80
මෝටර් බයිසිකල් සහ සිහින නෙළුම් මල් අධ්‍යක්ෂ, සරසවිය සම්මානයෙන් පිදුම් ලැබු ශමීර නාඔටුන්න ගේ නවතම සිනමා වැයම ‘වයිෆ්’ පසුගියදා Park street were house හිදි මුහුරත් උළෙලත් සමඟ රූපගත කිරීම් ඇරැඹිණි. සමීර නාඔටුන්නගේ තෙවැනි අධ්‍යක්ෂණය වන ‘වයිෆ්’ වරුණ අරඹගේ නිෂ්පාදනය කරයි.
හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන භූමිකා රංගනයෙන් එකතු වන අතර දිනෙත් ද සිල්වා, උමා අශේනි, සුලෝචනා වීරසිංහ, පියුමි බොතේජු, ලක්ෂ්මන් මෙන්ඩිස්, වීණා ජයකොඩි, ප්‍රියන්ත සෙනෙවිරත්න, නෙතලී නානායක්කාර, ප්‍රියන්ත ලලිත් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න