නිවස කළා පුවත් ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා හවුල් නිෂ්පාදනයක් වන Front Page Wedding වැඩ ඇරැඹේ

ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා හවුල් නිෂ්පාදනයක් වන Front Page Wedding වැඩ ඇරැඹේ

by Thanushika
June 13, 2024 12:30 am 0 comment

Front page wedding චිත්‍රපටයේ මුහුරත් උලළෙ පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.ක්‍රිෂාන්ත ⁣ශුරිත් තිර රචනය හා අධ්‍යක්ෂණය හා නිෂ්පාදනයටද එක්වෙමින් ඔහුගේ කුලුඳුල් නිර්මාණය වන Front page wedding මුහුරත් උලෙළ එයට සම්බන්ධ වන ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානු කාර්මික ශිල්පීන් හා රංගන ශිල්පීන් එක්ව පැවැත්වීම විශේෂත්වයකි. ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය වන මෙම සිනමා පටය සඳහා මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, දමයන්ති ෆොන්සේකා, නිල්මිණී සිගේරා, යශෝධා විමලධර්ම, විල්සන් ගුණරත්න, උමා අසේනි, දිනිති වල්ගම, විශ්වා විජේසූරිය, සමඟ ඕස්ට්‍රේලියානු ශිල්පීන් වන Hugh sheridan,Sarah Bishop, Mathias Klaver,Vicky Gard, Tzu Shan Chambers රංගනයෙන් එක් වෙති.

තිර රචනය සහ අධ්‍යක්ෂණය ක්‍රිෂාන්ත සුරිත් ප්‍රනාන්දු, විධායක නිෂ්පාදනය චන්ද්‍රන් රත්නම්, රේඛීය නිෂ්පාදනය ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, කැමරා අධ්‍යක්ෂණය Susan Lumsdon (Australian) කලා අධ්‍යක්ෂණය ජනක ප්‍රසාද්, වේශ නිරූපණය රංජිත් වික්‍රමසිංහ, ඇඳුම් නිර්මාණය සංඛද සිල්වා, ශබ්ද ඉංජිනේරු ලාල් දිසානායක, සංගීත සංයෝජනය KenLappen, සංගීත අධ්‍යක්ෂණය ජූඩ් පීරිස්, නර්තන වින්‍යාසය චන්න විජේවර්ධන සමඟ Reiner Behr (German) කොණ්ඩා මෝස්තර සැකසුම් ලලිත් ධර්මවර්ධන, නිෂ්පාදන විධායක උපාලි ආරියසිරි, නිෂ්පාදන සැලසුම් අනූජ මධුශංක, නිෂ්පාදන සම්බන්ධීකරණය සරත් විජේසේකර සහාය අධ්‍යක්ෂණය Dilfer Farook දර්ශන තල කළමනාකරණය රන්ජන් ප්‍රසන්න ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT