නිවස ලාංකිය සිනමාව විචිත්‍ර වූ සෙනෙහසේ තිළිණය

විචිත්‍ර වූ සෙනෙහසේ තිළිණය

by Thanushika
July 25, 2024 11:07 am 0 comment

අනුජ්, බාල වියේ සිටම නාකොලොප්සි (නිද්‍රාලූව) යන රෝගයෙන් පෙළෙන තරුණයෙකි. ඔහුට සිටින්නේ මව පමණි. සම වයසේ පසුවන ජගත් හා ජනිත් ඔහුගේ සමීපතම මිතුරන් වේ. රෝගී තත්ත්වය හේතුවෙන් කිසිදු ආයතනයකින් ඔහුට රැකියාවක් නොලැබිණ. ඔහුට සිහින 10ක් ඇති අතර, ඒ සියල්ල අපට සාමාන්‍ය දේවල්ය. නමුත් අසනීපයෙන් පෙළෙන ඔහුට ඒවා සිහිනය. මිතුරු ජනිත් චිත්‍රපට අතිරේක රංගන ශිල්පියෙකි. ඔහුගේ මාර්ගයෙන්, වාර්තා චිත්‍රපටයක් සඳහා නිරූපණයෙන් සම්බන්ධ වීමට අනුජ්ට ආරාධනා කරයි. මවගේ ආශිර්වාදය සමඟින් ඒ සඳහා අනුජ් සහභාගි වෙයි. එම වාර්තා චිත්‍රපටය අන්තර්ජාලය හරහා අතිශයින්ම ජනප්‍රිය වීමත් සමඟම, බ්‍රයන් නමැති ප්‍රධාන පෙළේ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ආයතනයක ප්‍රධානියෙක්, ඔහුගේ අලුත් වෙළඳ දැන්වීමක් සඳහා අනුජ්ව යොදා ගනියි. බ්‍රයන් යනු කෝටිපති ව්‍යාපාරිකයකු බව ජගත් අනුජ්ට අවධාරණය කරයි. ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ සචිනි, අනුජ් සමඟින් එම වෙළෙඳ දැන්වීමට එක්වෙයි. එහිදී දැන හඳුනා ගන්නා ඔවුන් කාලයත් සමගින් පෙම්වතුන් බවට පත්වෙයි. අනුජ්ගේ රෝගී තත්ත්වය නිසා එම සම්බන්ධයට සචිනිගේ පියා අකමැති වුවද, ඔවුහු විවාහ වෙති. සතුටින් විවාහ ජීවිතය ගත කරන අතර, සචිනි ගැබ් ගනී. එය අනුජ්ට නොපවසන ඇය සිය පියාට පැවසීමට යන අතරතුර, මැරයන් තිදෙනකුගේ ග්‍රහණයට නතුව පිහි ඇණුමකට ලක්වෙයි. එයින් සචිනි කෝමා තත්ත්වයට පත්වෙයි. අනුජ් සහ මිතුරන් එක්ව මෙම අපරාධය කළවුන් පසුපස හඹා යති. සියලු ගැටලුවලට විසඳුම ”රෝස ආදරේ” ඔබට පවසාවි.

තරුණ්‍යයේ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිර්මාණ ශිල්පී හර්ෂ උඩකන්දගේ හත්වන සිනමා නිර්මාණයයි ”රෝස ආදරේ” චිත්‍රපටය. තිර පිටපත් රචකයෙකු, ගීත රචකයෙකු, රංගන ශිල්පියෙකු හා නිෂ්පාදකවරයකුද වන ඔහු මෙයට ප්‍රථම, උලත් එකයි පිලත් එකයි (2016), කොළඹ සන්නිය රිටන් (2018), ගෝරි (2019), ෆෙස් ටු ෆෙස් (2019), සේද මාවත (2020) සහ කබඩි (2021) යන සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන ලදී. ”ගමට ඇවිල්ලා” ටෙලි සිත්තම නිර්මාණය කරමින් පුංචි තිරයට පිවිසෙන හර්ෂ උඩකන්ද, ලොක්කි 1 සහ 2, දියණි, ප්‍රාර්ථනා යන ටෙලි නිර්මාණද පුංචි තිරය මතින් ඉදිරිපත් කිරීමට සමත් විය. හිරු ක්‍රියේෂන් නමින් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන ඔහු ඉදිරියේදී, කොළඹ සන්නිය රිටන් – 2, උන්මාද චිත්‍රා සහ ගෝරි 2 යන චිත්‍රපට නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.

රංගන දායකත්වය

නිසල හෙට්ටිආරච්චි, දිනක්ෂි ප්‍රියසාද්, දිල්හානි ඒකනායක, රජිත හිරාන් චාමිකර, පැතුම් රුක්ෂාන් (හඳුන්වාදෙන), නිමේෂ් එදිරිසිංහ (හඳුන්වාදෙන), රුමලී කේෂිඩා (හඳුන්වාදෙන), වසන්ත කුමාරවිල, වසන්ත කුමාරසිරි, ලාල් වීරසිංහ (ගරු රඟපෑම්), අශේන් නවීන්, හේෂානි ලියදිපිට, සඳුනි වක්කුඹුර, ගයාන් කාංචන, සැනට් දික්කුඹුර, රයන් වැන්රෝයන්, අතුල ඉද්දමල්ගොඩ, සුගත් ජානක, මංජුල සේනානායක, නාලක දළුවත්ත, ෂැගී වීරනායක, ආකාශ් බුද්ධි, චතුරංග පීරිස්, සචිනි යකුපිටිය ,සමන්ත මායාදුන්න, මානෝජ් කොතලාවල, හිමල්ක මධුෂාන්, අමාශා දිල්රංගා, දයා ප්‍රතාපසිංහ, රෝහණ සේනාරත්න, සශින් පෙරේරා

කාර්මික තොරතුරු

තිර රචනය, දෙබස්, කාර්මික තිර රචනය සහ අධ්‍යක්ෂණය – හර්ෂ උඩකන්ද

නිෂ්පාදනය – අශෝක් ජයකොඩි

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය – නිශාන් හසිත

කතා සංකල්පය – අනුජ් රණසිංහ

සහය අධ්‍යක්ෂණය – බන්දුල කැබැල්ලහිටියාව

සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය – තිවංක අමරසිරි

වර්ණ සංයෝජනය – ශාන් අල්විස්

ශබ්ද සැලසුම – සශින් ගිම්හාන් පෙරේරා

දෙබස් පටිගත කිරීම – තනුෂ්ක කහඳවල

අංග රචනය – මනුක ගලගෙදර සහය – නවෝද්‍ය තත්සර

කලා අධ්‍යක්ෂණය – හර්ෂණ ලාල් කුමාර

කලා අධ්‍යක්ෂණ සහය – කෙනිෂ් නවරත්න, තමිර කරුණාරත්න, අශාන් ද සිල්වා

ඇඳුම් නිර්මාණය – දුල්ෂාන් රත්නායක

නර්තන වින්‍යාසය ශේන් ආර්යන්

සටන් අධ්‍යක්ෂණය – සමන්ත මායාදුන්න

නිෂ්පාදන කළමනාකරණය – නන්දලාල් ජයසිරි

විධායක නිෂ්පාදනය – ශලිනි ප්‍රනාන්දු උඩකන්ද

නිෂ්පාදන සහය – දුෂ්‍යන්ත පෙරේරා, උපුල් බාලසූරිය

නිෂ්පාදන සම්භන්ධීකරණය – හිමල්ක මධුෂාන්

සංගීත අධ්‍යක්ෂණය – නිමේෂ් කුලසිංහ

ගීත රචනය – ශෙහාන් ගලහිටියාව, කුසල විදානපතිරණ

ගීත ගායනය – රවීන් තාරුක, ආදිත්‍යා වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්‍රියා, හිරුෂ ප්‍රනාන්දු, සෙව්මිනි සංජනා

නිශ්චල ඡායාරූප – ස්කයි ගැලරි

කැමරා සහය – සුරේෂ් කුමාර, ජනිත් දෙව්මිණ

 

[email protected]

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT