Home » වාලම්පුරි දින 50 පසුකරයි

වාලම්පුරි දින 50 පසුකරයි

by Thanushika
June 12, 2025 10:17 am 0 comment

ලක්මාල් ධර්මරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ වාලම්පුරි සිනමා පටය අසූව දශකයෙන් පසු ශ්‍රී ලාංකේය සිනමාවේ නව වාර්තා ගණනාවක් තැබීමට සමත් වී ඇත.

තිරගත වූ දිනයේම වාර්තාගත රුපියල් ලක්ෂ හතළිහක මුදලක් ඉපැයීමට සමත් වූ සිංහල සිනමා පටය ලෙස Box Office වාර්තා තැබීමත් සිංහල සිනමා පටයක් වාර්තා කළ හොඳම සතිඅන්ත වාර්තාගත මුදල රුපියල් මිලියන 20ක මුදලක් ඉපැයීමටත් සමත් වී ඇත. එමෙන්ම දින දහයක් ඇතුළත රුපියල් ලක්ෂ 600ක් සිංහල සිනමාවේ ආදායම් උපයමින් වාර්තා තැබීමට මේ වන විට සමත් විය. දිවයින පුරා සිනමා ශාලා 72 ක තිරගතවන වාලම්පුරි සිනමා පටය දර්ශන වාර 180ක් මේ වන විට දිනපතා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිරගත වන අතර අසූව දශකයෙන් පසු වැඩිම ජන ගඟක් ගැලූ චිත්‍රපටය ලෙස සටහන් වේ. වාලම්පුරිය හෙවත් හීන හතහමාරක් අසංක දොඩන්තැන්න හා ප්‍රදීප් පෙරේරාගේ විධායක නිෂ්පාදනයක් වන අතර Green light film නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT