නිවස කළා පුවත් ශේෂට අන්තර්ජාතික සම්මානයක්

ශේෂට අන්තර්ජාතික සම්මානයක්

by Thanushika
June 20, 2024 12:30 am 0 comment

ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කළ සමන්ත කුමාර ගමගේ පළමු සිනමා තිර රචනය වූ ‘ශේෂ’ සිනමා පටය Cannes worid film festival හි නර්තන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස පසුගිය දින සම්මානයට පාත්‍ර විය.

චන්දන වික්‍රමසිංහ, උමාලී තිලකරත්න, යොහාන් ජේස්, මල්කාන්ති ජයසිංහ, සමන්ත කුමාර ගමගේ, නලින් ප්‍රදීප් උඩවෙල,තිළිණ ද සිල්වා, සමීර ලක්ෂාන්,ජයන්ත මුතු තන්ත්‍රී, පද්මසිරි හේරත් රංගනයෙන් එක් වෙති.

කැමරා අධ්‍යක්ෂණය චින්තක බණ්ඩාර, සංස්කරණය ගීෂා හරිත බැද්දගේ, සංගීත අධ්‍යක්ෂණය ගයත්‍රි කේමදාස, නර්තන වින්‍යාසය රවිබන්දු විද්‍යාපති, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, වේශ නිරූපණය සානක විරාජ දසනායක,කලා අධ්‍යක්ෂණය දිනේෂ් ජයන්ත, ගීත ගායනය මංගල සම්පත්, ගෙවීන් අභිෂේක්, මධු භාෂිණි කිරිඇල්ල, දිලනි වැලිවිටිගොඩ, නිෂ්පාදනය Cineizuගෙනි.මෙම සිනමා පටය ජූලි මාසයේ මාධ්‍ය දර්ශනය පැවැත්වෙන අතර මෙම වසරේ අග හෝ එළඹෙන වසරේ මුල් කාර්තුවේ තිරගත වීමට නියමිතය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT