රත්න දීපේන් මිණි කැට මතුවෙනවා සේ පසුගිය දින සිනමාවට මිණිකැටයක් මතුවිය. ඒ සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් නිල්මාණික්‍යයක් මිල කළ නොහැකි සොයා ගැනීමට හැකි විය. පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු පහ වසර ශිෂ්‍යත්ව කඩයිම පැන සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ඔහු ඇතුළත් විය. එතැන් පටන් සාමාන්‍ය පෙළ විෂය ධාරාව ඉහළින් සමත් වි කලා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාලයට තේරී පත්වනතෙක් සීවලී මැදි මහා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක් බවට ඔහු පත්විය. නාට්‍ය හා රංග කලාවත්, මාධ්‍ය විෂයත්, භූගෝල විද්‍යාවත් ඔහුගේ අනාගතේ තීරණය කරන විෂයයන් බවට ඔහු පත් කරගත්තේය. කුඩා කල සිටම ආගම දහමට ලැදි ඔහු කලාවේ සියල්ල මැනවින් හදාරන්නේ හික්මීමක් ඇතුවය. තම පවුල් පසුබිම තුළ සීයාගේ අඩි පාරේ යමින්, ඔහු මේ ගමනට පැමිණියාය. බිගු රුළක් සේ ඔහු වටා ජව සම්පන්න මිත්‍රයින් සමුහයක් වේ. සීයාගේ ආබාසේ නිසාම රියැලිටි වැඩසටහන් වලටද සහභාගි විණ. ගීත ගායනය නැටුම් නාට්‍ය හා රංග කලාව ඔහුගේ ජීවිතයේ එක් කොටසක් බඳු විය. ඒ හරහා ආපු ගමනේ ජය මාවත වූයේ, තම ස්ව උත්සාහයත් ගුරුවරු සහ හිතමිත්‍රාදීන් මෙන්ම යහළුවන්ගෙන් ලැබුණු උදව් නිසාය. කෙටි සහ දිගු සිනමා පට නිර්මාණය කර ජයමාවතට පිවිසි පාසල් සිනමා අධ්‍යක්ෂවරයෙක් බවට පත්වීමට අද ඔහුට හැකි වී ඇත. මේ වන විට දින පනහ පසු කරන ‘රොකට්’ සිනමා පටයේ අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය කළ ඔහු දෙනුවන් සමරසිංහය.
ඔබේ මාවත ඔබ සකසා ගත්තේ කෙසේද?
මගේ පළමු ගුරුවරයා මමයි. පසුබිමේ සිටියේ මගේ සීයාගේ කලා කුසලතාවයයි. ඒ සෙවණේ හැදුණ වැඩුණ මට කලාව හරිම රසවත් වුණා. ටික ටික මට තේරෙන විට කලාව කියන්නේ මොකක්ද කියන එක සොයන්නට මට හිතුණා. විවිධ නිර්මාණ තුළ සිදුවෙන්නේ මොකක්ද කියලා මට කුතුහල උපද්දවුවා. ඒ හරහා මම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ ගිය බොහෝ දේවල් නිතර කියවන්නත් රූප රාමු බලන්න පුරුදු වුණා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ ජීවත් වෙමින් මම සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන්නට පුරුදු වුණා. එය හරහා ලෝක සිනමාවේ ඇති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒ තුළින් මගේම කියලා 2018 වසරේ යූ,ටියුබ් චැනලයක් මම පටන් ගත්තා. මේ චැනලය ඔස්සේ රත්නපුර මෙන්ම වෙනත් පළාත්වල සංචාරක දේවල් ප්‍රචලිත කලා. මේ ආපු ගමනදි නිවේදකයකු බවටද මම පත්වුණා. අද සිනමා අධ්‍යක්ෂවරයෙක් දක්වා එන්නට මඟ කියා දුන්නේ මම කළ වැඩසටහන්. එයට මට මගේ පාසලේ ගුරුවරු සහ පවුලේ සියලු දෙනාම සහාය වුණා.
ඔබේ නිර්මාණාත්මක හැකියාව ගුරුවරු කොහොමද හඳුනාගත්තේ?
මම පාසලේදි නර්තනය, ගායනය, රංගනය යන සියල්ලම පාසල් වේදිකාව තුළ දක්ෂතාවයක් ඇති ශිෂ්‍යයෙක් බවට පත්වුණා. ඒ නිසා විෂය ධාරාව හදාරන ගුරුවරු හා විදුහල්පතිවරුන් මගේ හැකියාව හඳුනාගෙන මට යන්න ඕන මාවත කියා දුන්නා. පාසල් මාධ්‍ය ඒකකය හරහා ර්‍ථඥධ ඊම හා ඡ්මඥදබ ඊම හරහා යාත්‍රිකයා නමින් ඓතිහාසික සංචාරණයන් පිළිබඳ වැඩසටහන් තුනක් විකාශය කළා. ඒ ඔස්සේ නවීන තාක්ෂණයත් යොදාගෙන මගේ හැකියාව මම වැඩිදියුණු කරගත්තා. ලෝක සිනමාව දවසින් දවස සොයාගන්නා නවතාක්ෂණය ගැන අධ්‍යයනය කරමින් ඉගෙන.ගත්තා.
ඔබේ පළමු නිර්මාණය කෙටි චිත්‍රපටයක් නේද?
අපේ පාසලේ තියෙනවා ස්වර්ණ හරිත නමින් සිනමා සංගමයක්. කෙටි සිනමාපටය නිර්මාණය කරන්නට ප්‍රථම පාසල් සිනමා සංගමය ක්‍රියාකාරී සිනමා සංගමයක් බවට අපි පත් කර ගත්තා. එහි පළමු පියවර ලෙස තමයි කෙටි සිනමා පටය අපි නිර්මාණය කළේ. රොකට් සිනමාපටය නිර්මාණය කරන්නට ප්‍රථම “සේයා” නමින් කෙටි චිත්‍රපටය ගෙනාවේ ජාතික පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරපු කෙටි චිත්‍රපට තරගාවලියක් සඳහා අපි ඉදිරිපත් කළා.ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිසත්කම යන තේමාව යටතේ තමයි අපි “සේයා”නිර්මාණය කළේ. “සේයා “කෙටි සිනමාපටය තිර පිටපත් රචනයත් රොකට් සිනමාපටයේ තිර පිටපත් රචනයත් කළේ නඳුන් දර්ශන ප්‍රේමතිලකමයි. හොඳම කෙටි චිත්‍රපට දහය අතරට අපිට එදා එන්න ලැබුණා. මේ අපි ලබපු ජයග්‍රහණයත් සමඟ අපේ සිනමා සංසදයට අවශ්‍යතාවයක් දැනුණා කවදා හරි පාසලේ නම රඳා පවතින්නට යමක් කරන්නට. සිනමා පටය නිර්මාණය කරන්නට ප්‍රථම හටන්ගම මහා විදුහලේ නාට්‍ය හා රංග කලාව උගන්වන මධුරංග සර් අපිට වැඩමුළුවක් කළා. ඒ වැඩ මුළුවෙන් පස්සේ සිනමාව පිළිබඳ අවබෝධයක් අපේ කණ්ඩායමේ සියලු දෙනාටම ලැබුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අපි රොකට් සිනමාපටය නිර්මාණය කළේ
රොකට් සිනමාපටයට මූලාරම්භය සිදුවුණේ කොහොමද?
කෙටි චිත්‍රපට දහය අතරට තේරුණාට පස්සේ අපි සියලු දෙනාම එකතුවෙලා පිළියමක් සෙව්වා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අපි සාකච්ඡා කළේ දිගු සිනමාපටයක් නිර්මාණය කරමු ලෙස. අපි මුලින්ම සකුන්තලා මුණසිංහ ගුරුතුමියට අපේ අදහස දැනුම් දුන්නා. ඒ අදහස අහලා මිස් සතුටට හා පුදුමයට පත් වුණා. එදා ඉඳන් අපිට වැඩිය උනන්දුවක් මිස් තුළ තිබුණා. ඒ මුල පිරු දිනයේ සිට අපිව දිරිමත් කරමින් මේ කටයුත්තේ යෝධ සෙවනැල්ලක් වගේ කටයුතු කළා. මිස් එක්ක එකතුවෙලා අපි අපේ අදහස එවකට හිටපු නිල් ධම්මික වතුකාරවත්ත විදුහල්පතිතුමාට ඉදිරිපත් කළා.එතුමාගේ පූර්ණ ආශිර්වාදය අපිට එදා ලැබුණ.පාසල වෙනුවෙන් එවැනි නිර්මාණයක් කරන්න ඉදිරිපත්වීම ගැන සර්ව අපේ කණ්ඩායම පැසසුමට ලක් කලා. අපෙන් පොරොන්දුවක් ගත්තා විදුහල්පතිතුමා ඉගෙනුමට කිසිම බාධාවක් නොවෙන ආකාරයෙන් සිනමා පටය නිර්මාණය කරලා අවසන් කරන්න කියලා.
අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගත්තේ කොහොමද?
මම අධ්‍යක්ෂවරයා වුණාට ප්‍රධානම ගැටලුව මතුවුණේ මුදල් සිනමා පටයට හොයාගන්නේ කියන එකයි. අපි සියලු දෙනාම ඔහොම ඉන්න අතරතුරේ තමයි මුලින්ම සිනමා පටයට මුල පිරූ නඳුන්ගේ අම්මලා රුපියල් පනස් දාහක් සිනමා පටය වෙනුවෙන් ලබා දුන්නේ සකුන්තලා මිස් හරහා වැඩ පටන් ගන්තා. මේ මුදලක් ලැබුණට පස්සේ අවශ්‍ය ඉතුරු මුදල හොයා ගන්නේ කොහොමද කියන එකයි. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතුවෙලා ව්‍යාපෘති කිහිපයක්ම අපි කළා.වාහන සෝදන ව්‍යාපෘතියක් සහ අයිස් ක්‍රීම් විකුණා ලැබුණ මුදල් සහ සකුන්තලා මිස්ගේ වැටුප චිත්‍රපටයේ ඉදිරි වැඩ කටයුතු සඳහා යෙදෙව්වා. විදුහල්පතිතුමා මැදිහත් වෙලා මුදල් සොයා දීමත් සමඟ ආදි සීවලියන්ද, සකුන්තලා මිස් වගේම මිස්ගේ මහත්තයත් මේ සඳහා පූර්ණ අනුග්‍රහකත්වයක් ලබාදුන්නා. නිමල් ගුණරත්න මහත්මයත් මුදල් ලබාදිලා ලොකු උදව්වක් කලා. කුරුවිට ග්‍රෑන්ඩ් ගාඩ්න් හෝටලයද, සමඟ ගොඩක් දෙනෙක් පසුවට අපි කරන දේ තේරුම් අරගෙන අපිට ගොඩක් උදව් කළා. ඒ නිසා තමයි අපිට සිනමා පටය නිර්මාණය කරන්නට අවස්ථාව උදාවුණේ.
කාර්මික සහාය ලබා ගත්තේ කොහොමද?
ඊට පස්සේ මතුවුණ ලොකුම ගැටලුව වුණේ සිනමා පටය රූපගත කරන්නේ කොහොමද කියන එකයි. රූපගත කිරීමට අවශ්‍යය උපකරණ ගැටලුව පැන නගින විට සකුන්තලා මිස්ගේ මහත්තයා අමිල තිලකරත්න මැදිහත් වෙලා එතුමාට ඉබභඤඪධ එකක් තිබෙන නිසා චිත්‍රපටයේ උපකරණ ලබා ගැනීමේදී නිෂ්පාදනය පැත්තෙන් දායක වුණා. ආදි සීවලී සම්පත් ගුණසේකර මහතා ගාව තිබුණු කැමරාව අපට රූපගත කිරීම් සඳහා ලබා දුන්නා.ගැටලු රාශියකට මුහුණ දීලා අවසානයේ අපිට හොඳ ධභබ නභබ එකක් ප්‍රේක්ෂකයා හමුවට ගේන්න ලැබුණා. සකුන්තලා මිස්ගේ මඟ පෙන්වීම යටතේ විදුහල්පතිතුමා ගුරු මණ්ඩලය, අනධ්‍යයන කාර්යය මණ්ඩලය සහ අපේ කණ්ඩායමේ තිබුණු ධෛර්ය නිසා අපි ජයග්‍රහණය අභිමුවට පැමිණියා.
සියයට සීයක් සීවලී නිර්මාණයක් කියලා කියන්නේ කොහොමද?
කොළඹ ආනන්ද විදුහලේ ආදි ආනන්දයන්ගේ “නිම් වළල්ල” සිනමා පටයෙන් පසු නිර්මාණය වන දෙවැනි සිනමා පටය” වන්නේ සීවලී විද්‍යාලයේ “රොකට් සිනමාපටයයි. සිනමා පටය රූපගත කරන්නට ඉස්සෙල්ලා තිර පරීක්ෂණයක් පැවැත්වූවා පාසලේ. විදුහල්පති තුමාගේ සිට මෙයට ඉදිරිපත් වූ සහෝදර සහෝදරියන් දක්වා තිර පරීක්ෂණය සඳහා යොමු වුණා. එයින් අපට උචිත චරිත පමණයි අපි යොදාගත්තේ. මේ සිනමා පටයට සම්බන්ධ සියලු චරිත සිවලී විද්‍යාලයට සම්බන්ධ චරිතයි. මගේ සහෝදර සහෝදරියන් පාසලේ, විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලයේ මව්වරුන්, පියවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආරක්ෂක සේවකයින්, අතරින් තෝරා ගත්ත චරිත රොකට් සිනමා පටයට පූර්ණ දායකත්වය ලබා දී තිබෙනවා. ඒ සහභාගිත්වය නිසා තමයි අපි කියන්නේ මෙය සීයට සියක් සීවලී නිර්මාණයක් වන බව. මගෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ලංකාවේ රංගන ශිල්පීන් සිටියදී ඇයි ඔබේ සිනමා පටයට ප්‍රවීණයන් සහ තරුණ නළු නිළියන් හැටියට ඉන්න අය යොදා නොගත්තේ කියලා. සිනමා සංසදයේ සාමාජිකයන් අතර කතාබහකට මුල පිරුවා සිනමා පටය පටන් ගන්නට ඉස්සෙල්ලා.කලා ක්ෂේත්‍රයේ ඉන්න ශිල්පීන් යොදා ගැනීමට. ඒත් අපේ තීරණය අපි පසුව වෙනස් කලා අපේම නිර්මාණයක් වෙන්න ඕන නිසා සියයට සීයක් සීවලී ඉන්න සියලු දෙනාම යොදාගන්න. එදා එහෙම නොකළා නම් සීයට සීයක් සීවලී නිර්මාණයක් කියලා කියන්නට පුළුවන් හැකියාවක් අපිට බැරිවෙනවා. අපි සියලු දෙනාගේ සාමූහික එකමුතුකම නිසා අපිට මේ නිර්මාණය සීවලී නිර්මාණයක් ලෙසම සමාජගත කරන්නට පුළුවන් වුණා.
නිෂ්පාදන කටයුතු අවසන් වීමෙන් පසු පාසලේ තිරගත කිරීමට පමණයි නේද අදහස් කළේ?
රත්නපුර හා පාසල අවට අවුරුදු දෙකක් තිස්සේ නිර්මාණය කළ සිනමා පටයේ වැඩ අවසන් කළා. අධ්‍යක්ෂවරයා වූ මාවත්, නිර්මාණයට දායක වුණු කිසිවෙක් මෙච්චර ජනප්‍රියත්වයට රොකට් පත්වෙයි කියල කවමදාකවත් හිතුවේ නෑ. මා ඇතුළු කණ්ඩායමේ බලාපොරොත්තුවේ තිබුණේ පාසල් ප්‍රධාන ශාලාවේ ඹ්ඡ්ච් තිරයක සිනමාපටය පෙන්වීමටයි. ශාන් අල්විස් අයියා සිනමා පටය ච්ඛ්ර්‍ථ කරනවිට අපිට හොඳ සහයෝගයක් ලබාදුන්නා. ඔහුගේ සහයෝගය නිසා තමයි මෙය දිගු සිනමා පටයක් බවට පත්වෙන්නේ. සිනමා පටය සමහර තැන් මුල මැද ගැලපෙන්නැති තැන් තිබුණා.ඒනිසා රූපගත කළ සමහර දර්ශන ගොඩක් අයින් කළා. ඒ සමන් දෙවියන්ගේ අඩවියේ ඉන්න හින්දා ඒ සියලු බලාපොරොත්තුව අප වෙත ගෙන දෙමින් අපිව ඒ තැනට ගෙන ගියා. අපි හිතුවෙත් නැති විදිහට දිවයින පුරාම සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කරන්න මඟ කියා දුන්නා. මේ ගමනේදී අපට සුන්දර පුද්ගලයෙක් මුණගැසුණා. තිස්ස නාගොඩවිතාන චිත්‍රපට සමාගමේ විධායක නිෂ්පාදක රොෂාන් සංජය මහතා සිනමා පටය ඉදිරි පියවර ගැන අපිට පැහැදිලි කිරීමක් කලා. ඒ පැහැදිලි කිරීමත් සමඟ ඔහු අපිට උදව් කරන්න ඉදිරිපත් වුණා. රැඟුම් පාලක මණ්ඩලයේ, චිත්‍රපටි සංස්ථාවේ කාර්යභාරයේ සිට පුළුල් තිරයේ ප්‍රදර්ශනයට අවශ්‍ය නෛතික කටයුතු සහ ප්‍රදර්ශනය දක්වාත් ප්‍රචාරණ කටයුතු සඳහා ද සංජය මහත්මයාගේ සහයෝගයෙන් උපෙන්ද්‍ර බණ්ඩාර මහත්මයා ඉදිරිපත්ව අපිව ඉදිරියට ගෙන ගියා. අපි මුලින්ම හිතුවේ රත්නපුර ඉම්පීරියල් සිනමාශාලාවේ මංගල දර්ශනය පැවැත්වීමටයි. ඒත් අපේ බලාපොරොත්තු ඉහළ දමමින් කොළඹ වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවට රොකට් ගෙන එන්නට අපිට මග කියා දුන්නේ සංජය මහතායි. ඒ අනුව තමයි අපි මංගල දර්ශනය වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ නළු නිළියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිවරා පැවැත් වූයේ.ඹ්ඡ්ච් තිරයෙන් එහා ගිය නොසිතූ වරප්‍රසාද සහ පිළිගැනීමට මා ඇතුළු මගේ කණ්ඩායම පත්වීම ගැන පුදුම සතුටක් දැනුණේ එදා.ලංකාවේ සිටින කලා පුවත්පත්වල සහ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු විද්‍යුත් මාධ්‍යවල මාධ්‍යවේදීන්ගේ පැසසුමට ලක් වෙමින් මුළු ලෝකයටම අපව රැගෙන ගියා. මම මෙය අවස්ථාවක් කර ගන්නවා ඒ සියලු දෙනාට ස්තුති කරන්න අපිව එතනට ඔසවා තැබුවාට.ජීවිතේ කවදාක්වත් අමතක නොවන දිනයක් බවට එදා අපිව පත්කළා. මේ දින පනහ පසු කරන විට ලැබෙන සතුටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදීලා තියෙනවා පාසල් සඳහා උචිත සිනමාපටයක් බවට නරඹන්නට. එයත් අපි ලැබූ ජයග්‍රහණයක් වෙනවා මේ ගමනේදී.මේ වන විට රත්නපුර ප්‍රදේශයේ සියලු පාසල් මේ සිනමා පටය නැරඹීම සිදු කරනවා. සමහර දිනවල සිනමා ශාලා පිරී ඉතිරී ගොස් තිබෙන දවසුත් තියෙනවා.
පුලුල් තිරයේ සිනමාපටය දකින විට මොකද හිතුණේ?
මගේ ජීවිතයේ මම ලබපු පළමු අත්දැකීම ඒ වෙන්න ඇති කියලා හිතුවා. කෙටි සිනමාපටයක් අධ්‍යක්ෂණය කළත්, දිගු සිනමාපටයක් අධ්‍යක්ෂණය කරලා පුළුල් තිරයේ දකින විට පාසල් මට්ටමේ සිනමාව ගැන අධ්‍යාපනය හදාරන අධ්‍යක්ෂකවරයෙක්ගේ සතුට වචන වලට පෙරලන්නට අමාරුයි. මා ඇතුළු මගේ කණ්ඩායමට ඇති වෙච්ච හැඟීම කියල නිම කරන්නට බැහැ.අපි මෙච්චර දුරක් ආවාද කියලා සැබැවින්ම හිතුණා. ඒ පිටුපස සිටිය යෝධ ශක්තීන් සියලු දෙනාටම කෘතගුණ සලකන්නට මෙය අවස්ථාවක් කර කරගන්නවා. විදුහල් පතිතුමාලා, සකුන්තලා මිස් ඇතුළු, පුෂ්ප කුමාර හේරත් සර්, මගේ කණ්ඩායමේ දෙමාපියන්, සහාය දැක්වූ ආදි සීවලියන් සමඟ සියලු දෙනා නොසිටියා නම් අද මේ ගමන අපිට එන්න වෙන්නේ නැහැ.
සිනමා පටයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සිනමා පටය නරඹපු ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය ජාලා හරහා හොඳ ප්‍රතිචාර ලබා දී තිබුණා.ඒ වගේම මුණ ගැහෙන සියලුම දෙනා අපේ කණ්ඩායමට ප්‍රශංසා කරන්නේ හරිම ළෙන්ගතු ලෙසයි. මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා දින පනහ පසු කරන විටත්. අපි වෙනුවෙන් රොකට් සිනමා පටය නරඹන්නට ආපු ගොඩක් දෙනෙක් අපේ අඩුපාඩු පෙන්වා දෙමින් අපේ ගමන් මගට අවශ්‍ය අධ්‍යාපන කටයුතුවලට මග පාදා දෙන්නටත් කතා කරපු අවස්ථා තිබෙනවා. මම දකින විදිහට පාසල් සිනමාවට සම්බන්ධ වෙලා මෙච්චර දුරක් එන්න ලැබුණේ සමන් දෙවියන්ගේ පිහිටෙනුත් සරස්වතී දෙවියන්ගේ බැල්ම නිසාත් වෙන්න ඇති කලාවේ ආශිර්වාදය ලබන්න පින් කළේ. මතක් කලයුතුම දෙයක් තියෙනවා පසුගිදා මාතකඩ විහාරස්ථානයේ භික්ෂු පුහුණු ආයතනයේදී රොකට් සිනමාපටයට සම්බන්ධ වුණු සියලු දෙනාව ඇගයීමටත් ලක් කලා. ඒ සියලු දෙනාට අපේ හද පිරි භක්තිය ප්‍රණාමය පුද කරනවා. නරඹපු සියලු දෙනාගේම ඉල්ලීම වුණෙත් ඊළඟට හොඳ සිනමාපටයක් ගෙනෙන්නට කියායි.අපි සියලු දෙනාත් ඒ වෙනුවෙන් මේ වනවිටත් කැපවීමෙන් ඉන්නේ. එය ප්‍රේක්ෂකයා හමුවට ගේන්න ටික කාලයක් අපි සියලු දෙනාටම ගතවෙයි.එතකන් රොකට් සිනමාපටයත් සමඟ රැඳී ඉන්න කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලනවා.
ආපු ගමන ආපස්සට හැරිලා බලපුවාම මොකද හිතෙන්නේ?
මගේ පුංචි කාලේ තිබ්බ බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා කියලා හිතනවා. මේ වන විට මම සරසවි සිසුවෙක් බවට තේරී පත්වී සිටිනවා. මම සිනමාව සම්බන්ධව තමයි සරසවියේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ලාංකීය සිනමාව සහ ලෝක සිනමාව සම්බන්ධව හදාරමින් ලාංකීය සිනමාවට හොඳ මෙහෙවරක් කරන්නයි මගේ අනාගත බලාපොරොත්තුව. මේ මගේ දෙවැනි අධ්‍යක්ෂණය වන සිනමා පටය ඉදිරියේදී ආදි සීවලියන් ජීවත්වෙන විදේශීය රටවල ප්‍රදර්ශනයට ඇරයුම් ලැබිලා තියෙනවා. මේ වනවිට මගේ කණ්ඩායම ඒ සඳහා සූදානම් වෙනවා. සිනමා පටයට සම්බන්ධ වුණ සියලු දෙනාටම අභිමානයක් වෙනවා සීවලී සිසුන් කියලා ඉදිරියේදී කවදා හරි දවසක කියන්න මේ සිනමා පටය හරහා ආපස්සට හැරිලා බලන විට එදාට මට දැනෙන සතුට දරාගන්න බැරිවෙයි. මෙච්චර දුරක් මාව රැගෙන ආපු මගේ දෙමව්පියන් ඇතුලු පවුලේ සියලුම දෙනාට සමන් දෙවියන්ගේ ආශිර්වාදය පුදකරනවා. ඔවුන් මට ඒ නිදහස ලබා දුන්නේ නැත්නම් මගේ අධ්‍යාපනයත් මේ සිනමාවේ යන ගමනක් යන්න බැරි වෙනවා. මගේ ජීවිතයේ බලාපොරොත්තුව ජීවත් කරවන්නේ මගේ සිනමාවයි.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න