විවිධ සමාජ ස්ථරයන් හි එකිනෙකාගේ අදහස් උදහස් වෙනස් වෙනවා. සිතුම්, පැතුම් කටයුතු කරන ආකාරයද එලෙසම වෙනස් වෙනවා.ඇඹිලිපිටිය කොවුල්ආරගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඉන්පසු ව්‍යාපාරිකයකු ලෙස තම ගමන අරඹන ඔහුගේ සංකල්පය වුණේ ළමයින් රොබෝ ලෝකයෙන් මුදවා ළමයා ළමයා ලෙසින් දැකීමයි. ළමයා පීඩා විඳීන යුගය නිමා කරමින් රොබෝවරුන් ලෙසින් දරදඬු ළමයින් බවට පත්විම සමාජගත කරනවා වෙනුවට යහපත් ළමයෙක් සමාජගත කිරීම ඔහුගේ අපේක්ෂාව වුණා. පියාට සහ මවට සෙනෙහෙබර දරුවකු ලෙසත්, සමාජයට යහපත් පුරවැසියෙක් නිර්මාණය කිරීමත්. සංකල්පය තුළ ඔහුගේ නිර්මාණකරණය සමාජගත කරන්නට ඔහු වෙර දරයි. දැනට සිනමා නිර්මාණ තුනක නිෂ්පාදකවරයකු ද වේ. නිෂ්පාදකවරයකු ලෙස තම නාමය දෙස්, විදෙස් ප්‍රචලිත කිරීමට ඔහුට ගත වූයේ කෙටි කාලයකි. ඒ ඔහු කළ නිර්මාණ අතර මේ වන විට තිරගතවන හොරා අංකල් සිනමාපටය කා අතරත් කතාබහට ලක් වීමෙනි.මේ එහි නිෂ්පාදක සමන් ධර්මවංශ සරසවිය සමඟ කළ කතාබහයි.
නිෂ්පාදකයකු ලෙස ක්ෂේත්‍රයට පිවිසීම සිදුවෙන්නේ කොහොමද?
මම ව්‍යාපාරිකයකු ලෙස තමයි මුලින්ම මගේ ගමන ආරම්භ කරන්නේ. මගේ ව්‍යාපාර වල නිරත වෙන විට මට ඇත්තටම අවශ්‍යතාවයක් දැනුණා කලාවේ නියැළීම ජීවිතේට ලොකු පිටුවහලක් වන බව. ඒකාකාරී ජීවිතෙන් මිදිලා මදකට හරි කලාවේ නිරත වෙන්න පුලුවන් කියලා. ඒ සිතුවිල්ල සාක්ෂාත් කරමින් මම කලක් තිස්සේ සොය සොයා හිටිය මාර්ගය මට පෑදුණා කියලා හිතුණා. ඒ නිසා දැන් තමයි ක්ෂේත්‍රයට එන්න හොඳම මාර්ගය කියලා මම හිතුවා. ව්‍යාපාරිකයකු ලෙස හැමදාම කටයුතු කරලා කරන්න තියෙන වැඩ කටයුතු ප්‍රමාණය සීමිත බවත්, ඒ නිසා සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ කියලා මට හිතුණා. ඒ හිතපු කාලසීමාවේ මම ඒ පණිවිඩය ගෙනියන්න මාධ්‍යයක් හෙව්වා. මම ගමනක් බිමනක් ගියත් මගේ සිත ඇතුළතින් මගේ හදවතට තට්ටු කර කර අහන්න ගත්තා ඔබට දැන් හොඳ මාධ්‍ය මෙහෙවරක් කරන්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ඒ නිසා නොපමාව ඔබ සිනමාව හා සම්බන්ධ වෙලා ඔබට සමාජයට දිය යුතුයි කියලා හිතන මෙහෙවර ඉෂ්ට සිද්ධ කරන්න කියන එකයි.
ඔබට සුබවාදී කියලා හිතපු ගමනේ ආරම්භයේදි පළමු නිර්මාණකරණය සිදුවුණේ කොහොමද?
මගේ පළමුව නිෂ්පාදන කටයුතු සිදුවන්නේ ලෝක වසංගත සමයේ තිරයට මුදාහල. මිෂෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ “නිම් හිම්” සිනමා නිර්මාණයයි. එහි අධ්‍යක්ෂකවරයාටත් නිෂ්පාදකවරයා වන මටත් මෙම සිනමා නිර්මාණය සාර්ථක නිර්මාණයක් ලෙස සමාජගත කරන්නට පුළුවන් වුණේ නැහැ.එයට මූලිකම කරුණ ලෙස බලපෑවේ කොවිඩ් වසංගතයයි. නිම් හිමි සිනමා පටය තිරගත වී අවසන් වෙන්නට ප්‍රථම මම ළමයින් වෙනුවෙන් නිර්මාණයක් කරන්න තිර පිටපතක් සොය සොයා හිටියා. ඒ ඉන්න අතරතුරේ තමයි නිහාල් පීරිස් ඔහු ලියූ තිර පිටපතක සිනොප්සිය මා වෙත ලබා දුන්නේ. ඔහු ලබා දුන් පිටපතේ ළමයකුගේ ළමා කාලය ළමා කාලයක් ලෙසින්ම පෙන්වන නිසා මම ඒ පිටපතට කැමැති වුණා. ඒ තුළ ගැබ් වුණේ ළමා කාලය කොහොමද ළමයකු ගෙවන්නේ, ළමයෙකු සමාජයට අවතීර්ණ වෙලා කොහොමද එය වෙනස් කරන්නේ. කියන සිද්ධි මාලාවක් හරහා මේ පිටපත හොඳ නිර්මාණයක් බවට පත්වුණා. එනිසා මම හතර පස්වාරයක් කියවලා දෙපාරක් නොසිතා මේ පිටපතේ නිෂ්පාදකවරයා බවට පත්වන්නට තීරණය කළා.
තිර පිටපතට උචිත නළු නිළියන්ගේ තෝරා ගැනීම සිදුවුණේ කොහොමද?
හර්ෂණ සහ මම මුලින්ම කරේ පිටපතට අනුව නළු නිළියන් තෝරා ගත්ත එකයි. ඒ අනුව අපි දෙවැනි වරට මේ චරිතයට මේ නළුවා නිළිය හරියනවා කියලා තීරණය කළේ නැහැ. පළමු වතාවටම තීරණය කළා ඒ සියලු දෙනාම. ඒ තෝරා ගත්ත චරිතා අතර මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර, දුලානි අනුරාධා, අනුරුද්ධිකා පාදුක්කගේ, ජනක කුඹුකගේ සමඟ උමයංගනා වික්‍රමසිංහ, දයා වයමන්, දොන් ගයි හා ළමා චරිත සියල්ලම දැන හැඳුනුම්කම මත නෙවෙයි තෝරා ගත්තේ. මට අවශ්‍යතාවය තිබ්බේ හොඳ නිර්මාණයක් ළමයින් වෙනුවෙන් සමාජගත කරන්නයි. ඒ සඳහා ඒ චරිත වලට තෝරා ගත්ත චරිත ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉටුකළා. නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ වෙච්ච සියලු දෙනාම ඔවුන්ගේ වැඩක් කියන හැඟීමෙන් නිර්මාණය ඉවර වෙනකම් කටයුතු කළා. නිෂ්පාදකවරයා වගේම නළුවෙක් හැටියට මට ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ. ගොඩක් නිර්මාණවල සම්බන්ධ වන පිරිස්වල ප්‍රශ්න තිබුණත් මේ නිර්මාණයේ එහෙම ප්‍රශ්න මතුවුණේ නැහැ.
වසර පහක් වැනි කාලයක් ගත වී තිබුණු නිර්මාණය රූපගත කිරීම් සිදුවුණේ කොහොමද?
මේ සිනමා පටයේ කතා සාරාංශය දෙදහස් දාහතේ අපිට ලැබෙන්නේ,ඒසාරාංශ කතාව ලැබුණට පස්සේ 2018 තමයි නියම තිර පිටපතක් ලෙස අපි අතට පත්වන්නේ.තිර පිටපත ලැබුණු දා ඉඳන් අපි එහි කාර්යභාරයේ ඉෂ්ට සිද්ධ කළා.මෙහි විශේෂ දර්ශන රූපගත කිරීම් සිදුවුණේ.අවිස්සාවේල්ල,හෝමාගම,ලංකාගම,නෙළුව ප්‍රදේශයේ ඇති ඇලි පහා,අවට සහ කොළඹ නිශාන්ත සේනාරත්න මහතාගේ ගෙදර රූපගත කිරීම් සඳහා දර්ශන තල හැටියට පාවිච්චි කළා.
සිනමා පටයට සම්බන්ධ වන ළමයින් කොහොමද යොදා ගත්තේ?
මේ සිනමා පටය සඳහා ළමයින් තිස්පස් දෙනෙක් රූපගත කිරීම සඳහා යොදාගත්තා. ඒ තිස්පස්දෙනාගේ චරිත විවිධාකාරයි. ඒ නිසා නිර්මාණයක් ලෙස එළියට එනවා නම් ඔවුන්ගේ සිතුම් පැතුම්, නිර්මාණයක් සඳහා දායක වෙන්නේ කොහොමද කියන සංකල්පය තුළ අපි මුලින්ම කළේ ඔවුන් තිස්පස් දෙනාට පුහුණු වැඩ මුළුවක් පැවැත්වීමයි. මාස තුනක් වැනි කාලසීමාවක් ඔවුන් වෙනුවෙන් කැප කළා. මේ නිර්මාණය සඳහා සහභාගී වුණ ළමයින් ගොඩක් දුර බැහැර ප්‍රදේශවල ඉඳන් ආපු අය ඉන්නවා. ගාල්ල, මහනුවර, නිට්ටඹුව, අවිස්සාවේල්ල, හංවැල්ල, කොළඹ හොරණ, වැනි ප්‍රදේශවලින්. මේ තිස්පස් දෙනා තෝරාගන්නට තිර පරීක්ෂණය සඳහා ළමයි 150ක් වැනි පිරිසක් සහභාගි වීමත් විශේෂත්වයක්. මේ ආපු සියලූම ළමයි පාසල්වල සහ කලා සංගම්වල හොඳ දක්ෂතා පෙන්නපු ළමයින්. සිනමා පටය සඳහා අවශ්‍ය වී තිබුණේ ළමයි තිස්පහක් පමණයි. ඒත් ඒ ආපු සියලු දෙනාටම සාධාරණයක් කරන්න පුළුවන් වුණා නම් කියලා නිෂ්පාදකවරයා හැටියට මම හිතපු වාර අනන්තයි. ඒත් ඒ සියලු දේවල්ම කරන්න පුළුවන් වෙන්නේ තිර පිටපතට අනුවයි. මේ රංගනයට එකතු වුණ කුඩා දරුවන් අනාගතයේ අපේ ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් කරයි කියලා හිතාන්න පුළුවන්. අපි යම් දිනක කිව්වා වගේ ඔවුනුත් කියයි මගේ පළමුවැනි සිනමා පටය හොරා අංකල් කියලා. ප්‍රධාන චරිත මවන දරුවන් තිදෙනාම හරිම දක්ෂ දරුවන්.
වසර පහක් ගත වුණේ ප්‍රදර්ශනය සඳහා මණ්ඩලයක් නොතිබුණ නිසාද?
ඇත්තටම සිනමාපටය නිෂ්පාදනය කරලා වසර පහක් ගත වුණේ රටේ සහ ලෝකයේ පැවති කොවිඩ් වසංගත සමයත් දේශපාලනික වශයෙන් තිබුණු අර්බුදකාරී වාතාවරණයත් සිනමා පටය මුදා හරින්නට කල්ගත වුණා. ඒ වගේම අපි සිනමා පටය පෙන්නලා අපිට මණ්ඩලයක් තෝරා ගැනීමට ටිකක් අපහසුතාවකුත් තිබුණා. අවසානයේ අපි ඡ්ඒර්‍ථ මණ්ඩලය සමඟ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරනවා කියලා තීරණය කළා. මේ වන විට ඡ්ඒර්‍ථ මණ්ඩලය ඇතුළු අනෙකුත් මණ්ඩල සමග සිනමා හල් 48ක සිනමා පටය සාර්ථකව ප්‍රදර්ශනය කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. සිනමාහල් 48 හි පෙ.ව.10.30 දර්ශනය සහ ප.ව.07.00 ප්‍රදර්ශනය දිනපතා ප්‍රදර්ශනය කරන අතර සිනමාහල් 4ක දර්ශන වාර තුන බැගින් ප්‍රදර්ශනය කරනවා. සමාජයේ කතා නොකරපු පැතිකඩක් පිය සෙනෙහස හා මව් සෙනෙහස දෙක එකට එකතු කරගෙන දරුවෙකුට දක්වන දයාව සෙනෙහස සමාජගත කරන්නට ආචාර්ය සුමින්ද ලෝව් සහ මටත් නිෂ්පාදකවරු ලෙස අවස්ථාව ලැබුණා.
මේ වෙන විට සිනමා පට කීයක් නිෂ්පාදනය කරලා තියෙනවාද?
මම සිනමාපට තුනක් නිෂ්පාදනය කරල තියෙනවා. එයින් දෙකක් තිරයට මුදාහැරලා ඉවරයි.නිම් හිම් සහ හොරා අංකල් තමයි මුදා හල සිනමා පටවන්නේ. මේ සිනමා පට තුනේ අධ්‍යක්ෂකවරු තුන්දෙනෙක්. එකින් එකට වෙනස්ම කතා තේමාවල් තුනක් තියෙන්නේ. මගේ තුන්වෙනි නිර්මාණය වන්නේ කාන්තා හිංසනය පිටුදැකීම සම්බන්ධ කළ ප්ලීසින්ග් ත්‍රෝන්ස්් Pleaseing Thrones (මධුර කටු) ය.
අන්තර්ජාතික සිනමා උළෙලවල් නියෝජනය කළේ මේ අතරින් මොකක්ද?
ප්ලීසින්ග් ත්‍රෝන්ස්් Pleaseing Thrones (මධුර කටු) සිනමා පටය එංගලන්තේ ලන්ඩන් වල දර්ශන වාර දෙකක් ප්‍රදර්ශනය කළා. මේ සිනමාපටය අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන්නට තියෙනවා මේ වසරේදී. ජපානය, ප්‍රංශය, ඉරානය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඩකා, ඉතාලිය යන රට වල පවත්වන සිනමා උලෙළවල් නියෝජනය කිරීමට තමයි දැනට අදහස් කරලා තියෙන්නේ. මේ නිර්මාණය සමාජගත ප්‍රශ්නයක් ලෙස කාන්තාවන්ට වන හිංසනය වළක්වා ගැනීමත්, තරුණ පරපුර වෙනුවෙන් හොඳ නිර්මාණයක් දායාද කිරීමත් මගේ අදහස වුණේ.
අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු නිර්මාණ කරන්නේ අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන අදහසින්ද?
එක එක නිර්මාණවේදියාගේ නිර්මාණ කිරීමේ අරමුණු තියෙනවා. ඒත් මට ලොකු අදහසක් නෑ මේ නිර්මාණ අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න කරනවා කියලා. නිර්මාණවේදියෙක් ලෙස නිර්මාණයක් කරපුවාම සිනමා උළෙල නියෝජනයට තම සිනමා පටය යොමු කරාට ප්‍රශ්නයක් මතු වෙන්නෙත් නැහැ. ඒ නිර්මාණය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව නිසා එය ලාංකේය නිර්මාණයක් බවට පත්වෙනවා. එහෙම වුණොත් රටටත් නිෂ්පාදකවරයාට මෙන්ම අධ්‍යක්ෂකවරයාටද ජයග්‍රහණය නිසා කීර්තිනාමයක් එකතු වෙනවා. අන්තර්ජාතික මට්ටමේ තලයකට නිර්මාණයක් කළොත් ඒ ඉදිරිපත් කිරීම කාලෝචිත වෙනවා. ශ්‍රී ලංකේය ප්‍රේක්ෂකයාට පළමුව නැරඹීමට නිර්මාණ කළ යුතුයි.
රංගන ශිල්පියෙක් ලෙස ද නිෂ්පාදකවරයෙකු ගේ භූමිකාවේ ඉන්නද කැමති?
ක්ෂේත්‍රය තුළ විවිධ හැකියාවන් තියෙන පුද්ගලයන් ඉන්නවා. මට මේ දෙකම සමබරව කරන්නත් පුළුවන්. ඒත් මගේ වැඩි නැඹුරුතාවය තියෙන්නේ නිෂ්පාදවරයෙකු ලෙස ක්ෂේත්‍රයේ කටයුතු කිරීමයි. නිෂ්පාදකවරයෙක් ලෙස ක්ෂේත්‍රය තුළ සිටියොත් සමාජයට මෙහෙවරක් කරන්න පුළුවන් හොඳ නිර්මාණයන් දායාද කිරීමෙන්.රංගනයට ඕනෑම අවස්ථාවක් තියෙනවා. ඒත් නිෂ්පාදකවරයකුගේ කාර්යභාරය ඊට වැඩිය පුළුල් පරාසයකයි දිවෙන්නේ. නිෂ්පාදකවරුන්ගේ හිගතාවයක් ක්ෂේත්‍රය තුළ පවතිනවා. ඒ හිඩස පුරවන්න කවුරු කවුරුහරි එන්න ඕන.
සිනමා පටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ වන විටත් දරුවන්ට පියසෙනෙහස සම්බන්ධව කියල තේරුම් කරලා දෙන්නට, නියම අරුත වටහා ගන්නට දරුවන්ට ගෙනා හොඳ සිනමා පටයක් බවයි නරඹපු ගොඩක් දෙනෙක් කතා කරන්නේ. මේ සිනමා පටය නරඹපු අම්මාවරුන් විශේෂයෙන් පියාගේ සෙනෙහස දරුවන්ට අවබෝධ කරගන්නට ළමයින්ව සිනමා ශාලාවට එක් කරන යන තැනට අද පත්වෙලා තියෙනවා. සමහරක් මව්වරු ඉන්නවා තමන් පමණයි දරුවාට ආදරේ කියන සංකල්පයත් ඇති කරනවා. ඒත් දරුවකුට මව සහ පියා යන දෙදෙනාගේම ආදරය ලැබෙන බව ත් ඔවුන් දෙදෙනා පණවාගේ දරුවන්ට ආදරය කරන බවත් මේ කතාවේ දිගටම දිග හැරෙනවා.එවිට මවකටවත් පියකුටවත් මම පමණයි කියන සංකල්පය ඇතිවෙන්නේ නැහැ. ඒ සංකල්පයෙන් නිර්මාණය බලලා ලැබෙන ප්‍රතිචාර මිල කළ නොහැකියි. ළමා ලෝකය එලෙසින්ම තිරය තුළ දිගහැරීම නිසා ළමුන්ගෙන් ලැබෙන්නේ හොඳම ප්‍රතිචාරයි. මේ වන විට සමස්තයක් හැටියට ගත්තාම සියලු දෙනාම එක ලෙස සිනමා පටය නරඹනවා.
හොරා අංකල්ගෙන් පස්සේ මොකද වෙන්නේ?
ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන මට විතරක් නෙවෙයි සියලු දෙනාටම විනෝද ආශ්වාදය අවශ්‍යයි කියන එක හැඟෙනවා. එනිසා කලා ක්ෂේත්‍රයට තරමක් හෝ නැඹුරු වෙන්න ඕන කියලා අදහසක් තිබුණා. ඒ ගමන අද මගේ පවුලේ උදවියත් සමඟ හොඳ සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා. හොරා අංකල් සිනමා පටය ප්‍රදර්ශනයේ අවසන් වූ පසු ඊළඟ සිනමා පටය තිරයට මුදා හරින්න තමයි මගේ අදහස තියෙන්නේ. මේ වන විටත් එහි කටයුතු කරගෙන යනවා. මේ නිර්මාණ දෙකම ඉවර වුණාට පස්සේ තමයි තව අලුත් නිර්මාණයක් ගැන හිතන්න වෙන්නේ. මේ දෙසැම්බර් මාසයේ තෝරා ගත්ත පිටපතක් තරුණ ප්‍රජාව වෙනුවෙන් නිෂ්පාදනය කරනවා. මේ නිර්මාණයෙන් පසු සමාජගත කරන්න පුළුවන් හොඳ තිරපිටපත් කිහිපයක් ආවොත් එයින් තෝරාගන්න පිටපතක් ඉදිරියේදී නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න