හොලිවුඩ් සිනමාව තුළ වැඩිවශයෙන් අලෙවි වූයෙත් අලෙවිවන්නෙත් සත්‍ය කතා සහ ප්‍රබන්ධ කතා වෙි. අනෙක් රටවලට සාපේක්ෂව ඇමරිකානු ජාතිය දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නේ නැත. ඒ නිසාම ඔවුන්ගේ සිනමා නිර්මාණ සැමවිටම පවතින්නේ සංස්කෘතික වශයෙන් දෙමුහුන්කරණයකි. එක් පසෙකින් ඔවුන්ගේ සිනමා කලාව අන් රටවල පිහිටි සිනමා කලාවන්ට වඩා අතිශයින්ම දියුණු ස්වරූපයක් දරයි. ඔවුන් දේශපාලනික, ආර්ථික, යුද යන අංශ තුනෙන්ම අන් කිසිදු ජාතියකට වඩා ප්‍රමුඛයෝ වෙති. හොලිවුඩ් සිනමාකරුවන් කතන්දර කියන්නට ද අති දක්ෂයින් ය. මේ ලිපිය හරහා ගෙන එන්නේ ඇමරිකානුවන්ගේ ජන ජීවිතයට දැඩි සේ බලපෑ එක්තරා සත්‍ය කතාවක සිනමාත්මක අනුවර්තනයක් පිළිබඳවයි. ඇමරිකානුවන්ගේ ජන ජීවිතයේ ද ඉතිහාසයේ ද නොමැකෙන කළු පැල්ලමක් තවමත් ඉතිරිව තිබෙි. වසරක් පාසා ඔවුන් එම කළු පැල්ලම වෙනුවෙන් වන්දි ගෙවති. 2001 වසරේ සැප්තැම්බර් 11 දින ඇමරිකාවට එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ සහ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. එය ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්පයකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය.
ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් තුන්දහසකට වැඩ් ප්‍රමාණයක් මිනිසුන් මිය ගියහ. ඊට ප්‍රතිචාර වශයෙන් එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් “ඔසාමාට එරෙහිව යුද්ධය” නමින් දැවැන්ත යුද මෙහෙයුමක් ඇග්ෆනිස්ථානයේ දී දියත් කළ අතර, එයට 2001 වසරේ දී ඇෆ්ගනිස්ථානය සහ 2003 වසරේ දී ඉරාකය ආක්‍රමණය කිරීම ඇතුළත් විය. ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීම යනු 9/11 ප්‍රහාරයෙන් දහස් සංඛ්‍යාවකට වැඩි මියගිය ඇමරිකානු ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටු කිරීම සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව නියෝජනය කිරීම ඇමරිකානු දේශපාලනයේ සංකේතාත්මක ඉලක්කයක් බවට පත් විය.
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම ඇමරිකානු රජයේ දැඩි ප්‍රතිපත්තිය විය. වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතාව විය. ඔසාමා සොයා ගිය ඇමරිකානු මෙහෙයුම පාදක කරගනිම්න් මෙම වසරේ අපුරු වාර්තාමය ටෙලි කතා මාලාවක් (Documentary Tele Series) නිෂ්පාදනය විය. එනම් නෙට්ෆ්ලික්ස් නිෂ්පාදන ලේබලය යටතේ නිකුත් වූ ‘American Manhunt – Osama Binladen’ ටෙලි කතාමාලාවයි. වාර්තා චිත්‍රපට මාලාව කථාංග තුනකින් සමන්විතයි. කතා මාලාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනුයේ ඇමරිකාවට එල්ල කළ 9/11 ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයා වන අල්කයිඩා නායක ‘ඔසාමා බින්ලාඩන්’ සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම වටායි. ප්‍රබල දේශපාලන – ත්‍රාසජනක කතා මාලාවක් ලෙස දශකයක් පුරා අල්කයිඩා ත්‍රස්තවාදි සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීමේ අසීරුමය ත්‍රාසජනක මෙහෙයුම ‘ American Manhunt – Osama Binladen ‘ තුළින් සිනමාත්මක ආඛ්‍යානයකින් කියැවේ. American Manhunt – Osama Binladen හි දේශපාලන සන්දර්භය සහ 9/11 ප්‍රහාරයෙන් පසු යුගය හා බැඳේ. වර්ෂ 2011 දී එක්සත් ජනපද නාවික හමුදා සීල් භටයින් අතින් ඔසාමා සැඟව සිටියදී ඝාතනයට ලක්විය.
මෙම ටෙලි කතා මාලාව නිකුත් වන්නේ ඔහුගේ මරණයෙන් හරියටම වසර 14කට පසුවයි. මෙම කතා මාලාව මුළුමනින්ම පාහේ බින් ලාඩන් දඩයම් කිරීමේ මෙහෙයුමට සමීපව සම්බන්ධ වූ CIA නිලධාරීන්ගේ සම්මුඛ සාකචිජා (Interviews) දෘෂ්ටිකෝණයෙන් කියැවේ. කතා මාලාවේ විශේෂත්වය වන්නේ ඇමරිකානු රජය වෙනුවෙන් කළ ප්‍රචාරණවාදී කතා මාලාවක ස්වරූපය නොගන්නා බැවිනි. එය ඇමරිකානු ආරක්ෂක අංශයේ අසමත්බව සහ දේශපාලනික වශයෙන් කළ අතපෙවීමි පිළිබඳ සියුම් කියැවීමකි. බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීම වෙනුවෙන් සිරකරුවන් වෙත වධහිංසා පැමිණවීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නිරූපණය කිරීම පිළිබඳව කතා මාලාව තුළ නිරූපණය වීම ප්‍රේක්ෂකයනගේ විවාදය තුඩු දුන් හේතු කිහිපයකි. කතා මාලාව දශකයකට වැඩි කාලයක් පුරා විහිදෙන අතර, විවිධ CIA මෙහෙයුම්, ප්‍රශ්න කිරීම්, බුද්ධි අංශ ඉඟි සහ ත්‍රස්ත ප්‍රහාර හරහා ගමන් කරයි. සැබෑවටම සිදු වූ 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය සහ 2008 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සුප්‍රකට මැරියට් හෝටලයේ බෝම්බ ප්‍රහාරය මීට ඇතුළත් වෙයි.
2011 මැයි මාසයේ දී බින් ලාඩන් සැඟව සිටි පාකිස්තානයේ පිහිටි ඇබොටාබාද් නිවාස සංකීර්ණය ඇමරිකානු නාවික හමුදා සීල් කණ්ඩායමගේ රහසිගත වැටලීමෙන් අනතුරුව සහ ඔහු ඉන්දියානු සාගරයේ මිහිදන් කිරීමෙන් නිමාවට පත් වේ. එය එසේ අවසන් වූවත් කතා මාලාව අවසන් කරන්නේ ඇමරිකානුවන් උත්කර්ෂයට නංවන ජයග්‍රාහී ලීලාවකින් නොවේ. මෙය හුදෙක් මිනිස් දඩයමක් පිළිබඳ කතාවක්ම නොවේ. 9/11 ප්‍රහාරයෙන් පසු ඇමරිකානුවන්ගේ මනෝභාවය, නිලධාරිවාදී ගැටුම්, බුද්ධි නිලධාරීන් සතු දෝෂ, බුද්ධි අංශ කුමන්ත්‍රණ සහ නූතන ඉතිහාසයේ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ මිනිසා වන ඔසාමා බින් ලාඩන් දශකයක් පුරා ලුහුබැඳීම වටා ඇති සදාචාරාත්මක වශයෙන් ඇති අපැහැදිලි බව ප්‍රකට වෙයි.
දේශප්‍රේමය සහ දේශපාලනය
චිත්‍රපට න්‍යායාචාර්ය ජීන් බෝඩ්‍රිලාර්ඩ් සඳහන් කරන්නේ අනුකරණයක් සැබෑ ලෙසම නිරූපණය කිරීමට උත්සාහ දරන තරමට එහි ගොඩනඟන ලද ආඛ්‍යානයක් යන කාරණය වඩාත් බලවත් ලෙස වසන් කළ හැකි බවයි. කතා මාලාව ඇමරිකානු දේශප්‍රේමීත්වය පිළිබඳ තීව්‍ර කරනමුත් එය ජාතිකවාදී අර්ථයකින් ගෙනහැර දක්වන්නක් නොවේ. එය අන් අයව ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පරදුවට තැබූ මිනිසුන්ගේ කාර්යය වෙනුවෙන් පෙනී සිටියි. ඔසාමා ඝාතනය වෙනුවෙන් සැබෑවටම ඇමරිකානු ජනතාව ජයග්‍රාහී පෙළපාළි පැවැත්වූහ. ලංකාවෙි යුද්ධය ජයග්‍රහණය කළ දවස මෙන් ඔවුන් ද ඇමරිකානු ධජය වනමින් සතුට සැමරුමි පැවැත්වූහ. මෙම නිරූපණය වීරත්වය සහ ජයග්‍රහණය පිළිබඳ සරල සංකල්පවලට අභියෝග කරන බවයි මගේ පෞද්ගලික අදහස නම්. එය ගැඹුරු ඇමරිකානු දේශපාලන සත්‍යයක් ප්‍රතිරාවය කරයි. දෘෂ්ටිවාදාත්මක ප්‍රතිවිපාකය පිළිබඳ කතා මාලාව කරුණු අනාවරණය කරයි.
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කිසි විටෙකත් සටන් ජයග්‍රහණය කිරීම ගැන පමණක් නොවේ. එය සංකීර්ණ, බොහෝ විට පරස්පර විරෝධී සදාචාරාත්මක භූ දර්ශනයක සැරිසැරීම ගැන සඳහනක් තබන්නකි. එය 21 වන සියවසේ මුල් භාගයේ ඇමරිකානු දේශපාලනය සඳහා කැඩපතක් බවට පත්වේ. ත්‍රස්තවාදී බිය, ආක්‍රමණශීලීත්වය පිළිබඳ සටහනකි. American Manhunt – Osama
Binladen’ ඔසාමා බින් ලාඩන් ඝාතනය සමරන්නේ නැත. එය නරඹන්නාට අවසාන අපහසු සත්‍යයක් ඉතිරි කරයි. බින් ලාඩන් මිය ගොස් ඇත. නමුත් 2001 වසරේ සැප්තැම්බර් මාසයේ 11වන දින 3,000 කට ආසන්න පිරිසක් ද මියගොස් ඇත. නමුත් තවමත් යුද්ධ, ඔත්තු බැලීම, ත්‍රස්තවාදී ඝාතන, රටවල් අතර යුද්ධ වර්ධනය වී ඇත. එහි නිමාවක් නම් නැත. ටෙලි කතා මාලාව බිල්ලාඩන් ඝාතනය කිරීම වෙනුවෙන් මියගිය ඇමරිකානු ජනතාව සහ සීමාවකින් තොරව ශ්‍රමය වැගිරීම් කළ මිනිස්සුන්ගේ ශ්‍රමයේ මිල කොපමණද? යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමක් වැන්න. එය හුදෙක් ත්‍රාසජනක කතාවකින් ඔබ්බට ගිය කාලයේ අත්‍යවශ්‍ය දේශපාලන ලේඛනයකි. ජනප්‍රිය ඇමරිකානු ජාතික ආඛ්‍යානයක් යළි ප්‍රතිනිෂ්පාදනය කිරීමකි. භීතියේ වාතාවරණය යථාර්ථවාදීව සිනමාත්මක රූපයෙන් සටහන් කිරීමකි.