නිවස ලාංකිය සිනමාව සත්්‍යයේ ගවේෂණය

සත්්‍යයේ ගවේෂණය

by Thanushika
August 15, 2024 10:59 am 0 comment

හේමන්ත ප්‍රසාද් සිය සහජ කලා කෞශල්‍යයන් විශාල පරාසයක පතුරුවා හල සුවිශේෂී නිර්මාණකරුවෙකි. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, කෙටි චිත්‍රපට හා වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, රංගන ශිල්පියෙක්, තිර පිටපත් රචකයෙක්, ග්‍රන්ථ කතුවරයෙක්, ගීත රචකයෙක් සහ ගීත රූප රචකයෙක්, නිෂ්පාදකවරයෙක් වැනි විවිධ භූමිකාවන්හි නිරත වන ඔහු වේදිකා නාට්‍ය 25කට පමණ සිය රංගන දායකත්වය එක්කොට ඇත. සොක්කානෝ රජානෝ, භීම භූමි, මල්සර බිසව්, ලෝරන්ස්ගේ මනමාලි හා දෙනුවර දෙන්නෙක් ඉන් කිහිපයකි. ගල් පිළිම සහ බොල් පිළිම, ඉන්ගම්මාරුව, පාන් බට්ටා, ටිකිරි නිලමේ, මිහිකතගේ දරුවෝ සහ කළු සෙවණැල්ල ඇතුළු ටෙලි නාට්‍ය 15කට පමණ රංගනයෙන් දායකව ඇති ඔහු, රෂෝමොන් සහ මල්සර බිසව් නමින් වේදිකා නාට්‍ය ද්විත්වයක් නිර්මාණය කර වේදිකා ගත කර ඇත. ලයිලා මජ්නු සංගීතමය වේදිකා නාට්‍යයද ඔහුගේ නිර්මාණයකි. මායම් කිරිල්ලී ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ටෙලි චිත්‍රපටයකි. ඔහු තිරපිටපත් රචනයෙන් දායක වූ ජනප්‍රිය නිර්මාණ අතර භාර්යාවෝ සහ දිය මත ලියමි ටෙලි නාට්‍ය ද, ජූලි හතයි, උලලේනි යන චිත්‍රපට ද, ලෝරන්ස්ගේ මනමාලි හා මල්සර බිසව් යන වේදිකා නාට්‍ය ද විශේෂිත වේ. ඔහු රඟපෑ මුහුදු දරුවෝ වේදිකා නාට්‍ය ස්කොට්ලන්තයේ පැවති නාට්‍ය උළෙලකදී හොඳම නාට්‍ය ලෙසට සම්මානයට පාත්‍ර විය. 2019 වසරේදී තිරගත වූ උලලේනි ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය වේ.

සිය බිරිඳ වූ නදී සහ කුඩා පුතණුවන් සමගින් යහපත් දිවියකට සිහින මවන සේනක, වියළි කලාපයේ ගම්මානයක වෙසෙනා 33 වියැති ගැමියෙකි. ගොවිතැනට අමතරව ත්‍රීවීලයක් පදවමින් අතිරේක ආදායමක් ලබා ගැනීමට ඔහු වෙහෙසෙයි. සිය බිරිඳ මඳ අසනීපෙන් පෙළෙන දවසක, නගරයේ ත්‍රීවිල් නැවතුමේ සිට සේනකට බිරිඳගේ අසනීප තත්ත්වය උස්සන්න වී ඇති බවට ලද පණිවිඩයක් අනුව කලබලයෙන් නිවස බලා යන සේනක අතරමගදී අනතුරකට පත්වෙයි. ප්‍රමාද වී නිවසට යන විට සිය බිරිඳ මියගොස් ඇති බව දැන මහත් කම්පනයට පත්වෙයි. මව් සෙනෙහස අහිමි වූ කුඩා පුතු හදා වඩා ගන්නා සේනක, තමාගෙත් දරුවාගෙත් ජීවිත යහපත් කර දෙන ලෙස දෙවියන් යදියි. අතොරක් නොමැති කරදර රැසකට මුහුණ දෙන සේනක දිනක් ළිඳකට වැටී මිය ගොස් සිටි තම ප්‍රාණය වන් එකම පුතණුවන් දැක වියරු වැටීමට ආසන්න තත්ත්වයට පත්වෙයි. සිය දිවිය ගැන කලකිරෙන ඔහු සියදිවි නසා ගැනීමේ අරමුණින් දෙවියන්ට ශාප කරමින් වනාන්තරයකට පිවිසෙයි. එක් නිමේෂයකදී ආශ්චර්යාත්මක ලෙසින් සුවිශේෂ වූ දීප්තිමත් ආලෝකයක් සමගින් දෙවියන් ඔහු අමතනු ඇසෙයි. ඔහු දෙවියන් හා වාදයක යෙදෙයි. සිදුවූ අවාසනාවන්ත සිදුවීම් සිදුවූයේ ඔහුගේ වරදකින් නොව තම ආදිතමයන්ගේ වරදින් බව දෙවියන් ඔහුට පහදා දෙයි. ඉන් අනතුරුව අතීත සිදුවීම් පෙළක් පුනරාවර්තනය වීමට පටන් ගනියි. සේනකට තම සමීපතමයින් අහිමි වූයේ කාගේ වරදින්ද යන වග පසුවදී ඔහුට පසක් වෙයි.

රංගන දායකත්වය

චමීර ලියනගේ, සංජීව උපේන්ද්‍ර, සංජීව දිසානායක, සුජානි මධුවන්ති, උදේනි අල්විස්, චමින්ද බටුකොටුව, සුපුන් මධුරංග, නදීෂානි වැලිවිට, නෙල්සන් ප්‍රනාන්දු, ප්‍රභා සඳශීලි, චින්තක විමලසිංහ, චින්තක ආරියවංශ, ජීවන්ති පෙරේරා, සශිත් හර්ෂණ, සුදත් ප්‍රියන්ත, සුවින් සස්විඳු, චනුල්ය ආකාශ්මිත, හංසි ගමගේ, රොවෙල් කොතලාවල, දිලුමින අබේපිටිය, නවෝද චංචල, කසුන් ලක්ෂිත, නිලන්දිකා මකුළුකොටුන්න, නිලන්ති හීන්දෙනිය

කාර්මික දායකත්වය

තිර රචනය, දෙබස් සහ අධ්‍යක්ෂණය – හේමන්ත ප්‍රසාද්

නිෂ්පාදනය – නෙල්සන් ප්‍රනාන්දු / හේමන්ත ප්‍රසාද්

කතා සංකල්පය – නෙල්සන් ප්‍රනාන්දු (සත්‍ය සිදුවීමක් ඇසුරිනි)

කැමරා අධ්‍යක්ෂණය – පුෂ්පිත නිර්මාල්

සංස්කරණය සහ වර්ණ සංයෝජනය – තනුෂ්ක කහඳවල

කලා අධ්‍යක්ෂණය – දිනේශ් ජයශාන්ත

අංග රචනය – සුමේධ හේවාවිතාරණ

සහය – ජීවන්ති පෙරේරාච

සහය කලා අධ්‍යක්ෂණය – තුෂාර පතිරාජ, තිසර අපොන්සු

සහය අධ්‍යක්ෂණය – සොඳුරු ලොකුපෝතාගම

ශබ්ද සැකසුම සහ දෘශ්‍ය ප්‍රයෝග – තනුෂ්ක කහඳවල

සංගීත අධ්‍යක්ෂණය, ගීතනු නිර්මාණය සහ ගායනය – දිනිත් අභිෂේක්

ගී පද රචනය – සුජිත් ප්‍රසංග

නිෂ්පාදන කැමරාකරණය – කවීන්ද්‍ර ගංගීත් චන්ද්‍රතිලක

විධායක නිෂ්පාදනය – රන්ජන් ප්‍රසන්න

රංග වස්ත්‍ර නිර්මාණය – ප්‍රසන්න කුමාරගේ

නිශ්චල ඡායාරූපකරණය – සංඛ රණවීර

දෙවන සහය අධ්‍යක්ෂණය – රවිශංක ගමගේ

සහය කැමරා ශිල්පීන් – රශ්මිත නයනාංජන, ශිහාල් වීරසේකර

ආලෝකකරණ ශිල්පීන් – චින්තක නිරෝෂ් කුමාර, පී.කේ.එස්. සම්පත්

දෙබස් පටිගත කිරීම – නිපුණ ශ්‍රී මනෝද්‍ය

නිෂ්පාදන කළමනාකරණ සහය – හරිස්චන්ද්‍ර දිවාකර, මයිකල් විජේකුමාර

ප්‍රවාහන සහය – ශාමින්ද පෙරේරා, චානුක ජයලත්, සංජීව නිශාන්ත, තිළිණ නෙත්මිණ

 

[email protected]

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT