Home » ශ්‍රී ලංකා – පකිස්තාන සිනමා හමුව

ශ්‍රී ලංකා – පකිස්තාන සිනමා හමුව

by Thanushika
April 10, 2025 12:25 am 0 comment

පකිස්තාන මහකොමසාරිස් කාර්‍යාලයේ නියෝජිත අදීල් සත්තාර් (මාධ්‍ය, සංස්කෘතික සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ ප්‍රධානී) සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව අතර හමුවක් පසුගිය දා පැවැත්විණි.

එහිදී සිනමාව සංස්කෘතිය යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සබඳතා වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MOU) ස්ථාපිත කිරීමේ හැකියාව කෙරෙහි මූලික අවධානය යොමු කෙරිණ. තවද මෙම වර්ෂයේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත 2025 පකිස්තාන චිත්‍රපට උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සාකච්ඡා කොට ඇත. ඊට සමගාමීව පකිස්තානු සිනමාව පිළිබඳ අධ්‍යාපන වැඩමුළුවක් පැවැත්වීම කෙරෙහි අදහස් හුවමාරු වී ඇත.

මෙම යෝජිත චිත්‍රපට උළෙල කොළඹින් බැහැර අනෙකුත් පළාත්වල ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා – පකිස්තාන සිනමා හමුවේ ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමයි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT