නාට්‍යවේදී ලක්ෂ්මන් නිපුණආරච්චි විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ ‘ පිජාමා’ වේදිකා නාට්‍යය ඔක්තෝම්බර් 18 දා මොරටුව, කටුබැද්ද ජනසෙත රංග ශාලාවේදී වේදිකා ගතවේ.
මෙහි ඉසුක සිත්නුල, වර්ෂ සඳකැලුම්, උදිත ලියනගේ, රවිනි අනුරාධා පෙරේරා, පසිඳු නිපුණාඅරච්චි, චන්ද්‍රසෝම බිංදුහේවා, ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර, ධනුජා ප්‍රනාන්දු, ප්‍රේමරත්න තෙන්නකෝන් , සශිනි සාවින්ද්‍යා, දැහැමි ශ්‍රී සදාමි, ජගත් චන්ද්‍රසිරි, චමීර් ලේල්වල, උදෙව් අසේන, නන්ද උඩුවිල සහ මෙත්සර දහම් රංගනයෙන් දායක වෙති.
ජිජාමා හි පසුතල නිර්මාණය සහ රංගාලෝකය රංග සමරකෝන් ගෙනි. අංග රචනයෙන් ප්‍රේම් ජයන්ත කපුගේද, ඇඳුම් නිර්මාණයෙන් අමා විජේසේකරද දායක වී ඇත. සංගීතය කල්ප හෙට්ටිආරච්චි විසිනි. සම්බන්ධීකරණයෙන් නිකුල වර්ණ කුමාර පෙරේරාද, ලසන්ත සංජීව, නිහාල් අබේරත්න , සුදේෂ් චතුරංග වේදිකා පරිපාලනයෙන් දායක වී ඇති පිජාමා නිෂ්පාදනය රමේෂ් වෙත්තසිංහ ගෙනි