කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරා කලා ලොවට පිවිසි සප්නා රත්නායක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඕ ශ්‍රේණියේ සරල ගී ගායිකාවකි. ඇගේ නවතම ගීතය හුස්මේ පවා පසුගිය දින ජනගත කෙරිණි. මේ වන විට නව නිර්මාණ ගීත ලෙස මා දුටුවා, මන්දීරේ, නින්දෙදි, සිත්මානේ, දෑස දකිනා, සවන් පිනවයි, ගංතෙරේ, පියාණෙනී, සෙවණට වෙලා ඔබේ සමඟ සිනමා ගීත ලෙස සීතල පින්නේ, සාදය මාරයි සල්ලි හමාරයි, අත්පුඩි ගහලා, සිත තුළ නළියන ආදරේ, පෙර භවයේ කොතැනක හෝ (ටෙලිනාට්‍ය තේමා ගීත) හුස්මේ පවා නවතම ගීතය සමඟ ගීත 15 ක් ගයනා කර ඇත.
සුසැදුණු වාසනාව ටෙලිනාට්‍යයේ තේමා ගීත ගායනයටද මේවන විට එක් වී ඇත.
zapnara නම් වූ ඇයගේ යූ ටියුබ් නාළිකාව හරහා ඇයගේම නවතම ගීතය සමඟ ස්වතන්ත්‍ර ගීත ශ්‍රවණය කිරිමට ඉඩකඩ සලසා ඇත.