ප්‍රවීණ සංගීතඥ අප අතරින් වෙන්ව ගිය ලයනල් රන්වලයන්ගේ 85 වැනි ජන්ම දිනය පසුගිය 27 වැනි දිනට යෙදී තිබුණි. 2034 වන විට ලංකාවේ සංගීත මෝස්තරය කුමක් විය යුතුද යන්න පිළිබඳ, ලංකාවේ සංගීත ක්ෂේත්රයේ ප්‍රවීණ හා නවීනයන් සමඟ කෙරෙන වින්දනීය සල්ලාපයක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එය සංවිධානය කරන ලද්දේ රන්වල පදනම විසිනි. මේ සඳහා කලාකරුවන් සහ විශේෂ ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.
එදින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ලයනල් රන්වලයන්ගේ ජීවන තොරතුරු අලළා නිර්මාණය කරන ලද ‘රන් පියවර’ වාර්තා වැඩසටහන එදින එළිදැක්වූ අතර සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් හා ආචාර්ය රවීබන්දු විද්‍යාපති විසින් ගායනා කළ ‘වෙස් මංගල්‍යය ගීතය’ ද මෙහිදී එළිදැක්විණ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න