නිවස කළා පුවත් විකුම්සිහ කතන්දර තිරපිටපත් ජනගත වූ දා

විකුම්සිහ කතන්දර තිරපිටපත් ජනගත වූ දා

by Thanushika
October 17, 2024 12:30 am 0 comment

ප්‍රවිණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී සුදත් රෝහණ විසින් කලකට පෙර ටෙලි නාට්‍ය ලෙසින් රූපවාහිනියට රචනා කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත මුදියන්සේ මාමා, සිසිලියාට පාඩමක්, උපාසකම්මා සහ මව යන විකුම්සිහ කතන්දර සිව් කෙටි කතා පෙළ,රූපවාහිනී තිර රචනා ග්‍රන්ථයන් ලෙස සිංහල සාහිත්‍ය වංශයට එක් කරලීම පසුගිය දින කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. මෙහි සුවිශේෂත්වය වනුයේ ක්ෂණික ප්‍රතිචාර කේත සබැඳීය සහිත ප්‍රථම කෘතීන් පෙළ මෙය වීමයි. තිර රචනා කෘතියෙහි එන ක්ෂණික ප්‍රතිචාර සහිත කේත සබැඳීය පරිලෝකනය කිරීමෙන් (scanning the QR cord) ඒ ඒ තිර රචනා මතින් නිර්මිත ටෙලි නාට්‍ය රසවිඳීමට හැකි වන අතර එය ශ්‍රී ලාංකේය පාඨක රසිකයාට පෙර නොවු විරු වින්දන අත්දැකීමක් මෙන්ම ලෝවාසී පාඨක ජනකැලට ආගන්තුක අත්දැකීමක් වනු ඇත. සාහිත්‍ය කෘතියක් තිරරචනයක් බවට පත්වන අන්දමද මෙම කෘතීන් පෙළ මඟින් මනා ලෙස විචිත්‍රවත් කර ඇත. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය මඟින් නිර්මිත මෙම කෘති පෙළ සරස ප්‍රකාශනයක් ලෙස ජනගත කෙරිණ.


[email protected]

 

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT