කළේ ⁣එදා මෙදා තුර වැඩිම සිනමාශාලා ගණනක තිරගත කළ චිත්‍රපටය ලෙස වාර්තා පොත් අතරට එක් වෙමින්. ඉන්දියානු රුපියල් කෝටි 200ක දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කළ ‘සිකන්දර්’ චිත්‍රපටය මේ වනවිට දින හයක් අවසානයේ ඉන්දියානු රුපියල් කෝට් 160ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගැනීමට සමත් විය.

රූපණය කළේ 2023 වසරේ තිරගත වූ ‘ටයිගර් 3’ චිත්‍රපටයෙනි. වසරක විරාමයකින් අනතුරුව පැමි⁣ණෙන සල්මාන්ගේ ‘සිකන්දර්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘ගජිනි, තුප්පාකි, සර්කාර්’ වැනි ආදායම් වාර්තා බිඳ හෙළු චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ‘ඒ. ආර්. මුරුගදාස්’ විසිනි. මේ වනවිට අවුරුදු 59ක් වයසැති සල්මාන්⁣ ඛාන් සමඟ ප්‍රධාන චරිතය රංගනයෙන් දායක වන්නේ අවුරුදු 28ක් වයසැති ජනප්‍රිය නිළි රශ්මිකා මන්දනා විසිනි. මේ දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු 31කි.

සල්මාන් මෙම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 120ක මුදලක් අය කර ඇති බව නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරනවා. රශ්මිකා වර්තමානයේ ඉන්දියානු සිනමාවේ සිටින බොක්ස් ඔෆිස් රැජින ලෙස බොහෝ දෙනා නම් කරන්නේ ඇය අවසන් වරට රඟපෑ ‘ඇනිමල්’, ‘පුෂ්පා 2’, ‘චාවා’ සහ ‘සිකන්දර්’ චිත්‍රපට හතරම බොක්ස් ඔෆිස් ආදායමි වාර්තා තැබු චිත්‍රපට නිසාවෙනි. ‘සිකන්දර්’ නිෂ්පාදනය කර ඇත්තේ සල්මාන්ගේ ‘කික්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘සජිද් නදියාවාලා’ විසිනි. චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කර ඇත්තේ බොලිවුඩයේ සිටින සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයන් දෙපළක් වන ‘ප්‍රීතම් චක්‍රබෝර්ති’ සහ ‘සන්තෝෂ් නාරායනන්’ විසිනි.

මුම්බායි නුවර පුරා දින 40ක කාලයක් තුළ රූගත කළ ‘සිකන්දර්’ චිත්‍රපටය ධරාවි නගරයට සමාන වන පරිදි රුපියල් කෝටි 15ක වියදමක් දරා පසුතලයක් ඉදි කළ බව වාර්තා වේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී, රූගත කිරීම් අතරතුර සල්මාන් ඛාන්ට ඉළ ඇටයකට තුවාල සිදුවිය. එම මාසයේ අගභාගයේදී රූගත කිරීම් නැවත ආරම්භ වූ අතර සල්මාන් ඛාන්, රශ්මිකා මන්දනා සහ පසුබිම් නර්තන ශිල්පීන් 200ක් සම්බන්ධ කරගනිමින් ‘සිකන්දර් නාචේ’ ගීතය රූගත කරන ඇත. ඉන්දියාවේ සුප්‍රකට පාතාල නායකයකු වන ‘ලෝරන්ස් බිෂ්නෝයිගෙන්’ සල්මාන් ඛාන්ට මරණ තර්ජන එල්ල වීමෙන් පසු ආරක්ෂක හේතූන් මත රූගත කිරීම් විටින්විට නතර කරන ලද අතර ඛාන්ගේ නිවස අසල වෙඩි තැබීමක් ද වාර්තා විය.

සල්මාන් විසින් චිත්‍රපටයේ ⁣ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ‘සංජේ රාජ්කෝට්’ නමැති ඔහු වාසය කරන ප්‍රදේශයේ ජනතාවගේ විශාල ගෞරවාදරයට පාත්‍ර වු ධනවතෙකුගේ චරිතයයි. සංජේගේ පෞද්ගලික ජීවිතයට එල්ල වන නොසිතු විරූ කරදර රාශියකට එරෙහිව මුහුණ දෙන අයුරු ‘සිකන්දර්’ චිත්‍රපටයේ කතාව බවට පත් වෙයි. සිකන්දර් සිනමාහල්වල තිරගතවීමටත් පෙර සිටම දැඩි විවේචනවලට මුහුණ දුන්නේ එය සල්මාන්ගේ අසාර්ථකම චිත්‍රපටවලින් එකක් බවට පත් වීමට ඉඩකඩක් ඇති බවට මත පළ කරමින්. ඒ සියලු මත ප්‍රතික්ෂේප වෙමින් සාර්ථක ලෙස තිරගත වෙනවා. මේ අතර සල්මාන් ඛාන්⁣ට දැඩි සේ ආදරය කරන එක්තරා රසිකයෙකු ඉන්දියානු රුපියල් ලක්ෂ 1.72ක් වටිනා ටිකට්පත් මිලදී ගෙන බෙදා හැරිය බවට පුවතක් වාර්තා වුයේ රසිකයන් පුදුමයට පත් කරමින්. ‘සිකන්දර්’ සිනමාපටය ‘වන් ගෝල් ෆේස්’ සාප්පු සංකීර්ණයේ පිහිටි PVR සිනමාශාලා සංකීර්ණයේදී දැන් ඔබට නරඹන්නට පුළුවන්.

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT