නිවස කළා පුවත් ශ්‍රී ලාංකේය චිත්‍රපට නාමාවලිය (1925-2024) ජනගත කරයි

ශ්‍රී ලාංකේය චිත්‍රපට නාමාවලිය (1925-2024) ජනගත කරයි

by Thanushika
September 19, 2024 12:30 am 0 comment

1925 සිට 2024 දක්වා මෙරට ජාතික චිත්‍රපට ප්‍රදර්ශනය ආවරණය කරමින් සම්පාදිත ශ්‍රී ලාංකේය චිත්‍රපට නාමාවලිය එළිදකී. එහි පුරා වසර 99 ක් තුළ තිරගත සියලූම ප්‍රමාණයේ හා වර්ගයේ චිත්‍රපට ප්‍රදර්ශිත අනූ පිළිවෙළට පෙළ ගස්වා තිබේ. අතිරේක ප්‍රදර්ශනයෙන් තොරව සිනමා හල්වල ඒකීය වශයෙන් පෙන්නූ වර්තාමය, වෘත්තාන්තයන්ද, අන්තර්ගතය. චිත්‍රපට නාමය, ප්‍රදර්ශිත දිනය, අධ්‍යක්ෂකවරයා පමණක් සඳහන් වන ශ්‍රී ලාංකීය චිත්‍රපට නාමාවලිය කෙටි සටහනක් මඟින් චිත්‍රපට වර්ගය දක්වා ඇත.එහි ඇතුළත් චිත්‍රපට රූප පත්‍ර Films posters R අතරින් අබල දුබල ඉරී ගිය කඩවුණු පොරොන්දුව ඇතුළු තවත් කිහිපයක් ඩිජිටල් ඡායාරූප සංස්කරණ තාක්ෂණයෙන් යථා තත්ත්වයට පත් කොට තිබීම විශේෂත්වයකි. රනිල් ඇල්විටිගලගේ කවර නිර්මාණයෙන් සැරසුණු ශ්‍රී ලාංකික චිත්‍රපට නාමාවලිය ප්‍රවීණ සිනමා විත්ති විචාරක රූපසේන සිල්වාගේ සම්පාදනයකි. මෙම ග්‍රන්ථය සේරී ප්‍රකාශනයක් ලෙස ජනගත කෙරිණි. පාඨකයන්ට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මෙය විශේෂ වට්ටමකට මිලදී ගත හැකිය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT