නිවස විචාර ලංකාවේ දකුණු ආසියාවේ පළමු ලේසර් තාක්ෂණික අයිමැක්ස් සිනමාශාලාව

ලංකාවේ දකුණු ආසියාවේ පළමු ලේසර් තාක්ෂණික අයිමැක්ස් සිනමාශාලාව

by Mahesh
August 1, 2024 12:30 am 0 comment

– අපිට ඕනෑ වුණේ ගෙදර ඉන්න සිනමා ප්‍රේක්ෂකයාව සිනමාශාලාවට ගේන්න
– ප්‍රේක්ෂකයාට චිත්‍රපටයක් හොඳ විදියට බලන්න තියෙනවා නම් ප්‍රේක්ෂකයා සිනමාශාලාවට එනවා

කලින් කලට ලෝක සිනමාව තුළ නව තාක්ෂණික ප්‍රවණතා බිහි වෙනවා. සිනමාව මොහොතින් මොහාත තාක්ෂණික වශයෙන් අලුත් වෙනවා. වෙනස් වෙනවා. ඒ අතරින් සිනමාව තුළ චිත්‍රපට ප්‍රදර්ශනය කියන්නේ වැදගත්ම අංගයක්. වර්තමානයේ ප්‍රේක්ෂකයාට සිනමාශාලාවකට ගොස් හොඳම සිනමා අත්දැකීමක් විඳ ගැනීමට තිබෙන අවස්ථාව ලෙස සැලකෙනුයේ ‘ධ්ර්ඒඔ’ සිනමා මාදිලියයි. ධ්ර්ඒඔ යනු වර්තමානයේ හොලිවුඩ් සිනමාව තුළ චිත්‍රපට රූගත කරන ඉහළ තාක්ෂණික අංගවලින් සමන්විත හොඳම කැමරා වර්ගයක් සේම චිත්‍රපටයක් නැරඹීමට හැකි හොඳම ආකාරය විදියටයි සිනාමාකරුවන් නිර්දේශ කරන්නේ. ‘IMAX’ යනු සම්පූර්ණයෙන්ම පාහේ තාක්ෂණික ක්‍රියාදාමයක් කියුවොත් නිවැරැදි.

අති නවීන තාක්ෂණික මැදිහත්වීමක් හරහා සිදු කරන ඉතාම තියුණු රූප හා ශබ්ද සහිත සිනමාපටයක් නිර්මාණය කිරීම ධ්ර්ඒඔ තාක්ෂණය හරහා සිදු වෙනවා. ලොව පුරා මේ වනවිට ධ්ර්ඒඔ සිනමාශාලා 1700 ක් පමණ ඉදි වී තිබෙනවා. දකුණු ආසියාවේ ඉදිවන හොඳම සිනමාශාලාවක් විදියට සහ ලංකාවේ ඉදිවන පළමු IMAX සිනමාශාලාව විදියට සිනමා ස්කෝප් සමාගම විසින් කොළඹ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී පසුගියදා සිට ප්‍රේක්ෂකයන්ට විවෘත කෙරිණ. ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට ලැබෙන අලුත්ම සිනමා අත්දැකීම වන ධ්ර්ඒඔ සිනමාශාලාව පිළිබඳ ස්කෝප් සිනමාස් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ තුෂාන් රංගන මීමනගේ මහතා සමඟ සිදු කළ කතාබහ මෙවර සරසවිය හරහා ඉඩ වෙන්වනවා.

ලංකාවේ IMAX තාක්ෂණයෙන් ඉදිවුණ පළමු සිනමාශාලාව විදියට සාමාන්‍ය සිනමාශාලාවකින් IMAX සිනමාශාලාවක අත්දැකීම වෙනස් වෙන්නේ කොහොමද? මොකක්ද මේ ස්කෝප් සිනමාස්ලා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න යන IMAX කියන්නේ?

සාමාන්‍ය සිනමාශාලාවකින් වෙනස් වෙන්නේ කොහොමද කියනවා නම් සාමාන්‍යයෙන් අපි බලන සිනමාශාලාවක තිරය උස අඩි 45ත් පළල අඩි 35 අතර වෙනවා. නමුත් IMAX සිනමාශාලාවක තිරය අඩි 45ක් උස අඩි 70ක් පළල දැවැන්ත තිරයක් සහිත සහ තියුණු ශබ්ද, රූප ඇතුළත් ඉහළම තාක්ෂණයක් සහිත පරිපූර්ණ සිනමාශාලාවක් විදියට තමයි ස්කොප් අයිමැක්ස් සිනමා ශාලාව මහජනතාවට විවෘත වෙන්නේ. අනෙක් විශේෂත්වය ධ්ර්ඒඔ 4ම් ලේසර් ප්‍රොජෙක්ෂන් තාක්ෂණයකින් තමයි චිත්‍රපට තිරගත කරන්නේ. ලේසර් ප්‍රොජෙක්ෂන් තාක්ෂණය හරහා අයිමැක්ස් චිත්‍රපට ශාලා ඉදිවීම ගිය වසරේ ඇරඹුණ නිසා ලෝකයේ අනෙක් අයිමැක්ස් සිනමාශාලාවලට වඩා අපේ සිනමාශාලාව තාක්ෂණයෙන් වැඩියි. තව එකක් තමයි අයිමැක්ස් ඒකට වෙනම සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. දැනට ගත්තොත් සාමාන්‍ය ඩිජිටල් සිනමා ශාලාවක තියෙන්නේ සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එක 12.1. හැබැයි IMAX එකේ සවුන්ඩ් ට්‍රැක් එන්නේ වෙන වෙනම. ප්‍රේක්ෂකයාට වෙන වෙනම ඒ සවුන්ඩ් ට්‍රැක් ඇහෙන්න සැලැස්වෙන විදියටයි ධ්ර්ඒඔ නිර්මාණය වෙලා තියෙන්නේ. ප්‍රේක්ෂකයාට වෙනම සවුන්ඩ් ට්‍රැක් එක අහන්න පුළුවන් කියන්නේ මෙහි තිබෙන අසමසම තාක්ෂණය කොතරමිද කියලා හිතාගන්න පුළුවන්. මේ හින්දම IMAX සිනමාශාලාවකින් චිත්‍රපට බලන ප්‍රේක්ෂකයාට 100%ක තියුණු සහ සුපැහැදිලි වර්ණ සහ ශබිද සහිත සිනමා අත්දැකීමක් ලැබෙනවා. අනෙක් අතට අයිමැක්ස් කියන ආයතනයම තමයි අයිමැක්ස් කියන බ්‍රැන්ඩ් එක යටතේ ස්ක්‍රින් එක, ප්‍රොජෙක්ටර්ස්, සවුන්ඩ් සිස්ටම් එක එවන්නේ. අපි 26 වැනිදාට අයිමැක්ස් සිනමා ශාලාවේ තිරගත කරන පළමු චිත්‍රපටය තමයි ‘deadpool vs Wolverine’ හොලිවුඩ් චිත්‍රපටය.

ස්කෝප් සිනමාස් කියන්නේ ලංකාවේ සිනමාශාලා අතර දැවැන්ත සන්නාමයක්. මේ වගේ සිනමා සංකීර්ණයක් හදන්න හිතුවේ ඇයි?

ඉතාම හොඳ ප්‍රශ්නයක්. ස්කෝප් සිනමාස්ලා විදියට අපි තමයි ඉස්සෙල්ලාම ඩොල්බි ඇට්මොස් තාක්ෂණය සහ 4ම් ප්‍රොජෙක්ටර්ස් ලංකාවේ ගෙනාවේ. අපිට ඕන වුණේ නෑ 7.1 සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන තවත් මල්ටිප්ලෙක්ස් සිනමා සංකීර්ණයක් හදන්න. එකේ මැජික් එකක් නෑ තවදුරටත්. අපිට ඇත්තටම ඕන වුණේ අලුත් සිනමා අත්දැකීමක් අපේ ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙන්න. අපිට ඕන වුණේ සිනමා කර්මාන්තයක් විදියට ලංකාවේ සිනමා කර්මාන්තය දියුණු කරන්න. අඟල් 55×65 ටී.වී එකක් ගන්නවා කියන්න අද කාලේ ලොකු දෙයක් නෙමෙයි. හෝම් තියටර් එකක් ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමයි. අපිට ඕන වුණේ ගෙදර ඉන්න සිනමා ප්‍රේක්ෂකයාව සිනමාශාලාවට ගේන්න. අනෙක් අත⁣ට අයිමැක්ස් වගේ සිනමාශාලාවක චිත්‍රපටයක් බලන්න වෙන රටකට යන්න ඕන. ඒ අත්දැකීම සහ අවස්ථාව මෙතෙක් ප්‍රේක්ෂකයාට අහිමි වෙලා තිබුණා. අපිට ඇත්තටම ඕන වුණේ මෙි ලබාගත නොහැකිව තිබුන අයිමැක්ස් සිනමා අත්දැකීම ප්‍රේක්ෂකයාට ලබා දෙන්න. දකුණු ආසියාවේ ප්‍රථම වතාවට තමයි ලේසර් තාක්ෂණය යටතේ අයිමැක්ස් සිනමාශාලාවක් මෙි විදියට මහජනතාවට විවෘත වෙන්නේ.

මේ සිනමා ශාලාව හදන්න කලින් අධ්‍යයනයක් කළාද?

ඔව්. අපි අධ්‍යයනයක් කළා. ගොඩක් අය කියවුණේ සිනමා කර්මාන්තය වැටිලා කියලා. එහෙම කඩා වැටීමක් හෝ බිඳ වැටීමක් ඇත්තටම දකින්න නෑ. කඩා වැටීම නෙමෙයි ඇත්තටම වෙලා තියෙන්නේ. ප්‍රේක්ෂකයාට චිත්‍රපටයක් හරි විදියට, හොඳ විදියට බලන්න තියෙන අවස්ථාව ඇති කළා නම් ප්‍රේක්ෂකයා සිනමාශාලාවට එනවා. අපි කාලාන්තරයක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක් තමයි මිලියන 22ක් ලංකාවේ ජනතාවෙන් 5%ක් වගේ කුඩා පිරිසක් තමයි සිනමාශාලාවට එන්නේ. මේ ප්‍රමාණය වැඩිකරගන්න ඕන නම් අපි කරන්න ඕන අලුත් අත්දැකීමක් සිනමා ප්‍රේක්ෂකයාට දෙන්න. ඒ⁣ අධ්‍යනයේ සහ නිරික්ෂණයේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ අයිමැක්ස් සිනමා ශාලාව ලංකාවේ ප්‍රේක්ෂකයාට අපි ලබා දෙන්න තීරණය කළේ.

scope imax  සිනමාශාලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය සහ එහි ස්වභාවය සිද්ධ වෙන්නේ කොහොමද? මිල ගණන්, චිත්‍රපට පෙන්වන වේලාවන්, ආසන ධාරිතාව වගේ තොරතුරු?

අයිමැක්ස් සිනමාශාලාව පමණක් නෙමෙයි. මෙි අයිමැක්ස් සිනමාශාලාව ඇතුළත්ව සිනමා සංකීර්ණයක් විදියට තමයි නිර්මාණය වෙන්නේ. මේ සිනමා සංකීර්ණය ස්කෝප් සිනමාස් හැව්ලොක් සිටි කියන සන්නාමය යටතේ තමයි නිර්මාණය වෙන්නේ. එතකොට මේ සිනමා සංකීර්ණයේ අයිමැක්ස් සිනමා ශාලාවට අමතරව තවත් චිත්‍රපට ශාලා පහක් තියෙනවා. එතකොට ඔක්කොම හයක් තියෙනවා. එතකොට ලංකාවේ ලොකුම සිනෙප්ලෙක්ස් එක වෙන්නේ මේ හැව්ලොක් සිටි එකේ නිර්මාණය වුණ සිනමා සංකීර්ණය. ඕනෑම ප්‍රේක්ෂකයෙක්ට මිනිත්තු 15න් 15ට චිත්‍රපටයක් නැරඹීමේ පහසුකම තියෙනවා. මුළු ආසන ධාරිතාව ගත්තොත් ආසන 1200ක් පමණ තියෙනවා. අනෙක් දේ තමයි අපේ සිනමා සංකීර්ණයේ තියෙන සියලුම සිනමාශාලා ප්‍රොජෙක්ට් වෙන්නේ 4ම් ලේසර් මැෂින්වලින්. අපි භාවිතා කරන්නේ ලේසර් තාක්ෂණය. ලංකාවේ කිසිම තැනක මේ වගේ සිනමා අත්දැකීමක් නෑ. මිල ගණන් ගත්තොත්. වෙන රටවල ධ්ර්ඒඔ ටිකටි එක ලංකා මුදලින් රුපියල් 7000 පමණ වෙනවා. නමුත් අපි අයිමැක්ස් ටිකට්පතක් විකුණන්නේ ඩිමාන්ඩ් එක වැඩි ටයිම්වල රුපියල් 4300කට වගේ. ඩිමාන්ඩ් එක අඩු ටයිම්වල රුපියල් 3500ක් පමණකට වගේ ටිකට්පතක් අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නෙ. අයිමැක්ස් සිනමාශාලාවක් හදන්න සාමාන්‍ය සිනමාශාලාවක් හදනවා වගේ විසිගුණයක් පමණ මුදලක් වැය වෙනවා. ඉතින් ඒ වගේ විශාල පිරිවැයක් දරලා තමයි IMAX සිනමා ශාලාව නිර්මාණය වෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකයා ගැන හිතලා 3500කට වගේ මිල කරන්නේ. මොකද ටිකටිපතක් ඊට වඩා අඩු කරන්න බෑ මේ දරලා තියෙන පිරිවැයත් එක්ක. මේ සිනමා සංකීර්ණයේ අනෙකුත් සිනමාශාලාවල සාමාන්‍යයෙන් රුපියල් 1200ක් පමණ මිලකට තමයි ටිකට්පතක් අලෙවි වෙන්නේ.

Imax සිනමා ශාලාවේ ශබ්ද පද්ධතිය සහ තිරය පිළිබඳ අදහස මොකක්ද?

දැනට ලෝකයේ තියෙන ලොකුම සිනමා තිර තියෙන්නේ අයිමැක්ස් සිනමාශාලාවල. වැඩිම ඉල්ලුමක් තියෙන සිනමාශාලා තමයි අයිමැක්ස් කියන්නේ. හොලිවුඩ්වල අද සියලුම චිත්‍රපට වගේ ෂුටි කරන්නේ අයිමැක්ස්වලින්. අනෙක් අතට අයිමැක්ස් ශබ්ද තාක්ෂණය දියුණුයි. මොකද ශබ්ද පාලනයක් මෙි අයිමැක්ස් සවුන්ඩ්වල කරන්නේ නෑ. චිත්‍රපටය ඇතුළේ තියෙන සියලුම ශබ්ද ස්වයංක්‍රීයව පාලනය වෙන විදියට තමයි අයිමැක්ස් සවුන්ඩ් සිස්ටම් එක නිර්මාණය වෙලා තියෙන්නේ.

මෙම Imax සිනමා ශාලාව තුළ ප්‍රේක්ෂකයන්ට ලැබෙන විශේෂ පහසුකම් මොනවද?

ඇත්තටම කියුවොත් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ලැබෙන පළවෙනි පහසුකම තමයි ප්‍රථම වතාවට අයිමැක්ස් අත්දැකීමට අනු⁣ගත වෙන එක. ඊට අමතරව සිනමාශාලාවේ සැකැස්ම ගත්තොත් සුඛෝපභෝගී තරු පහේ හෝටෙල් එකක් විදියට තමයි සිනමාශාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. සිනමාශාලාවට යාබදව අලුත් ආහාරපාන රසවිඳීන්න පුළුවන් අවන්හලක් තියෙනවා. ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට තරඟ සංවිධානය කරනවා. ඉවෙන්ට් සංවිධානය කරනවා. විශේෂ ඩිස්කවුන්ට් ලබා දෙනවා. ඒ වගේම ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් ලබා දෙන්න මෙි සිනමා සංකීර්ණය හරහා බලාපොරොත්තු වෙනවා. ඕස්ට්‍රේලියා මහද්විපය ගත්තොත් අයිමැක්ස් සිනමාශාලා තියෙන්නේ තුනයි. දැන් ලංකාවට අයිමැක්ස් සිනමාශාලාවක් තියෙනවා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඉතාම සතුටින් ආරාධනා කරනවා අයිමැක්ස් සිනමා අත්දැකීම විඳගන්න කියලා.

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT