Home » සරසවිය රණතිසර සම්මානය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දෝතට වැඩි අසිරිමත් මොහොත

සරසවිය රණතිසර සම්මානය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දෝතට වැඩි අසිරිමත් මොහොත

by Thanushika
March 13, 2025 9:11 am 0 comment

2024 වසරේ පැවති සරසවිය සම්මාන උලළේදී කෘතහස්ත කලාකරුවකුට ජීවිතේ එක් වරක් පමණක් පිරිනැමෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රණතිසර අනුස්මරණ සම්මානය ප්‍රවීණ රංගනවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ට හිමි වූ අතර අනිත් රණතිසර සම්මානය හිමිවූයේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ටය. උලෙළ පැවැත්වෙද්දී විකටර් රෝහල්ගතව සිටි බැවින්ද එම පවුලේ කිසිවකු ඊට සහභාගි නොවූ බැවින්ද ඔහුගේ සෙවණ, ගුරු හරුකම් ලැබ සිනමා ගායන ලොවට පිවිසි සුනිල් එදිරිසිංහයන් විසින් සම්මානය තම ගුරු වික්ටර් වෙනුවෙන් ලබා ගන්නා ලදි. වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත් වික්ටර් රත්නායකයන් වරින්වර රෝගාතුරවීමත්, සුනිල් එදිරිසිංහයන් වරින්වර ප්‍රසංග සඳහා විදේශගත වීමත් හේතු කොට එම සම්මානය නැවතත් එතුමාට පිරිනැමීමට හැකියාවක් නොලැබිණි.
මෙබඳු පසුබිමක පසුගියදා කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි වික්ටර් රත්නායකයන්ගේ 83 වැනි ජන්ම දිනය සමරමින් උපහාර ප්‍රසංගයක් පැවැත්විණ. එදින මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරය රසික රසිකාවන්ගෙන් පිරී ඉතිරී පැවතිණ. ආචාර්ය වික්ටර් රත්නායකයන් කලකට පසු ඊට සහභාගි වූ අතර සුනිල් එදිරිසිංහයන් එදින ගායනයෙන් එක් විය. ප්‍රසංගය අවසන් වීමට පෙර ආචාර්ය වික්ටර් රත්නායකයන් වේදිකාවට කැඳවාගෙන එද්දී ඔහු පුදුමයට පත් කරමින් ප්‍රේක්ෂකාගාරයෙන් ඔල්වරසන් හඬ දෙමින් සියලු දෙනා අසුන්වලින් නැඟී සිටියහ. ඉන් අනතුරුව සරසවිය සම්මානය පිරිනැමීමේ අවස්ථාව ප්‍රවීණ ගායන ශිල්පී, විශාරද සුනිල් එදිරිසිංහයන් සහ සරසවිය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර එක්ව සරසවිය සම්මානය එතුමන්ට පිරිනමන ලදී.

ප්‍රසංගයේ පූරක දායකත්වය ලබා දුන් ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පී වසන්ත රෝහණ සහ සඳමාලී හේවානායක සරසවිය සම්මානය පිළිබඳ අගනා පූර්විකාවක් ඉදිරිපත් කළ අතර සඳමාලී පසුගිය සරසවිය සම්මාන උලෙළේද පූරිකාව ද වූවාය. ලාංකේය සිනමා කලාකරුවන්ට හිමිවන වටිනාම සම්මානය වන සරසවිය සම්මානය ආචාර්ය වික්‍ටර් රත්නායකයන්ට මෙසේ පිරිනමද්දී ප්‍රේක්ෂකාගාරයම තම අසුන්වලින් නැඟිට අත්පොලසන් දීම අසිරිමත් සංසිද්ධියකි.

සේයාරූ – ලාල් සෙනරත්

සටහන හා සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT