නිවස කළා පුවත් වියළි රූගත කිරීම් නිමයි

වියළි රූගත කිරීම් නිමයි

by Thanushika
July 25, 2024 8:53 am 0 comment

ශාන්ති දිසානායකගේ ‘දඩ මංකඩ’ නවකතාව ඇසුරෙන් චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ‘වියළි’ ටෙලි නාට්‍යය දැන් ජාතික රූපවාහිනියෙන් සති අන්තයේ රාත්‍රි 8.30ට විකාශය කෙරේ. ජනප්‍රිය හා අති දක්ෂ නළු නිළි කැළක් මෙහි චරිත මවති. සරත් කොතලාවල, මාධනී මල්වත්ත, අකලංක ප්‍රභාෂ්වර, තරින්දි ප්‍රනාන්දු, සනත් විමලසිරි, නිම්මි මනෝහාරි, චන්දිමා කරුණාදාස, කුසල් මධුරංග, රාජා ගනේෂන්, රූපා පතිරණ, සිළිඳු රංවල, සමන්ත කුමාර ගමගේ, අංජන ප්‍රේමරත්න, එස්. අයි සමරක්කොඩි, තිලාන් වර්ණජිත් ආදිහු මෙහි රඟති.

සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත සී. සමරකෝන්, අංග රචනයෙන් ශාලිත ගුණවර්ධන, සංගීත අධ්‍යක්ෂණයෙන් දර්ශන රුවන් දිසානායක, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, සංස්කරණයෙන් ඉන්දික ජයවර්ධන, ගැයුමෙන් තුසිත් සිම්ප්සන් ආදිහු එක් වෙති. සමන්ත කුමාර ගමගේ තිර රචනය කළ වියළි, ‘අ’ යන්න යට Script & production House නිෂ්පාදනයකි. කොටස් 50 කින් යුත් වියළි පසුගිය දින තිස්සමහාරාම දර්ශන තලයේදි රූපගත කිරීම් සියල්ල අවසන් කෙරිණි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT