නිවස කළා පුවත් ‘සංස්කාර’ අද TNL සුපී‍්‍රම් නාලිකාවෙන්

‘සංස්කාර’ අද TNL සුපී‍්‍රම් නාලිකාවෙන්

by Thanushika
October 17, 2024 12:30 am 0 comment

නොයෙල් ජයමහ කතාව, දෙබස් තිර රචනය, අධ්‍යක්ෂණය කරන සංසාර වන්දනා පෝය නාට්‍යය මාලාවේ ප්‍රථම කථාංගය ‘සංස්කාර’ අද 17 වැනි වප් පොහෝ දින ප.ව 4.00 ට TNL සුපී‍්‍රම් නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.

කුමාරි මුණසිංහ, රොහාන් රණතුංග, කුමාරි දිසානායක, රසංගිකා අබේරත්න ආසිරි ප්‍රියංග, සුජීව සමන්, තුශානි නිෂාකුමරි, ලලිත් ලොකු බණ්ඩා, මෙත්තානන්ද විතානගේ, සරත් පතිරණ, ඩී.සී සමරනායක, තිලක්ෂී ශෙහාරා රංගනයෙන් දායක වෙති.

නිෂ්පාදනය කුමාරි දිසානායක සහ ලලිත් ලොකුබණ්ඩාගෙනි. කැමරා අධ්‍යක්ෂණය මංජුල සූරියාරච්චි, සංස්කරණය හා වර්ණ සංයෝජනය දිනාල් නිරන්ජන, කලා අධ්‍යක්ෂණ බන්දුල වීරසේකර, අංග රචනය යශ් කේ. නුවන්සිරි, සහාය අධ්‍යක්ෂණය, තරංග ඉලාංකොන්, අරවින්ද සේනාධීර, සංගීත අධ්‍යක්ෂණය අනුරාධ අබේසිංහ, පසුබිම් සංගීතය රෝහිත කුමාර සහ විකුම් ප්‍රභාෂ්, නිෂ්පාදන කළමනාකරණය මෙත්තානන්ද විතානගේ, අධීක්ෂණය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ගාමිණී හේවාවිතාරණ, ගීත ගායනය විශාරද චන්ද්‍රා කල්‍යාණි ජයවිරගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT