33
ප්‍රවීණ සංගීතඥ, දිවංගත ලයනල් අල්ගම සූරීන්ගේ 90 වැනි ජන්ම දින අනුස්මරණය සහ තර්ස්ටන් විද්‍යාලයීය 75 වැනි වජ්‍ර ජයන්තියට සමගාමීව ‘සඳකත් පිනිදිය’ සංගීත සැඳෑව පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
තර්ස්ටන් විද්‍යාලයීය පාසැල් සංවර්ධන සංගමයේ දායකත්වය ඇතිව සංවිධානය කරනු ලැබූ මෙම සංගීත සැදෑව ප්‍රවීණ ගායක ගායිකාවන් සමඟ තර්ස්ටන් විද්‍යාලයීය සෞන්දර්ය අංශයේ සිසු දරුවන්ගේ සුමියුරු ගායනයෙන් සහ නර්තනයෙන් ප්‍රසංගය වර්ණවත් වූ අතර සඳකත් පිනිදිය සංගීත සැඳෑව විද්‍යාලයීය සංගීත ආචාර්ය ලයනල් බණ්ඩාර මහතාගේ සංකල්පයකි.