නිවස කළා පුවත් වෙසක් සිරි අසිරි ඡායාරූප ප්‍රදර්ශනය

වෙසක් සිරි අසිරි ඡායාරූප ප්‍රදර්ශනය

by Thanushika
August 8, 2024 9:00 am 0 comment

වසර 6කට පමණ පසු 2024 වෙසක් උත්සවය ශ්‍රී ලංකාවාසීන් උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. මෙම වෙසක් අසිරිය ඡායාරූප ලෙසින් ගොනු කොට අගයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ ලේකම් දයන්ත හේවගේ උපදෙස් මත ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව වෙසක් සිරිඅසිරි නමින් ඡායාරූප තරඟයක් සඳහා නිර්මාණ කැඳවනු ලැබීය.


මේ සඳහා ඡායාරූප නිර්මාණ 200ක් පමණ ලැබි තිබු අතර මින් ප්‍රශස්ත මට්ටමේ ඡායාරූප නිර්මාණ 64ක් ප්‍රදර්ශනය සඳහා තෝරා ගනු ලැබිණ. මෙම ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් පසුගිය දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී. හේරත් අතින් විවෘත වූ අතර එම නිර්මාණ හිමිකරුවන් වෙත සහතික පත් ප්‍රදානය ලේකම, සංස්කෘතික අධ්‍යක්ෂ හා සහකාර අධ්‍යක්ෂ යන මහත්ම මහත්මීන් අතින් සිදුකෙරිණි.
වසර 03කට ආසන්න කාලයක නිහැඬියාවෙන් පසු රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ නව පරිපාලනය විසින් ආරම්භ කරන ලද වැඩසටහනේ ප්‍රථම පියවරයි වෙසක් සිරිඅසිරි

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT