නිවස සංවාද සම්භාව්‍ය සිනමාවේ දක්ෂතා පෙන්වන්න කැමැතියි

සම්භාව්‍ය සිනමාවේ දක්ෂතා පෙන්වන්න කැමැතියි

-රංගන ශිල්පිනී චානි ෆර්ඩිනැන්ඩු

by Thanushika
June 13, 2024 12:30 am 0 comment

කන්ද උඩරට පුරවරේ හැදී වැඩී පාසල් කාලයේට දි ම කලාවට යොමු වන ඇය දක්ෂ රංගන ශිල්පිනියකි. එමෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක ද නිරූපණ ශිල්පිනියක ද වේ. පාසල් කාලය තුළම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන අතර කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයට පත්විය. පාසල් වේදිකාව ඇයට ඇගේ නිවහන බවට පත්විය. ඒ ලැබූ පන්නරය නිසාම සමස්ත ලංකා මට්ටමින් ප්‍රථම ජයග්‍රහණද හිමිකරගෙන තිබේ. පාසල් ජීවිතය සමුගත් පසු මුලින්ම යොමු වන්නේ කෙටි හා දිගු චිත්‍රපට රංගනයටයි. ඉන් නොනැවතුණු ඇය වෙළෙඳ දැන්විම් මියුසික් වීඩීයෝවලටද යොමු විය. මේ ඇගේ ගමන් මග පිළිබඳව සරසවිය සමඟ කළ සාකච්ඡාවයි. ඇය නම්න් චානි ෆර්ඩිනැන්ඩුයි.

පාසල් ජිවිතය ගෙවුණේ කොහොමද?

මගේ මුලික අධ්‍යාපනය සිදුවෙන්නේ නුවරඑළිය ගාමිණී ජාතික පාසලෙන්. උසස් අධ්‍යාපනය සඳහා බදුල්ල විශාඛා උසස් බාලිකාවට ගියා. මම කලා වි⁣ෂය ධාරාව තමයි හදාරන්නේ. නර්තනයට හා නාට්‍යකරණයට තමයි මම වැඩියෙන්ම ඇලුම් කරන්නේ ඒ කාලේ. පාසල් වේදිකාව තරම් මම ගත කළ සුන්දර කාලයක් තවත් නෑ.

කලා ජීවිතයට පෙලඹෙන්නේ?

පාසල් කාලයේ සිටම මම කලාවේ ගමන අරම්භ කරන්නේ නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ හේමලතා බණ්ඩාර ගුරු මෑණියන්ගෙන්. පාසල් නාට්‍ය හා නර්තනයන් ඔස්සේය. පාසල් මට්ටමේ වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. අපි ඒ කාලේ වැඩිහරියක් සිංහල සාහිත්‍ය පොතේ තිබ්බ නාට්‍ය තමා නව නිර්මාණ ලෙස නිෂ්පාදනය කළේ. නරිබෑනා, කදා වළලු, කාලගෝල, වෙස්සන්තර, මනමේයි. මේ නාට්‍ය අන්තර් පාසල් මට්ටමින් පළාත් මට්ටදමින් හා සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණය කළා, පාසල් ජීවිතයන් පසුව නව පරපුරේ අධ්‍යක්ෂවරයෙක් වන රොජර් ෆර්ඩිනෑන්ඩු ගේ කෙටි චිත්‍රපට ඔස්සේ මුලින්ම සම්බන්ධ වුණේ 5000 හා කර්ම, කෙටි චිත්‍රපටවලට සම්බන්ධ වුණා. ඊට පසු මං මුළා, සිහින, සබඳනි කෙටි චිත්‍රපට ද සම්බන්ධ වුණා. ඒවගේ මේ සිනමාපට තවම පසු නිෂ්පාදන කටයුතු සිදුකර ඉවර නැහැ. මේ කෙටි චිත්‍රපටය දෙකෙන් පස්සේ සුනිල් ටී ප්‍රනාන්දු මහත්තයාගේ නිෂ්පාදනය කළ ලාල් ශ්‍රී ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ මේක පුදුම කතාවක් චිත්‍රපටයේ දායක වුණා. මේකෙන් පස්සෙ මට තව සිනමාපට තුනක් විතර කතා කරලා තියෙනවා. “අමුතු ගුරුකමක්” ලාල් ප්‍රියදේව මහත්මාගේ වැඩඉවරයි “ටික් ටොක් ගේ වැඩ තාම ආරම්භ කරේ නෑ. ඒවත් ළඟදීම රූපගත කිරීම ආරම්භ කරනවා කියලා තියෙනවා.

වේදිකාවට ද සිනමාවටද ටෙලිනාට්‍යටද කැමති?

වැඩියෙන් කැමති සිනමාවටයි. මම පාසල් කාලයේ සිටම ඇලුම් කළේ සිනමාවේ ගමනක් යන්නයි. ජීවිතේ ගමනක් යනවා නම් අරමුණක් හරියාකාරව තිබිය යුතුයි. ඒ නිසා තමයි මම සිනමාව තෝරා ගන්නවා කියන්නේ. මට ක්ෂේත්‍රයට පිවිසෙන විටම ලැබෙන්නෙත් කෙටි චිත්‍රපටයක්ය. දැනට මම රංගනයෙන් වැඩියෙන් දායක වෙලා තියෙන්නෙත් කෙටි චිත්‍රපට වලටයි. සිනමාවට වැඩිය ප්‍රියතාවයක් දක්වනවා වුණාට වේදිකාවටත් ටෙලි නාට්‍ය කලාවටත් කැමතියි. අවස්ථාව ලැබුණොත් ඒවටත් දායක වෙන්න බලාපොරොත්තු තියෙනවා.

වෙළඳ දැන්වීම් කලාවට හා නිරෑපණ ක්ෂේත්‍රයට සම්බන්ධ ද?

අනිවාර්යයෙන්ම මං ගොඩක්ම ආස කරන ක්ෂේත්‍රයක් තමයි නිරූපණ ක්ෂේත්‍රය. මම පාසල් මට්ටමේ සිටම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා විලාසිතා දැක්මවලට ඉදිරිපත් වෙලා තියෙනවා. ගොඩක්ම ඕපඪඤචත ර්‍ථචඨඥචදබ තමයි ඉදිරිපත් වුණේ, ජචඵභචත විලාසිතා දැක්ම වලටත් ඉදිරිපත් වෙලා තියෙනවා එක එක ඇඳුම් මෝස්තර නිරූපණ ශිල්පිනියන්ගේ. කොළඹ, රත්නපුර, නුවර, අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල තමයි ගොඩක් පැවැත්වුණේ. වෙළඳ දැන්වීම් ඉදිරිපත් වෙලා තියෙනවා අලුතින් කරන වෙළෙඳ දැන්වීම් කිහිපයකටම තිර පරීක්ෂණ සඳහා ළඟදි ඉදිරිපත් වුණා. ඒ වගේම ගොඩක් සමාගම් කොවිඩ් සීසන් එකත් එක්ක පෙර කරපු වෙළඳ දැන්වීම්ම විකාශය කිරීම තමයි සිදු කරන්නේ. දැන් තමා අලුත් එවාට ගිවිසුම් අත්සන් කරපු ඒවා රූප ගත කිරිම් කරන්නේ.

එහි වඩාත් රුචිකත්වය දක්වන්නේ කුමන අංශවලටද ?

ක්ෂේත්‍රය මොනවා ලැබුණත් කරනවා, නිරූපණ ක්ෂේත්‍රයේ නම් ඕපඪඤචත ථධඤතඥ සහ ජතධබඩඪදඨ ඡපචදඤ කරන්න කැමති. ඒත් නිරූපණ ක්ෂේත්‍රයේ ඕනම නිරූපණයක යෙදීමට සිදු වෙනවා. ලෝකයේ ඕනෑම රටක නිරූපණයේ යෙදෙන පිරිස අතළොස්සයි. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රය හොඳ හිඩැසක් තියෙනවා පුරවන්න. මට ඉඩ ලැබෙන හැම මොහොතකම ඒ දෙවලුත් කරන්නවා.

ඔබ ක්ෂේත්‍රයේ දැනුම ලබාගන්න ප්‍රායෝගිකව හදාරා තිබෙනවාද ?

නර්තනය හා රංගනය තමයි මම හදාරලා තියෙන්නේ⁣. නිරූපණ ක්ෂේත්‍රය ගැන මම තනිවම වෙබ්සයිට්වලින් (අන්තර්ජාලය ඔස්සේ) අත්දැකිම් ගන්නවා. දැන් ගොඩක් දෙනෙක් ක්ෂේත්‍රයට පිවිසෙන අය විද්‍යුත් මාධ්‍ය හරහා සහ අන්තර්ජාලය ඔස්සේ පාඨමාලාවක් හදාරනවා. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පමණක් සතියක් විතර සමහර විට වෙන් කරනවා. ඉදිරියේදී මම පාඨමාලා තුන හතරක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?

මම ගොඩක් වාසනාවන්තයි. ඒ ගැන කතා කරද්දී මොකද හොඳ ගුරු හරුකම් ලැබුණා සිනමාවේ දැවැන්තයින්ගෙන්. නිෂ්පාදකවරුන් ගෙන් මෙන්ම අධ්‍යක්ෂක වරුන්ගෙන්ද, ප්‍රවීණ රංගන ශිල්පින්ගෙන් හා ශිල්පිනියන් ගේන්. කෙටි කාලයක් ක්ෂේත්‍රයට ඇවිල්ලා මෙහෙම ගුරුහරුකම් ලබා ගන්න ලැබෙනවා කියන්නේ මම ලබපු ලොකු අත්දැකීමක්. ක්ෂේත්‍රයට ආවත් බොහෝ දෙනාට ඒ අවස්ථාව හිමිවෙන්නේ නැහැ.මම හිතන්නේ මට ඒ දේවල් ලැබුණේ මම පාසලෙන් ලැබුණු අධ්‍යාපනය ඒ ලබපු ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම නිසයි.

සිනමාවෙ වඩාත් කැමත්ත දකවන්නේ මොන අංශයටද?

සම්භාව්‍ය සිනමාවට මම ගොඩක් ඇලුම් කරනවා. වාණිජමය හා කලාත්මක සිනමාවට ඇලුම් කරන්නේ නැතුව නෙවෙයි. එහෙත් සම්භාව්‍ය මට්ටමේ ධාරාව තුළ නිළියකට හෝ නළුවකුට කරන්න තියෙන කාර්යභාරය අති ප්‍රබලයි. නළුවාට හෝ නිළියට රංගනයේ නියළෙන්න තියෙන්නේ විනාඩි 5ද 10 ද ඒ දේ හරියට කළොත් ඔහු සමහරවිට සම්මානනිය නළුවෙක් හෝ නිළියක් වෙන්න පුළුවන්.මේ සියලු දේවල් ම තීරණය වෙන්නේ ඔහු හා ඇය කරන කැපකිරීම තුළයි. මම හැමවෙලේම හිතන්නේ මට ලැබෙන චරිතයට සාධාරණයක් කිරීම පමණයි. එහි දිග පළල සෙවිම මම කවදාක්වත් කරන් නැහැ

ඒ කියන්නේ ඔබ නිරුවත් අඩ නිරුවත් චරිත වුණත් රඟපාන්න කැමතියි?

නිරුවත ද අඩ නිරුවතට කියන එක නෙවෙයි චරිතය. ඒත් ගොඩක් දෙනෙක් නිර්මාණ තුළ උලුප්පන්න දඟලන්නේ නිරුවත පෙන්වීමට තමයි. චරිතයට සාධාරණයක් කරන්න නෙවේ.

ගෙදරින් ලැබෙන සහයෝගය

මගේ අම්මා තාත්තා ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. උපරිම නිදහස ලබාදිලා තියෙනවා. මේ තාක් මේ ගමන එන්න සහයෝගය ලැබුණේ ඔවුන්ගෙන් ලැබුණු උදව් උපකාර නිසාමත් මාව රැකබලා ගැනීමත් නිසාමයි. මගේ මේ ගමන පිටුපස යෝධ ශක්තීන් ගොඩක් තියෙනවා. නම් නොකිව්වත් ඒ සියලු දෙනාම මම ආදරයෙන් මතක් කරනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

සිනමාවට වැඩි කැප කිරීමක් කරමින් නිරෑපණ ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට යන්න කැමති. තව නවතම කෙටි සහ දිගු චිත්‍රපට සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. සුනිල් ටී. ප්‍රනාන්දු සහ ලාල් ශ්‍රී ප්‍රියදේව, සුරේෂ් කුමාර මහතා අධ්‍යක්ෂණය කරන පොහොය නාට්‍යය සඳහා ආරාධනා ලැබිලා තියෙනවා හොඳ දේවල් තෝරා බේරගෙන කිරීමට තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT