නිවස ලාංකිය සිනමාව සංචාරයක අනපේක්ෂිත ගමනාන්තය

සංචාරයක අනපේක්ෂිත ගමනාන්තය

by Mahesh
October 10, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට නතු වූ පාරාදීසයක් බව නොරහසකි. මෙරට අසිරිය පමණක් නොව සිංහල මිනිසුන්ගේ ආගන්තුක සත්කාරයද ඔවුන්ගේ නොමද පැසසුමට ලක්විය. එනමුදු ඉඳ හිට හෝ විදේශිකයන් අකරතැබ්බයනට මුහුණ දුන් අවස්ථා නැතිවාම නොවේ. මෙරටට පැමිණි නෙදර්ලන්ත ජාතික මහාචාර්ය ග්ලෙන්ඩෝෆ්ට ද සිදුවූයේ එවැන්නකි. එය ඔහුට බිහිසුණු අත්දැකීමක් විය.සංචාරය කිරීමේ අරමුණද සහිතව යම් පරීක්ෂණයක් සඳහා මෙරටට පැමිණි ඔහු කුලී රථයකින් ඔහුගේ ගමනාන්තය බලා පිටත්ව යයි. ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මෙරට යම් කණ්ඩායමක් රැඳී සිටින බව ඔහු දැන සිටියේ නැත. අතරමඟදී නාදුනන මැර පිරිසක් රැඳී සිටින බව ඔහු දැන සිටියේ නැත. අතරමඟදී නාඳුනන මැර පිරිසක් ඔහුව පැහැරගන්නා අතර, ඔවුන්ගේ මිදී දිව යන ඔහු ඇතුළු වන්නේ වන සතුන් ගහණ විශාල වනාන්තරයක් වෙතයි. රූස්ස කැලයේ අතරමංව පාර සොයා යන ඔහුට වනය මායිමේ පුංචි පාරක පැමිණෙන වාහනයක් දැක එය නවතා එයට ගොඩ වෙයි. එහි රියදුරු වූ ආතර්ට සුද්දා පවසන මෙලෝ දෙයක් නොතේරේ. ඔහු සුද්දාව ඔහුගේ ගෙදරට එක්ක යයි. ආතර්ගෙ බිරිඳ විදේශ ගතව නැවත පැමිණ නැත. නිවසේ සිටින්නේ ආතර්ගේ පොඩි පුතු, සොයුරිය හා මස්සිනා පමණි. පොඩි එකා මහාචාර්යවරයාට සුද්දා අංකල් කියා ආමන්ත්‍රණය කරයි. සුද්දා ගමේ කෑමට, ඇළේ දොළේ නෑමටහුරු වෙයි.මැරකණ්ඩායම මහාචාර්යවරයා සෙවීමේ මෙහෙයුම නවතා නැත. මහාචාර්යවරයා පැහැර ගැනීමේ අරමුණු කුමක් විය හැකිද? දරුවාගේ සහ මහාචාර්යවරයාගේ අපූර්ව මිත්‍රත්වය කුමන අයුරින් කෙළවර වේද යනු “බෆලෝ ට්‍රැවල්ස්” නැරඹීමෙන් විසඳා ගත හැකි වනු ඇත.

හෙළ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතාගේ පුත් දම්මිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ “බෆලෝ ට්‍රැවල්ස්” ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. ජානමය රංගන හැකියාව සහිතව උපන් ඔහු, ප්‍රථමයෙන් රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂකයා අතරට පැමිණියේ, 1980 වසරේ තිරගත වූ මයුරිගේ කතාව සිනමා පටයෙනි. ඉන් අනතුරුව චණ්ඩි රැජිණ, එකදා වැහි, නොමියෙන මිනිසුන්, වාසනාවේවා, ඉර හඳ ඉල්ලා, චණ්ඩියාගේ පුතා, දළු ලන ගිනි, රත්තරන් මල්ලි, හිත හොඳ නම් වරදින්නේනෑ, හිත හොඳ ගැහැනියක්, පුනරුත්පත්තිය,රාගිනි, සතුටයි කිරුළ අපේ, කෙසේරා ඇතුළු චිත්‍රපට 25කට පමණ රංගනයෙන් දායකව ඇති අතර, 1995 වසරේ පැවති සරසවිය සිනමා සම්මාන උළෙලේදී රංගනය වෙනුවෙන් නොමියෙන මිනිසුන් සහ එකදා වැහි චිත්‍රපටය සඳහා නිර්දේශ විය. එහිදී එකදා වැහි රංගනය වෙනුවෙන් හොඳම නවක නළුවා සම්මානය හිමිකරගන්නා ලදී. 2014 වසරේ තිරගත වූ කේසේරා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දෙරණ සිනමා සම්මාන උළෙලේදී, ප්‍රතිවීර චරිත නිරූපණය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. පුංචි තිරය ඔස්සේ විකාශනය වූ ”උදාගිර” සහ ”සසල රුව” ටෙලි නාට්‍ය ද්විත්වයෙහිද ඔහු රංගනයෙන් දායකව ඇත.

රංගන දායකත්වය
බන්දු සමරසිංහ, ජෝර්ජ් ග්ලෙන්ඩොර්ෆ්, මහේන්ද්‍ර පෙරේරා, වීනා ජයකොඩි, ධම්මිත් ෆොන්සේකා, දිලුක්ෂි වීරප්පෙරුම, නවීන් සෞම්‍ය (ළමා), රොනී ලිච්, ශ්‍රියා කළුබෝවිල, ප්‍රියංකර පෙරේරා, කාංචන
සමරසිංහ, චාමිකර බොකරිගොඩ, පරාක්‍රම ජයසිංහ, කුමාර්ද සිල්වා, ඉසුරු ෆොන්සේකා, වසන්ත අදිකාරිනායක, සමන්ත කේ.පතිරණ, දමිත් චන්දන, එන්.චාන්දනී මල්ලිකා, යදේශ් ජයසූරිය,අන්ක් ග්ලෙන්ඩොර්ෆ්,ඩේව් වැන් ගැරට්, හැරියට් කුවිබ්ස්, ඩේසි වයිට්, චතුරිකා පෙරේර, දිමුතු චින්තන, මයුර මහේෂ්, ධනංජය රාජපක්, රංග රතුවිතාන, සදිරේඛා වීරසිංහ, ෂලනි තලාශා

කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය – දම්මිත් ෆොන්සේකා
කතා රචනය – රාජ් රණසිංහ
තිර රචනය සහ සහය අධ්‍යක්ෂණය – නිශාන්ත වීරසිංහ
කැමරා අධ්‍යක්ෂණය -රාජා සයියද්
සංස්කරණය – අජිත් රාමනායක
වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
කලා අධ්‍යක්ෂණය – සුනිත් නන්දලාල්
අංග රචනය – ඩී.ජයතිස්ස
සංගීත අධ්‍යක්ෂණය – නිසල් ගංගොඩගෙ
ගිීතනු නිර්මාණය – නිසල් ගංගොඩග, ලෙළුම් රත්නායක
ගීත පද රචනය – වජිර ජයවර්ධන, හෙක්ටර් විජයසිරි, නිලාර් එන් කාසිම්
ගීත ගායන – බන්දු සමරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, ලෙලුම් රත්නායක
කැමරාකරණය – ජී.නන්දසේන
කැමරා සහාය – සඳරුවන් ජයතිලක, චානක සේනාධීර
කැමරා ෆෝකස් පුලර් – චන්දන තන්ෂික මාධවවික්‍රම
දෙවන කැමරා ඒකක සිසිකිරන පරණවිතාන සහය – අමිල චන්දන
ආලෝකකරණය – නයන බන්දුසේන
ආලෝකකරණ සහය – සුසන්ත කුරුව්ට,සුමිත් සුරංග, පැතුම් ගමගේ,
ඇදුම් නිර්මාණය – වින්දසා ෆොන්සේකා ,සුනිත් නන්දලාල්
ශබ්ද සැකසුම – සසික රුවන් මාරසිංහ
නර්තන වින්‍යාසය – (මොනරියෝ) චන්න විජේවර්ධන
කොන්ඩා මෝස්තර – සමිතා දිල්රුක්ෂි,(රමණි ප්‍රනාන්දු රූපලාවණ්‍යාගාරය)
නිශ්චල ඡායාරූප – ඊ තිරූ සෙල්වම්
කලා අධ්‍යක්ෂණ සහාය – ටී.කේ සමරතුංග, ප්‍රදීප් උදය කුමාර
කැමරා සහ උපකරණ – ෆයින් විෂන්,මධූ වැලිවිට
සංස්කරණ සහය – අමිල රණවීර
උපසිරැසි (ඉංග්‍රීසි) – වින්ද්‍යා ෆොන්සේකා

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT