බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ පවතින අනු මණ්ඩල සඳහා සභාපති, උප සභාපති සහ සාමාජික තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින අමාත්‍යංශයේ දි සිදුකෙරිණි.
ඒ අනුව
ජාතික සාහිත්‍ය අනුමණ්ඩලය
සභාපති ලෙස කමල් පෙරේරා
උප සභාපති මධුභාෂීණි දිසානායක, සාමාජිකයන් වශයෙන් නන්දන වීරසිංහ, දික්වැල්ලේ කමල්, සුනිල් දෑරංගල, ආචාර්ය චම්පා එස්. ද සිල්වා, දේවි ගාල්ලගේ, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, වසන්ත ප්‍රියංකර නිවුන්හැල්, රවී රත්නවේල්, සිරාජ් මෂූර්, ආචාර්ය සෂිකලා අස්සැල්ල, ආචාර්ය සාමිනාදන් විමල් මහත්ම මහත්මි හු තේරී පත් වූහ.
ජාතික නාට්‍ය අනුමණ්ඩලය
සභාපති වශයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, උප සභාපති – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රියංකර රත්නායක ද සාමාජිකයන් ලෙස මහාචාර්ය ජයශංඛර්, මහාචාර්ය සුනන්ද මහේන්‍ද්‍ර, පාලිත ලොකුපෝතාගම, කථිකාචාර්ය පූජිත ද මැල්, චමිලා පිරීස්, මුනියන්ඩි කාලිදාස්, ආචාර්ය තරංග දන්දෙණිය, ඩබ්.එම්. තුසිතා ජයසුන්දර, ලලිත් රාජපක්ෂ, සංගීතවේදී ශාන්ත පිරීස්, මංගල ප්‍රනාන්දු, ආචාර්ය ටී.විවානන්දරාසා, සරත් කුලාංග මහත්ම මහත්මීහු තේරී පත්වූහ.
ජාතික දෘශ්‍ය කලා අනුමණ්ඩලය
සභාපති ලෙස ප්‍රගීත් රත්නායක, උප සභාපති – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලලිත් ලංසක්කාර යන දෙපළ පත්වූ අතර
සාමාජිකයන් වශයෙන් චාල්ස් දයානන්ද ලලිත් ගුණතිලක, ශාන්ත කේ. හේරත්, පුෂ්පකාන්තන්, කථිකාචාර්ය දුමින්ද නිරෝෂන් කථිකාචාර්ය මහේෂ් තරංග, රවී රණසිංහ, අනුර ශ්‍රීනාත්, ඉසුරු සුරේන්, යූ.කේ. චමින්ද පුෂ්පකුමාර, ඔබේසේන රණසිංහ, ආචාර්ය චමරි තපස්වරි, උපුල් චමිල බණ්ඩාර මහත්ම මහත්මීහු තෝරා පත් කෙරිණ.
ජාතික රූපවාහිනී අනුමණ්ඩලය
සභාපති ලෙසට සුනිල් කොස්තා උප සභාපති – චාන්දනී සෙනෙවිරත්න මහත්මිය එහිදි තේරී පත්විය.
සාමාජික, සාමාජිකාවන් වශයෙන් ක්‍රිෂ්ටි ෂෙල්ටන්, දීපානි සිල්වා, බර්ට්‍රම් නිහාල්, විමල් කැටිපේආරච්චි, කුලරුවන් ගමගේ, රුවන් කුඩලිගම, මොහාන්ජී රංගන, රවී සිරිවර්ධන, සරත් ධර්මසිරි මහත්ම මහත්මීන් තේරී පත්විය.
ජාතික සංගීත අනුමණ්ඩලයේ සභාපති – නදීක ගුරුගේ ද
උප සභාපති – මහාචාර්ය සමන් පනාපිටිය තේරී පත්වූ අතර,
සෙසු සාමාජිකයන් ලෙස විශ්නු වාසූ, නවරත්න ගමගේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි ඉන්දිකා උපමාලි, දර්ශන රුවන් දිසානායක, ගයත්‍රි කේමදාස, ඉන්ද්‍රචාපා ලියනගේ, ගයාන් ගණකධාර, මිත්‍ර කපුගේ, සෝමසිරි මැදගෙදර, සාගර සුරේෂ් වීජේසිංහ, රවී ගමගේ, හර්ෂ මාකලන්ද, ෂන්මුහනාදන් විශ්වනාදන් මහත්ම මහත්මීහු තෝරා පත් කර ගන්නා ලදී.
ජාතික නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය සභාපති ලෙස පසු ගිය දින රවීබන්දු විද්‍යාපති ද උප සභාපති -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යනි යමුනා නිශාන්තී පිරීස් මහත්මියද තේරී පත්විය. සාමාජිකයන් ලෙස සුමතිපාල ශිල්පාධිපති, බාහිර කථිකාචාර්යනි, රංගනා ආරියදාස, වෛද්‍යවති රාජපක්ෂ, කපිල පලිහවඩන, නිලක්ෂී ඉනේකා ද අල්විස් , වෙනුරි පෙරේරා, වෂීර් සල්ගමුව, මහේෂ් උමගිලිය, ඩබ්.ජී.එච්.එම්. වෙද්දෙණිය, ඩී.වී. යොහාන් පුංචිහේවා, උමේෂී රාජින්ද්‍රා මහත්ම, මහත්මින් තේරී පත්විය.
ජාතික ගුවන්විදුලි අනුමණ්ඩලය
සභාපති වශයෙන් කපිල එම්. ගමගේ ද උප සභාපති – මහාචාර්ය සුසිරිපාල මාණවඩු මහත්වරු තේරී පත්විය. සෙසු සාමාජිකයන් ලෙස සීතා රාමන්, ලාල් ආනන්ද අබේධීර, ආචාර්ය ධම්මික දිසානායක, කුමාර ලියනගේ, සුනන්දා හෙට්ටිආරච්චි, ජගත් ගාමිණි මාවතගම, චන්දන තිලකරත්න, ඉන්ද්‍රසිරි සුරවීර, ෆුර්කාර් ඉෆ්තිකාර් මහත්ම මහත්මිහු තේරී පත් වුහ.
ජාතික අස්පර්ශනීය කලා උරුම සහ සාම්ප්‍රදායික කලා අනුමණ්ඩලය
සභාපති – චන්ද්‍රසෝම බිංදුහේවා ද. උප සභාපති -මහාචාර්ය ඉරංගා සමින්දනී වීරක්කොඩි මහත්මිය තේරී පත්විය.
ටී.ඩබ්. හරිස්චන්ද්‍ර, ආර්.එම්. ධනපාල, ගම්වාරිය ප්‍රේමීන, මහින්ද කුමාර දළුපොත, ජ්‍යෙෂ්ඨ කථි. නොයෙල් විජේරත්න, ආචාර්ය අමරසිරි වික්‍රමරත්න, උදිත අලහකෝන්, ආචාර්ය ලසන්ති මනෝරංජනී, මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා සාමාජික සාමාජිකාවක් වශයෙන් තේරී පත්විය.
ජාතික සිනමා අනුමණ්ඩලය
නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ද උප සභාපති – අනුරුද්ධ ජයසිංහ එදින තෝරා පත් කර ගන්නා ලදී.
කිං රත්නම්, ගාමිණි වේරගම, ලලිත් රත්නායක, ගුණසිරි සිල්වා, අනූෂා ශිවලිංගම්, සාලිය ඉඳුරුවිතාන, ශමීර නාඔටුන්න, නාරද තොටගමුව, ප්‍රියන්ත කළුආරච්චි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ෆාතිමා ෂානාස් මහත්මිය සාමාජික සාමාජිකාවන් වශයෙන් තේරී පත් වූහ.