47
චන්දන රාමනායක අධ්‍යක්ෂණය කරන එරංගා පෙරේරා නීෂ්පාදනය කරන වන්දි ගෙවිම වේදිකා නාට්‍යය එළැඹෙන 30 වැනිදා සවස 06.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. උපසේන සුබසිංහ (කෝපිකඩේ පාල) සුජීව සමන්, අනුශා දිල්හානි, තුවාන් නිහාර්, සුනිල් වෙත්තසිංහ, චානුක ගොඩවත්ත, සසංක විමලසේන, නිල්මිණි බොතේජු, අකීරා පෙරේරා, සිදුල් මින්දියප රංගනයෙන් එක්වෙති.
සංගීතයෙන්, බෙවන් රාමනායක, නිහිංසා පෙරේරා පසුතල නිර්මාණයෙන්- නිල්මිණි බොතේජු, නීවේදනයෙන් – දුෂානි දුලාංජනීගෙනි.