කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය සහ කොළඹ නාගරීකය අවට ප්‍රදේශයන් තුළදී සම්පූර්ණයෙන්ම රූගත කිරීම් සිදුකර ඇති මෙම සිනමා නිර්මාණයෙන් සාකච්ඡාවට බදුන් වනුයේ, වර්තමාන සමාජය තාරුණ්‍යය කෙරෙහි බලපෑම් කරන ආකාරයත්, එම බලපෑම් හමුවේ ඇතිවන අභියෝග සහ ගැටලුවලදී ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරයත්, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව තාක්ෂණය සහ සමාජ මාධ්‍ය හැසිරවීමේදී මතුවන යහපත්, අයහපත් ප්‍රවණතාවයන් සමඟින් නොපසුබටව ඉදිරියට යාමට නූතන තාරුණ්‍ය ප්‍රයත්න දරන ආකාරයත් වේ. තම ලේඛන වෘත්තයෙහි ස්ථාවර වීමට වෙර දරන “කාර්ති” නම් තරුණයාත් ඔහුගේ පෙම්වතිය වූ සුරූපී සුන්දර තරුණියක් වන “බානු” ඔවුනොවුන්ගේ ජීවිතවලට එල්ලවන විවිධ බාධක අභියෝග හමුවේ ගෙවී යන කාලයත් සමඟින් තාරුණ්‍යයේ ප්‍රේමණීය වූ සුන්දරත්වයේ සංකීර්ණත්වය හා පුද්ගලයන්ගේ අභ්‍යන්තරයේ පවතින නොපෙනෙන අළු පැහැය සමාජගත කිරීමට මෙතුළින් උත්සාහ දරා ඇත.
මෙහි අධ්‍යක්ෂිකාව වන අශිනි රන්දිනි විමලදාස, කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරිනියක් වන අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ නිදහස් නිවේදිකාවක් ලෙසින්ද මේ වන විට කටයුතු කරමින් සිටී. “කාර්ති සහ බානු” ඇය විසින්ම තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කල ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි. විශ්ව විද්‍යාලයේදී තම විෂයට අනුබද්ධිත ක්‍රියාකාරකම් රැසකට දායකත්වය දක්වා ඇති ඇය, ඉදිරියේ සිනමා ක්ෂේත්‍රයට පුළුල් දායකත්වයක් ලබාදීමටත්, තිර පිටපත් රචනයෙන් සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණයට පිවිසීමටත් බලාපොරොත්තුවෙන් සිටී.
රංගන දායකත්වය
චමත්කා ලක්මිණි, දිදුල ඉඳුවර, චමෝදි දයාවංශ, සහන් මිහිරාජ්, ලක්ෂානි දිව්‍යාන්ජලා, කෞශල්‍යා යාපා බැද්දවල,
මධූ අබේරත්න, ඉසංක චතුර
කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය – අශිනි රන්දිනි
කතාව – අසම රන්දිල් ලියනගේ විසින් ලියූ “ආදර ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව” කෘතිය ඇසුරිනි.
නිෂ්පාදනය – අශාන්ති නන්දිකා
නිෂ්පාදන ආයතනය – ධබැ ීනහ ත්‍සකපි
ඉදිරිපත් කිරීම – රෙනාඩ් කූපර්
කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය – අසම රන්දිල් ලියනගේ
වර්ණ සංකලනය සහ 5.1 ශබ්ද නිර්මාණය – ඩිලාන් ගුණවර්ධන
සහය අධ්‍යක්ෂණය – නඳුන් ප්‍රේමචන්ද්‍ර
දෙවන සහය අධ්‍යක්ෂණය – දිල්කි කත්‍රිආරච්චි
කැමරා සහය – දුලන්ත සිල්වා, දසුනි ගුණසේකර
ආලෝකකරණය – අශාන් අමරසිංහ
කලා අධ්‍යක්ෂණය – අමිත් ඉරෝෂන්
කලා අධ්‍යක්ෂණ සහය – නදීශ සමරකෝන්
අංග රචනය – මධූ අබේරත්න
අංග රචනා සහය – නිෂූ වීරසිංහ
සංගීත අධ්‍යක්ෂණය සහ ශබ්ද පටිගත කිරීම – තරිඳු දිසානායක
නිෂ්පාදන කළමනාකරණය – අමන්ත චානක
නිෂ්පාදන කළමනාකරණ සහය – කල්පනා දිව්‍යාංජලී
නිශ්චල ඡායාරූප – දුශාන් පෙරේරා
පෝස්ටර් නිර්මාණය – සජිත් සඳරුවන්
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු