නිවස කළා පුවත් ශ්‍රී සිද්ධා 18 වැනිදා තිරයට

ශ්‍රී සිද්ධා 18 වැනිදා තිරයට

by Thanushika
October 10, 2024 12:30 am 0 comment

ගාමණී සිනමා පටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසී ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ දෙවැනි සිනමා සම්ප්‍රාප්තිය වන පනාකඩුව තඹසන්නස සත්‍ය කතාව අලළා නිර්මාණය කළ ශ්‍රී සිද්ධා සිනමා පටය මාධ්‍ය දර්ශනය සහ විශේෂ සිනමා දැක්ම පසුගිය දින කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරා පැවැත්විණි. ආචාර්ය ගුණපාල රත්නසේකර, මාලිකා ජයසූරිය සමඟ තුසිත විජේසිංහගේ නිෂ්පාදනයක් වන ශ්‍රී සිද්ධා එළඹෙන 18 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරඹේ.

රිටිගල සුමේධ, ජගත් චමිල, පබෝදා සන්දිපනි, බුද්ධික ජයරත්න, දිනෙත් ද සිල්වා, උදාරි වර්ණකුලසූරිය, උදේනි අල්විස්, ගීතා කාන්ති ජයකොඩි, කුමාර තිරිමාදුර, වසන්ත විට්ටචි, දමිතා අබේරත්න, මෙලනි අශෝකා, සචිත්‍ර වීරසේකර, කුමාර කරුණානන්ද, රුවන් වික්‍රමසිංහ, රජිත රොද්‍රිගු සමඟ ජනිදු චමත් කුමාර රංගනයෙන් එක්වෙති. තිර රචනය, ගීත රචනය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, කැමරා අධ්‍යක්ෂණය, චන්දන ජයසිංහ, සංස්කරණය, ප්‍රවීන් ජයරත්න, සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුබසිංහ, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, වස්ත්‍රාභරණ නිර්මාණය, කුමාර කරව්දෙනිය, සටන් අධ්‍යක්ෂණය රිටිගල සුමේධ, නිෂ්පාදන කළමනාකරණය, නිමල් විජේසිරි සේනාධීර, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, ගායනා සමන් ලෙනින්, විරාජ් භාතිය, මීනා ප්‍රසාදිනි, ඡායාරූප ධම්මික පතිරණගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT