නිවස කළා පුවත් විනීතා කරුණාරත්නට විශේෂිත ගෞරව සම්මානයක්

විනීතා කරුණාරත්නට විශේෂිත ගෞරව සම්මානයක්

by Thanushika
July 18, 2024 12:30 am 0 comment

ජගත් කලා පදනම විසින් සංවිධානය කරන ලද සාරංගනාවී රන් සම්මාන 2024 උලෙළ පසුගිය දිනෙක කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි. එහිදී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සම්මාන පිරිනැමුණු අතර, ලාංකේය කලා ක්ෂේත්‍රයට සහ රූපවාහිනී මාධ්‍ය වෙනුවෙන් අගනා මෙහෙවරක් සිදු කළ දෙස් විදෙස් සම්මානලාභී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වූ විනීතා කරුණාරත්න විශේෂිත ගෞරව විශිෂ්ටතා සම්මානයක් පිදුම් ලැබීය.

ඇය විසින් රූපවාහිනී මාධ්‍ය තුළ නොමැකෙන සටහන් තැබූ ආලකමන්දාව, ගී හත, සෙනෙහසේ නවාතැන, රිදී නිම්නය, සුහානී රාත් (සුන්දර රාත්‍රිය) මෙන්ම නුග සෙවණ සමාරම්භක වැඩසටහන් අධ්‍යක්ෂවරිය වීමද මෙහිදී විශේෂත්වයක් විය. තවද, රූපවාහිනී මාධ්‍ය තුළදී ඇය විසින් මොහාන්රාජ් මඩවල, තනූජ් හේමන්ත, වත්සලා සමරකෝන්, ආචාර්ය නුවන් නයනජිත්, චමිලා මංගලගම වැනි පූරක පරපුරක් රටට ස්ථාපිත කිරීමද විශේෂ අවධානයට ලක්වූ කරුණකි. මාධ්‍ය ජීවිතයේ ඇය ලද විසි හතරවන සම්මානයයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT