Home » විශ්වාට අන්තර්ජාතික සම්මානයක්

විශ්වාට අන්තර්ජාතික සම්මානයක්

by Thanushika
February 27, 2025 10:09 am 0 comment

තරුණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන විශ්වා බාලසූරිය චීනයේ පැවති ඒඵඪච ර්‍ථචඵඪටඪජ ජ්ඪතථ ජ්ඥඵබඪමචත හි ඕඥඵබ ඛ්ඪදඥථචබධඨපචනඩර සඳහා ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගත්තේය. ඔහු මෙම සම්මානය හිමි කරගෙන ඇත්තේ සංජීව පුෂ්පකුමාරගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ ‘ආසු’ චිත්‍රපටය සඳහාය. ‘ආසු’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන චරිතයක් වන කරු ජයසූරිය මහතාගේ දියණියගේ ජිවිත සමුගැනීම ඇසුරෙන් නිර්මාණය වූවකි.

සුනාමි, සරිගම, ජංගි හොරා, මින්නු, සිංහබාහු ඔහු විසින් කැමරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකි. නර්තනාචාර්‍ය චන්න විජේවර්ධනයන්ගේ නර්තනයෙන් හැඩවූ මුද්‍රා නාට්‍යයක ස්වරූපයෙන් නිර්මාණය වූ ‘සඳකඩ’ විශ්වා විසින් අධ්‍යක්ෂණය සහ කැමරාකරණය සිදුකළ නවතම චිත්‍රපටයයි. ඔහු විසින් කැමරා අධ්‍යක්ෂණය කළ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ කපුටු කොහෝ චිත්‍රපටය නුදුරේදීම තිරගත වීමට නියමිතයි.

-නයනාංජලි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT