නිවස කළා පුවත් වෘත්තීයවේදින්ට සිනමාව ගැන සම්මන්ත්‍රණයක්

වෘත්තීයවේදින්ට සිනමාව ගැන සම්මන්ත්‍රණයක්

by Thanushika
July 18, 2024 12:30 am 0 comment

ශ්‍රී ලාංකා සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කරන ලද සිනමාව හා සම්බන්ධ මාර්ගගත අවකාශයේ සිනමා අන්තර්ගතයේ ආරක්ෂාව සමාජ මාධ්‍ය තුළ සිනමා ප්‍රවර්ධනය ඊ සිනමාව සමඟ පැවතීමේදී ඒ පිළිබඳ අවධානය යොමුවිය යුතු කාරණය සහ ඩිජිටල් වේදිකාවේ සිනමා ප්‍රදර්ශනය පිළිබඳව සිනමා අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් සහ සංස්කරණ ශිල්පීන් ඇතුළුව සිනමා පසු නිෂ්පාදන කාර්යයේ නිරත තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තිවේදීන් දැනුම්වත් කරන ලද සම්මන්ත්‍රණයක් පසුගිය දින කොළඹ නව ලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පවතින තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණය වෙත පරිවර්තනය වන ශ්‍රී ලාංකික සිනමාවේ නිෂ්පාදනය පසු නිෂ්පාදනය බෙදා හැරීම සහ ප්‍රදර්ශනය යන නන් වැදෑරුම් ක්ෂේත්‍රවල පවත්වාගත යුතු සාධනීය ගුණාත්මකභාවය සමස්ත කර්මාන්තය තුළ ප්‍රමිති ගතව තබා ගැනීම පිණිස සම්පත් දායකයින් වෙතින් ඉදිරිපත් වූ නිර්දේශිත සහිත ප්‍රශ්නෝත්තර වාර සහ සහභාගි වූවන් වෙතින් ගොඩනැඟුණු සංවාදශීලි සාකච්ඡාව යන විවිධ ක්‍රමවේද ඔස්සේ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබුණි.

වසර 12 ක කාලසිමාවක් පසු කරන සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය විසින් දේශීය සිනමාව කලාව තුළ ලබාගත් ජයග්‍රහණය පිළිබඳ අවධානය යොමු කළ අතර සිනමා ශාලා අතර මෙරට ප්‍රේක්ෂකයන් මෙන්ම විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේදෙස් විදෙස් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් පිළිබඳ මෙම සම්මන්ත්‍රණය අවධානයට යොමු කරන්නට විය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT