ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 75 වැනි සංවත්සර සැමරුම් උලෙළ සහ 21 වැනි ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය ජුලි 05, 06 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ පිළිබඳ මේ සංගමයේ සභාපති ශාන්ත ගුණරත්න සහ එහි ප්‍රදර්ශන අධ්‍යක්ෂ, චාමර රණතුංග විසින් දක්වන ලද අදහස් මූලික කරගනිමින් මේ ලිපිය සැකසිණි.
ශශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ආරම්භය වසර 75ක් තරම් ඈත අතීතයට දිවයයි. ඒ තරම් අතීතයකට දිව යන මේ සංගමයේ ආරම්භය පිළිබඳ පළමුව අපට පැවසුවේ එහි සභාපති ශාන්ත ගුණරත්නයන්.
“ඒ 1950 වසරේදි සංගමය ආරම්භ වන ප්‍රධාන කරුණ වන්නේ ඡායාරූප ශිල්පය දැයේ දූ දරුවන්ට ස්වභාෂාවෙන් ඉගැන්වීමේ අවකාශ විවර කිරීමයි. ඒ ඡායාරූප අධ්‍යාපනය ඉගැන්වීමේ සඳහා වූ පළමු පියවර තබන්නේ 1961 ජූනි 3 වැනිදා කොළඹ සංඝරාජ මාවතේ පිහිටි මහ විදුහලේදි කැමරා ළමා සමාජය පිහිටුවීමෙන්. ඊට පසුව සාමාන්‍ය සාමාජිකත්වයත් මේ පාඨමාලාවට ඇතුළත් කිරීම මඟින් ගෙවුණු කාලය තුළ අද වන විට සංගමය ආරම්භකර වසර 75ක් සම්පූර්ණ වී අවසන්. ඒ කාරණය මූලික කරගනිමිනුයි 2025 වර්ෂයේ සංගමයේ වජ්‍ර ජයන්ති සැමරුම් උලෙළ හා ඊට සමගාමීව 21 වැනි ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයත් පැවැත්වුණා. එහිදි මේ සංවත්සරය වෙනුවෙන් සමරු ග්‍රන්ථයක් ‘COMMEMORATION NPAS’ නමින් එළිදැක්වුණා. ඒ කෘතියට සංගමයේ සාමාජිකයන්ගේ ඡායාරූප 75ක් හා ලිපි කිහිපයක් ද ඇතුළත්.”
මේ ප්‍රදර්ශනය පැවැත්වෙන මේ දින දෙක ඇතුළත විවිධ වැඩමුළු හා වැඩසටහන් රාශියක් පැවැත්වුණා. ඒ සඳහා ඡායාරූප කලාවට ආදරය කරන ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකියි.
“මෙම උත්සවයට ආරම්භ වුණේ පස්වෙනිදා උදේ දහයට. ඒ ආරම්භක උත්සවය හා තෑගි ප්‍රධානෝත්සවය සමඟින්. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අගමැතිතුමිය වන ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියයි. නොමිලේ පැවැත්වෙන මේ වැඩසටහනට ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකිවුණා. ප්‍රදර්ශනය පැවැත්වෙන මේ දින දෙක ඇතුළත විවිධ තරග පැවැත්වුණු අතර ඒවා මඟින් දිනූ තරගකරුවන්ට තෑගි ලබාදෙන වැඩසටහනකුත් ක්‍රියාත්මක කෙරුණා. ඒ වගේ ම ඒ දින දෙක පුරා විවිධ මාතෘකා යටතේ වැඩමුළු හයක් සංවිධානය කර තිබෙනවා. වනජීවී ඡායාරූපකරණය, ජංගම දුරකතන ඡායාරූපකරණය ඇතුළු අපේ ප්‍රධාන අනුග්‍රාහකයා වන Camera Lk ආයතනය මඟින් කරන වැඩමුළුවක් ද ඇතුළු වැඩමුළු හා දේශන රැසක් එහි පැවැත්වුණා.”
මෙවැනි දිගු ගමනකදි සංගමයක් ලෙස ඔවුන් ලැබූ ජයග්‍රහණ ද බොහෝයි. ඒවා ඔවුන් මෙතෙක් උපයාගත් ධනයයි.
“2023 වසරේදී ඇමෙරිකානු ඡායාරූප සංගමය විසින් අප සංගමය විසින් සමාජයට කළ සුවිශේෂ සහ වටිනා සේවාව සලකා බලා PSA Service Award සේවා සම්මානය අප වෙත පිරිනැමුවා. ඒ වගේම වර්තමානය වනවිට අප ලද විශිෂ්ටම ජයග්‍රහණය වන්නේ පසුගිය ජුනි මස 6 වැනි දින පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මඟින් ශශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංස්ථාගත කිරීමයි. ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ (FIAP)) වරලත් ශශ්‍රී ලංකේය ආයතනය වන්නේ අප සංගමයයි. ගෝලීය ඡායාරූප සංසදයේ (GPU)) ලෝක ඡායාරූප මධ්‍යස්ථානයේ ශශ්‍රී ලංකාවේ නියෝජිතයන් හැටියට පත් කර ඇත්තේ ද අප සංගමය යි. මේ සියලු දේවල් අප සංගමයට ලැබුණේ වසර ගණනක් තිස්සේ අප සංගමය විසින් ඡායාරූප ශිල්පයට කරන ලද සේවය වෙනුවෙන්.”
ශශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මඟින් වසර 75ක් ඔස්සේ සිදු කරන ලද ඒ සේවාව පිළිබඳ සභාපති ශාන්ත ගුණරත්නගේ අදහස් දැක්වීමෙන් පසුව 4, 5 දිනවල පැවැත්වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වන ලද්දේ එහි අධ්‍යක්ෂ චාමර රණතුංගයි.
“මේ පැවැත්වුණේ විසි 21 වැනි ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයයි. මේ ප්‍රදර්ශනය සඳහා රටවල් තිස්නමයකින් ඡායාරූප දෙදහකට වැඩි ප්‍රමාණයක් ලැබුණා. ඒ ලැබුණු ඡායාරූප අන්තර්ජාතික විනිශ්චය මණ්ඩලයක් මඟිනුයි විනිශ්චය කරනු ලැබුවේ. ඒ අතුරින් තරගයෙන් ජයග්‍රහණය ලබාගැනීමට සුදුසු නිර්මාණ ලෙස පන්සිය හැටකට වැඩි ප්‍රමාණයක් තෝරා ගත්තා. ඒ අතුරිනුත් ඉහළම මට්ටමේ ඡායාරූප 124කටයි සම්මාන ලබා දුන්නේ. ඊට අමතර ප්‍රදර්ශනය සඳහා ඡායාරූප 260කට වැඩි ප්‍රමාණයක් අප තෝරාගනු ලැබුවා. ඒ වගේ ම මේ සියලු කටයුතු සාර්ථකව කිරීමට උදවු කළ අය බොහෝයි. ඔවුන් සියලු දෙනාම මතකයට නැඟීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස සිරස ආයතනයත් අප සමඟ කටයුතු කළා. එය සතුටට කරුණක්.”
ශශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ තිබෙන විශේෂත්වය වන්නේ ඉගැන්වීම් කටයුතුවල පටන් අනෙක් සියලු දේ සිදු කෙරෙන්නේ නොමිලේ වීමයි.
තිලානි ශානිකා විතානච්චි