විහාරස්ථානවලට මූර්ති කලාවෙන් කළ කැපවීම වෙනුවෙන් ෙතෛ‍්‍රයි නිකායික නායක හිමිවරුන්ගේ අත්සනින් එකවර සම්මාන හතරක් ලද කතෝලික මූර්ති ශිල්පියා ඔහුය…
” තාත්තාගෙ ඇනුම් බැනුම් මැද්දෙ පුංචි කාලෙ කිරිමැට්ටට ආදරයෙන් නිර්මාණ කළ නිසයි මූර්ති ශිල්පියෙක් හැටියට මේ තරම් සාර්ථක ගමනක් මට එන්නට ලැබුණේ…”
මා සමීපයේ පසුවන මේ උත්තුංග කලාකරුවා අපූර්වතම පුද්ගලයකු යැයි වරෙක මට හැඟේ. ඔහුගේ නිසග කලා කුසලතාවන් මොනවට කියාපානා ආකර්ෂණීය නිර්මාණ ඔහු නිවසේ පසුවන මට පෙනේ…
දයානන්ද කුමාරගේ (රෙජි) මහතා මේ ප්‍රවීණ කලාකරුවාගේ නිවසට මා කැඳවා යන විටදීද හෙතෙම අපූරු මූර්ති නිර්මාණයක නියැළී සිටියේය..
” සරසවිය පත්තරේ අපිත් බොහොම ආදරය කරන පත්තරයක්නෙ යැයි කී හේ උණුසුම් අයුරින් අප පිළිගෙන ගෙතුළට කැඳවීය..
ඔහු නමින් ඔගස්ටින් ඩෙරික් පෙරේරා හෙවත් ඩෙරික් පෙරේරාය.. ඔහු කතෝලිකයෙකි.. එහෙත් බුදුදහම පිළිබඳ මහත් ගෞරවනීය හැඟීමකින් යුතු හේ බුදුදහම පිළිබඳ ගැඹුරු දැනුමකින්ද යුතු වූවෙකි.
විහාරස්ථාන කෙරෙහිද අචල භක්තියකින් පසුවන ඔහු තමන් උගත් මූර්ති ශිල්පයේ නාමයෙන් බැතිමතුනට වැඳපුදා ගන්නට ප්‍රතිමාවක් හෝ නොමැති දිළිඳු විහාරස්ථානයනට සිය කැමැත්තෙන් බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා තනාදෙමින් සාධු මෙහෙවරක යෙදුණු නිසාම මූර්ති ශිල්පී කලාකරුවාණෝ සුචරිත ජීවිත – අගයමු මෙහෙවර යටතේ තුන් නිකායේ ප්‍රධාන පැවිදි උතුමන්ගේ අත්සනින් යුතුව විරල ගණයේලා සැලකෙන සිව් ආකාර ගෞරව සම්මානයෙන් එකවර පිදුමට බඳුන් වූයේය…
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ විද්‍යා සමාධි…ජාතික සංඝ සභාවේ ගෞරව සම්මාන…විද්‍යා සමාධි විභූෂණ දේශාභිමානී කලා කීර්ති ශ්‍රී ගෞරව සම්මානයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ගෞරව සම්මාන උපාධි ප්‍රදාමෝත්සවයේදී එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පිදුම් ලැබීය..
“ඔය සත්කාර සම්මානවලට මම එතරම් ප්‍රියත්වයක් නැහැ. මම සිය කැමැත්තෙන් කතෝලිකයකු වුවත් අපේ දුප්පත් පන්සල්වල තිබුණු අඩුපාඩුවක් සපුරා දෙන්නටයි මට එකම ඕනෑකම වූයේ…ලද සම්මානවලට වඩා පවතින ඉහළම තෘප්තිය නම් මම සාධු සිතින් යමක් ඉටුකළා කියන වටිනා සිතිවිල්ලයි..” යැයි ඔහු සමග සංලාපයකට මුලපුරද්දී කිවේය..
මාතලේ..උකුවෙල නම් රමණීය ග්‍රාමයේ සෝමාවතී රත්නායක සහ ඇන්ටන් සයිරස් පෙරේරා මවුපිය දෙපළට දූ පුතුන්ම පස්දෙනෙකි. ඉන් පළමුවැන්නී රෙජිනා චන්ද්‍රානි ය. දෙවැන්නා අජිත් කැමිලස් වූ අතර තෙවැන්නා රොහාන් ශාන්ත ය. ලක්ෂ්මන් ප්‍රසන්නය.. ඊළඟට අපේ කතා නායකයාණෝ ඩෙරික් පෙරේරා ය.
උඩුවායින්න පාසලින් ඉගෙනුමට අතපොත් තැබූ අපේ ආදරණිය ඩෙරික් වීර මොහාන් ජයමහ පාසලටද පසුව උසස් අධ්‍යාපනයට පිවිසියේ මාතලේ විජය විදුහලටය..
පාසලේ කලා අංශයෙන් කීර්තිමත් සිසුවකු වූ හෙතෙම පාසල් වේදිකාවේ නාට්‍ය ශිල්පියකුද විය..ඔහු රඟපෑ නාට්‍ය අතුරින් වඩාත් සිත්ගත් කුණ්ඩලකේශී නාට්‍යයේ රංගනය ගැන මහත් සතුටකින් කතා කරන්නේය..
” අපේ තාත්තා අමුතු කෙනෙක්..පාසල ඇරී ගෙදරට ආපු ගමන් ගමේ ඇලේ දොලේ වෙල් ඉපණැල්ලේ තමයි රෑ බෝවෙන තුරාවටම..ඉතින් ඇල වතුරට පැනල කිරිමැටි අරන් ගෙදරට ගෙනැත් මම එක එක රූප අඹනවා..තාත්තා තරහෙන්..කතුරක් අරන් හැඩ රූපයක් කැපුවත් තාත්තා කොස්සෙන්ම තමයි මට ගහන්නේ..කලාත්මක දෙයක් කර කර ඉන්නව දැක්කොත් තාත්තා මට ගහනවාමයි. ..මම කලාව තෝරගන්නවාට තාත්තා ළඟ තිබුණෙ පුදුමාකාර තරහක්…”
” අනේ ඔව්…කඩදාසියකින් හරි කිරිමැටියෙන් හරි පුතා නිර්මාණයක් කරනව දැක්කොත් නම් ඉතින් තාත්තා කොස්සෙන්ම තමයි ගහන්නෙ..”
ඒ ටික කීවේ පුතු සමීපයේම හුන් ඔහුගේ අම්මාය..
තාත්තා බර්ගර් පරපුරකය. අම්මා උඩරට කුල පරම්පරාවකය..මේ නිසාම දෙපාර්ශ්වය අතර මේ දෙපළට පැවතියේ නොසිඳෙන අමනාපයකි..එසේ වුවද තම සැමියා හැමවිටදීම සිටියේ තමන් පැත්තේ බව පැවසූ සෝමාවතී මහත්මිය තම දරුවන්ට ඒ නිසාම ඥාතීන්ගෙන් එල්ලවු වූ පීඩනයද සුළු නැති බවද කියන්නීය..
” මේ පරම්පරා දෙකක ගැටුම නිසා අපට කුඩාවියේ කිසිවකුගෙන් තොත්තුවක් පවා නොලද බවද ඩෙරික් කියන්නේය..
“ඩෙරික් පුතා පුංචි කාලෙ ඉඳලම නිදහස්ව හිතන්න හුරුපුරුදු වුණ අනික් දරුවන්ට වඩා වෙනස්ම ගතිපැවතුම් ඇති දරුවෙක්…රට ගැන මිනිස්සු ගැන නිතර කැක්කුමකින් කතා කළේ.. කලාව තෝරා ගන්නවාට නම් තාත්තා පුදුම තරහකින් උන්නෙ..ඒත් පුතා නතර වුනේ කලාව එක්කමයි…අද පුතා නිර්මාණකරුවකු විදිහට ඉන්න තැන ගැන නම් මට හරිම ආඩම්බරයි..”
ඒ ටික කීවේද ඔහුගේ අම්මා ය.
“පස්සෙ පස්සෙ අපෙ තාත්තා මම කලාවෙන් ඉදිරියට යන ගමන දැකල තාත්තා මැරුණු දවසට කලින් දවසෙ මගෙ කලා හැකියාවන් වලට තහංචි පනවල පහර දුන් හැටි කියමින් මගෙ ඔළුව අත ගාලා මං දැනගෙන හිටියෙ නැහැ ඔයා යන ගමන ගැන කියලා එදා තාත්තා මගෙන් සමාව ඉල්ලුවා…”
තම පුතුගේ කතාව අසා හිඳීනා අම්මා රහසේ දෑස නැඟි කඳුළක් පිසදා ගන්නීය..
පවුලේ සහෝදරයන් සිව්දෙනා එක්ව ගෙමිදුලේ කොටු සතරක් ඇඳ එහි එහි අඳීන්නේ චිත්‍රය..පසුව සිව්දෙනා වෙන්වෙන්ව එකිනෙකාගේ දස්කම් පිරික්සන්නේය..එය හරියට චිත්‍ර ප්‍රදර්ශනයක් මෙනි.
“අපෙ අම්මා උඩරට සිංහල බෞද්ධ කාන්තාවක්..තාත්තා බර්ගර් කතෝලික..එකල බාලාතම්පෝ නම් වෘත්තිය සමිති නායකයා සමඟ එක්ව හුන් කෙනෙක්. මේ අසමාන පවුල් දෙකේ විරසකය නිසා අපිව හුරතල් කරන්න කවුරුත් සිටියෙ නැහැ.. අපි තාත්තාගෙ මහගෙදර ගිහින් පුටුවක වාඩිවුණත් අප පිටවී ආවාම ඒ ආච්චි ඒ පුටුව හෝදනවා. මේ හින්දා අපෙ අම්මා තාත්තාත් බැට කෑවා..ඒත් අම්මායි තාත්තායි බොහොම ආදරයෙන් එකමුතුව උන්නා..”
ඩෙරික් එලෙස කීවේ බිමබලාගත්වනම ය..
දැන් අපේ ඩෙරික් උසස් පෙළ හදාරන්නේය.. ගමේ සිටියේ ඥාති සොහොයුරෙකි…ඔහු (හේවුඩ්) රජයේ ලලිත කලායතනයේය.. එහි රසබර තතු අසා දැනගැනීමෙන් ඉමහත් සතුටට පත්වූ හේ සිත යට පැවැති හේවුඩ් යෑමේ ආසාව ස්ථිර කරගත්තේය..
“මම ලලිත කලායතනයට ඇතුළත් වන්න සමත් වුණා..නිදහස් අධ්‍යාපනයේ නාමෙන් අපේ හිතේ ප්‍රකාශනය කලාව පෙන්වන්න විශ්වවිද්‍යාලයේ පරිසරය මට මගෙ කුසලතා වලට සවියක්ම වුණා..චිත්‍ර..නැටුම් සංගීතය එකට තිබුණෙ. මාගේ මූර්ති කලාවේ කූඨප්‍රාප්තිය චිත්‍ර ශිල්පය. ඒ නිසාම ටූ. ඩී. .ත්‍රී. ඩී.. ප්‍රකාශනයට මගෙ හිත ගියා..එහි ගුරුවරුන් සිසුවාගේ ඇතුළෙ තියෙන දේ එළියට ගන්න සමත් පිරිසක්..සිසුවාට සීමාවන් පැනවූයේ නැහැ. ”
ඩෙරික් සෞන්දර්යය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද්දේය..ඔහු අමුතුම අයකු යැයි මම මුලදීම කීවෙමි.
” උපාධිය අරන් ගෙදරට ආපු දවසෙම පුතා ඒ උපාධි සහතිකය මෙන්න විසිකළානෙ…එහෙම කරල පුතා මට කීව ඔය සහතික මට ඕන නැහැ..ඊට වඩා ලොකු දෙයක් මගෙ ඇතුළතින් මං අරන් ආවා අම්මේ කියල කිව්වා…”
මව පුතා දෙස බලන්නීය.හේ සැහැල්ලුවෙන් සිනාසෙන්නේය..
“එය භෞතිකයි..අදටත් මම භෞතික සම්පත් වලට ඇල්මක් ඇති කෙනෙක් නම් නෙවි..”යි කී හෙතෙම මවෙතට නැඹුරුව මෙසේ කියන්නේය..
“මට අපේ ගුරුවරු කිව්වා ඔය ඔතල දෙන කොලයට ආර්ට් ගුරුවරයෙක් විතරයි වෙන්න පුළුවන් කියලා..නිදහස් මාවත තෝරා ගන්න කියල ගුරුවරු මට කිව්වා..ඒත් ජීවත් වෙන්නත් ඕනනේ..”
කලා උපාධියද ඇතිව පසුවන හෙතෙම පුවත්පතක දැන්වීමක් ඇසුරින් ඉන්දියාවේ ප්‍රවීණයන් එක්වූ ෆැබ්රික් පේන්ට් පාඨමාලාවකට ගියේය. ඉන් ඔහු ඩිප්ලෝමාධාරියකු වූයේය.. ඉන්පසුවය හේ ප්‍රකට ආයතනයක ප්‍රධාන චිත්‍ර ශිල්පියකු වූයේ..ඇඩ්වටයිසින් කෙරෙහි ඇදී ගිය ඔහු ජ්ඪඨඥප ඒපබඪඵබ වූයේය…එතැනදී ස්වාධීන වෘත්තීයකට ඇලුම් කළ ඔහු චිත්‍ර ආම්පන්නද අතැතිව මුහුදු වැල්ලට ගියේය..වැල්ලේ සැරිසරනා විදේශික සංචාරකයන් ඔහු සිතුවමට නැගීය..ඉන් ලද ආදායමද සාරවත්ය..
“ඒ කාලය මගෙ ජිවිතයේ රසවත්ම කාලයක්….”
විදේශිකයන් කීපදෙනකු හා ඇසුරින් ඔහුට එතෙර යන්නට අවස්ථාව උදාවුණිද එයට ඔහුගේ කැමැත්තක් නම් නොවීය..
“මං උපන් මගේ රටට මං එදාටත් වඩා අද ආදරෙයි..”
ඔහු තිර හඩකින් කියන්නේය. යුද්ධය හටගත්තේය.. සංචාරකයන්ගේ පැමිණීම” ද නතර විණි. සියල්ල උඩුයටිකුරු විණි.
දිනෙක ඔහු දුෂ්කර පළාත්හි ඇවිද ගියේය..දිළිඳු තත්වයෙන් පවතින විහාරස්ථාන කිහිපයකම දුටුවේ පැමිණෙන බැතිමතුනට හරිහැටි වන්දනාමාන කරන්නට බුද්ධ ප්‍රතිමාවක් හෝ නොමැති බව පෙනී යාමෙන් එම විහාරාධිකාරී පැවිදි උතුමන් බැහැ දැක එම අඩුපාඩු තමන් විසින් සපුරා දෙන්නට සූදානම් බව කියා සිටියේය…
ඩෙරික් තමන් එතුවක් උගත් චිත්‍ර ශිල්පයද මූර්ති ශිල්පයද මේ සද්කාර්යය වෙනුවෙන් කැප කරන්නට උත්සුක වූයේය…
දන්කොටුව ප්‍රදේශයෙන් මූර්ති කලාවට වඩාත් යෝග්‍ය උළු මැටි ගෙනවුත් තැනූ ඔහුගේ ප්‍රථම නිර්මාණය වූයේ යශෝදරා දේවී මූර්ති රූපයය.. කතෝලික බැතිමතකු වූ ඔහුගේ දෑතින් තැනූ දෙවන නිර්මාණය වූයේ බුදුහිමි ප්‍රතිමාවය..ඒවා දිළිඳු විහාරස්ථාන වෙත පූජා කෙරිණි …පැවිදි උතුමන්ගේ ආදර ගෞරවයටද නොමඳව පාත්‍ර විණි.
දැන් බුද්ධ ප්‍රතිමාවට අමතරව දේව ප්‍රතිමාවද පෙර රජ දරුවන්ගේ ප්‍රතිමාවද සිය නිසග කුසලතාවෙන් දෑතින් මූර්තිමත් කරනා ඔහු සිය දහසක් දෙනාගේ ඉල්ලීම් අනුව යමින් එය තම ජීවමෝපාය බවට පත්වෙමින් මේ වනවිට සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවකු බවට පත්ව හිඳීන්නේය..
බණ්ඩාරගම..මැදගම..ගඟ පාරේ පිහිටි රන්සිළු හෝල්ඩින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඔහුය..එදාටත් වඩා දියුණු මට්ටමකින් තම ව්‍යාපාරය පවත්වාගෙන යන ඔහුට තම සමීපයේම උදව්වට..සවියට පසුවන්නේ ඔහුගේ ආදරණිය බිරිඳ චමරී ප්‍රියංගිකා මහත්මියය… පහ වසර ශිෂ්‍යත්වයට සූදානම් එකම පුතු රන්සිළු දෙව්ෂාන් ගිම්හාන්ද දැනටමත් පියාගේ අඩිපාරේ යන්නට මඟ විමසයි..
” ලංකාවෙ පළාත් දහයක කොට්ඨාස මට්ටමින් මේ වනවිට දුප්පත් පන්සල් පනහකට වැඩියෙන් මම වැඳපුදා ගන්නට බුද්ධ ප්‍රතිමා තනා නොමිලේ පරිත්‍යාග කර තිබෙනවා. තවදුරටත් මේ සද්කාර්යය වෙනුවෙන් උතුරා යන සතුටින් මම ඉටු කරනවා.”
අපේ ප්‍රවීණ මූර්ති ශිල්පී ඩෙරික් පෙරේරා කියන්නේය..
චිත්‍ර ශිල්පයෙහි සමත් අපේ කතා නායකයා දිළිඳු විහාරස්ථානවල විහාර ගෙයි තම දෑතින් නිමවන ලද රමණීය සිතුවම්ද අපමණය..ඇතැම් සංවිධාන හා විවිධ අයවලුන්ගෙන් ලැබෙන ඉල්ලීම් අනුව යමින් දේව ප්‍රතිමා… නැසීගිය ප්‍රකට පුද්ගලයින්ගේ රූපයන් අතර වෙති. ප්‍රකට මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන් කියැවෙන ඔහුගේ අත සහ අතැති පෑන රැගත් මූර්තිය නිර්මාණය කළේද අපේ කතා නායකයාණෝය..
“ජීවිතයේ සරල බව මම අදහන දෙයක්…මේ මං උපන් රටට මම පණසේ ආදරෙයි…මේ රට මේ තත්වයෙන් ඉහළට නැඟී සිටිය යුතුමයි…මං ඒ වෙනුවෙන් හැමතින්ම ඇප කැපවී ඉන්න කෙනෙක්…පහසුවෙන් පිටරටකට ගිහින් ජීවත්වන්නට හැකි මට ඒ මුකුත් ම එපා..මම ජාති ආගම් බේද නොතකා මට කළහැකි සත්කාර ඉටුකරනවා වගේම රට වෙනුවෙන් ද මම ඒ කැපවීම එහෙමම කරගෙන යනවා…අපේ දරුවන් අනාගතයේ විශිෂ්ට රටක හිමිකරුවන් විය යුතුමයි..එක් කෙනකුට විතරක් නෙවි…හැමෝටම එකසමානව යහපතක් විය යුතුයි. පේනවනෙ…අපේ අම්මා තාත්තා වර්ග දෙකක අයවීම නිසා දරුවන් වන අපට අත්වූ සිත් වේදනාවන්…නෑ..අපි ඔක්කෝම එකයි කියා සිතන්න පුරුදු වූවානම් එයම නේද විය යුත්තේ…අප කිසිවකුට තනතුරු මත වහල් විය යුතුද..නැහැනේ..හැමවිටකදීම හැමදෙයකදිම අප මධ්‍යස්ථ විය යුතුයි. එවිට කිසිවකුට රිදීමක් අවතක්සේරුවක් නැහැ…” යි කී ඩෙරික් පෙරේරා
” මම අන්‍යාගමිකයකු වෙලත් අපේ විහාරස්ථාන වෙනුවෙන් ලොකු මෙහෙවරක නිරතව ඉන්නවා.. ඉන් ලබන තෘප්තිය වචනයට නගන්න මම දන්නෙ නැහැ.”
“ජීවිතය විෂයයක් නොවෙයි..මූර්ති කලාව විෂයයක්..ආර්ට් කියන්නෙම සීමාවක් නැති විෂයක්..මූර්ති කලාව ප්‍රකාශන කලාවක්… හැඩයක් නැති දෙයක්..මා ලද ඉගෙනුම මා උපයාගත් දේ රටට දෙන්නයි මගේ එකම ආසාව..උවමනාව..අප ඉගෙනගත් දේ සමාජගත කරන්නයි රටට දෙන්නයි මගේ එකම උවමනාව..”
ඩෙරික් තමන් සතු දැනුම..කලාව රටට ප්‍රදානය කිරීමේ වෑයම ගැන අපමණ සතුටකිනි.
” පුංචි සන්දියේ ඇලේ බැහැලා කිරිමැටි ගෙදර ගෙනැත් මේ අත් දෙකින් කළ නිර්මාණ ගැන සිතද්දි මූර්ති ශිල්පියකුව රට වෙනුවෙන් යමක් ඉටු කරන්නට ලැබීමත් මගේ ජිවිතයේ මා ලද භාග්‍යයක්…”
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ