නිවස ලාංකිය සිනමාව සංසාරගත ආදරයේ රිද්මය

සංසාරගත ආදරයේ රිද්මය

SHADOW

by Thanushika
September 19, 2024 10:06 am 0 comment

භූ විද්‍යා මහාචාර්යවරයකු වන “ජයනාත්” ජීවන මඟේ මැදි වයසේ පසුවන්නෙකි. ඔහු “සෑම්” නමැති ඔහුගේ සම වයසේ මිතුරෙකු සමඟින් ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නගරයේ ජීවත් වෙයි. මීට කලකට ඉහතදී තම තරුණ බිරිඳ සහ එකම පුතු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සොවින් යුතුව ඔහු කාලය ගත කරයි. හුදෙකලාව ප්‍රිය කරන ඔහුට දිනක් අහඹු ලෙස අසල්වාසී දරුවෙකු වූ “චන්දු” ව හඳුනාගැනීමට හැකිවීමත් සමඟම ජයනාත්ට තම එකම දරුවාගේ අතීතය ආවර්ජනය වෙයි. ඒ නිසාම ඔහු චන්දුට බොහෝ සෙයින් ළෙන්ගතු වෙයි. මේ අතරතුරදී ජයනාත් තම මිතුරා වන සෑම් සමඟින් තමන් අතීතයේදී ජීවත් වූ කූබර් පෙඩි නගරයට යෑමට සූදානම් වනුයේ, තම බිරිඳගේ මරණ සංවත්සරය සැමරීම සඳහාය. මේ ගමන සඳහා, සිය මවුපියන්ගේ අවසරය මත චන්දු ද සහභාගි වෙයි. මෙය චන්දුට ඉතා විනෝදකාමී ගමනක් වන අතර, ඔහුට කූබර් පෙඩි හී වෙසෙන සිය මිතුරෙකු මාර්ගයෙන් විශූ නමැති තරුණයෙකුව හඳුනා ගැනීමට හැකිවේ. තම බිරිඳගේ සොහොන ආසන්නයට යන ජයනාත් දකින්නේ ඔහුට ප්‍රථම කවුරුන් හෝ එම සොහොන මත මල් කළඹක් තබා ඇති ආකාරයයි. කාලය ගතවන අතර චන්දු හා විශූ සමීප මිතුරන් බවට පත්වෙති. විශූ යනු, ජයනාත්ගේ මිය ගියා යයි සිතනු ලබන පුතු බවට සැකයක් චන්දු තුළ මෝදු වේ. අවසානයේ කෙබඳු වේද යනු “ෂැඩෝ” ඔබට පවසනු ඇත.

කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා සහ ආනන්ද විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාල ආචාර්ය චාලක ජයසිංහ පාසල් අවධියේ සිටම හඬකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත. පසු කලක ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගිය ඔහු එහි සිඩ්නි නුවර ෆෝකස් චිත්‍රාගාරයට සම්බන්ධ වී චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පිළිබඳ පුළුල් හැදෑරීමක නිරතවීමෙන් අනතුරුව 3ක් නමින් චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරමින් ඒ මඟින් ළා රෝස පාට, දෙවන වරම, පමා වී ආ වසන්තය සහ නොපෙනෙන අනන්තය වැනි ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කරමින් නිෂ්පානය කිරීමට කටුයුතු කර ඇත. එරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට ද සම්බන්ධ වෙමින් සිකුරු නමින් මෙරට නළු නිළියන් යොදා ගනිමින් වේදිකා නාට්‍යයක් ද නිර්මාණය කර ඇත. කෙටි චිත්‍රපට රැසක් නිර්මාණය කර ඇති ඔහුගේ පළමුවන වෘත්තාන්ත සිනමා නිර්මාණයයි ෂැඩෝ සිනමා සිත්තම. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද ගඟුලක ගිනියම සිනමා පටය ඉදිරියේ දී මෙරට තිරගත වීමට නියමිතව ඇත. ෂැඩෝ සිනමා සිත්තම සම්පූර්ණයෙන්ම ඕස්ටේ‍්‍රලියාවේ මනරම් දර්ශන තලයන් හිදී රූගත කළ නිර්මාණයකි.

රංගන දායකත්වය

බුද්ධදාස විතානආරච්චි, වසන්ත විට්ටච්චි, කුසල් මධුරංග, නයනතාරා වික්‍රමආරච්චි, චන්දු ජයසිංහ, ප්‍රදීප් මානවඩුගේ, චාලක ජයසිංහ, ගයනි ජයරත්න, හරින්ත ප්‍රනාන්දු, කුසල් හෙන්නාදිගේ, විජිත හිඳුරංගල, ළහිරු රාජපක්ෂ, දිලූෂ ප්‍රනාන්දු, බර්ට්‍රම් ඩයස්, පුබුදිනී ගමගේ, පුලස්ති තලගල, දේශප්‍රිය තලගල, සන්දීප් හෙට්ටිආරච්චි, අසංක හෙන්නාදිගේ

කාර්මික දායකත්වය

කතාව සහ අධ්‍යක්ෂණය – ආචාර්ය චාලක ජයසිංහ

නිෂ්පාදනය – ශානිකා ජයසිංහ

තිර රචනය – ධම්මික පීරිස්, ප්‍රදීප් මානවඩුගේ

කැමරා අධ්‍යක්ෂණය – මංජුල සූරිය ආරච්චි

සංස්කරණය සහ වර්ණ සංයෝජන ශබ්ද සැලසුම – තනුෂ්ක කහඳවල

සහය අධ්‍යක්ෂණය – ප්‍රදීප් මානවඩුගේ, අමිත් සුරංග

අංග රචනය – වසන්ත විට්ටච්චි

සහය – හර්ෂණ විජේමාල්

කලා අධ්‍යක්ෂණය – හරීන්ත ප්‍රනාන්දු

සහය – හර්ෂණී විජේමාල්

ඇඳුම් නිර්මාණය – ශානිකා ජයසිංහ

නිෂ්පාදන කළමනාකරණය – ළහිරු රාජපක්ෂ

නිෂ්පාදන සැලසුම – රංජිත් කළුවැල්ල

සම්බන්ධීකරණ සහය – ශ්‍රීමජී ඉෂාද ජයතිලක

පසුබිම් සංගීත අධ්‍යක්ෂණය -ලස්සන ජයසේකර

ගී තනු නිර්මාණය – තිළිණ තාරක

පද රචනය – ජානක සීරිවර්ධන

ගීත ගායනය – කල්පනා කාවින්දි

කාර්මික ශිල්පීන් – ප්‍රබුද්ධ මිස්සක, දේශප්‍රිය තලගල, සුරංග මාකේවිට, තුෂාර කන්නංගර

කැමරා සහය – අමිත් සුරංග

5.1 සෙරවුන්ඩ් සවුන්ඩ් මිශ්‍රණය – තනුෂ්ක කහඳවල

ශබ්ද ප්‍රයෝග නිර්මාණය – ජනිත් සෙරංග

උපසිරැසි – සම්පත් උදයංග

පසුබිම් හඬ – රුවින් රෝචන, කල්පනා කාවින්දි, සඳසි මෙත්මන්ති

 

[email protected]

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT