සුහන්දිට ප්‍රධාන චරිතයක්
ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන ලකයි සිකයි හි ,ලක්මාල් වීරසිරි (ලකා) ගේ කුලුඳුල් අධ්‍යක්ෂණයක් වන සුරදෙටුවෝ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සුර දෙටුවෝ දෙදෙනෙකුගේ පරස්පර රැකවරණයන් ලබන පුංචි දියණියක ගැන කියැවෙන සුර දෙටුවෝ චිත්‍රපටයේ තිර රචනය සුනෙත් මාලිංග ලොකු හේවා, ලක්මාල් වීරසිරි සහ ප්‍රියනාත් විදානපතිරණ විසිනි.
මෙහි ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ, නෙතිනි වීරසිරි, ශාලිකා නදීශානි, සුහන්දි වෝසදී, දර්ශන් තවරාජා, සුදීක්ෂා සමාධි, සනත් ගුණතිලක, දිල්හානී අශෝකමාලා, අජිත් වීරසිංහ, ගීත්මා බණ්ඩාර , වර්නි ප්‍රනාන්දු රංගනයෙන් දායක වෙති.
සුර දෙටුවෝ නිෂ්පාදනය කරනු ලබන්නේ සුදේෂ් මුතුනවගොන්න විසිනි.