නිවස කළා පුවත් විට්ටච්ච් වෙනුවෙන් සුභ සහ යස

විට්ටච්ච් වෙනුවෙන් සුභ සහ යස

by Thanushika
August 15, 2024 9:17 am 0 comment

සම්මානනීය වේශ නිරූපණ ශිල්පි හා රංගන ශිල්පී වසන්ත විට්ටච්චි දැනට රෝගාතුරව පසුවේ. ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාරවලට ආධාර පිණිස සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’ නාට්‍යය ශ්‍රියන්ත මෙන්ඩිස් නව අධ්‍යක්‍ෂනයෙන් එළඹෙන 19 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සවස දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ.

ජනක සමන්ත (රඟහල.තඬ) සංවිධානය කරන මෙම නාට්‍යය දැක්වෙන නැරඹීම සඳහා කලාකරුවන්ට හා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කෙරේ. එයින් ලැබෙන ආදායම වසන්ත විට්ටච්චිගේ ඖෂධ වෙනුවෙන් බැර කරන බවයි එහි නව නාට්‍ය නිර්මාණ අධ්‍යක්ෂ ශ්‍රියන්ත මෙන්ඩිස් සරසවියට සඳහන් කළේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT