250
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන් ශාස්ත්‍රිය ග්‍රන්ථයක් එළිදැක්වීමට කටයුතු කර ඇත. එහි ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන මුහුණත පෙනුම කටු සිතුවමකට නැඟීම මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා නිලධාරී එම්.ඩබ්. ඉන්දික මහතා විසින් නොමිලේ ඉටුකිරීමට ඉදිරිපත් වී ඇත. මෙම කටු සිතුවම ඊයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභා ශාලාවේදී සභාපති හඩ්සන් සමරසිංහ මහතාට භාරදීම සිදුකෙරිණි. මෙම අවස්ථාවට ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.