අනූජ් රණසිංහගේ කතා සංකල්පයකට හර්ෂ උඩකන්ද තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි නිෂ්පාදනය කළ ‘රෝස ආදරේ’ හෙට 03 වැනි දා සිට එම්.පී.අයි. මණ්ඩලයේ සිනමා ශාලා ඇතුලු දිවයින පුරා සිනමා ශාලාවන් හී තිරගත වීම ඇරඹේ. තිරයට හඳුන්වා දෙන නිසල හෙට්ටිආරච්චි සමඟින් දිනක්ෂි ප්‍රියසාද්, දිල්හානි ඒකනායක, රජිත හිරාන්, පැතුම් රුක්ෂාන්, නිමේෂ් එදිරිසිංහ, වසන්ත කුමාරවිල, රයන් වැන්රෝයන්, ලාල් වීරසිංහ, රුමලි කේෂිඩා සහ වසන්ත කුමාරසිරි සමග රංගන ශිල්පීන් රැසක් එක්වෙති.
නිශාන් හසිත කැමරා අධ්‍යක්ෂණයෙන් , තිවංක අමරසිරි සංස්කරණයෙන්, ශාන් අල්විස් වර්ණ සංයෝජනයෙන්, ශේන් ආර්යන් නර්ථන වින්‍යාසයෙන් ද, සංගීත අධ්‍යක්ෂණයෙන් සහ ගී තනු නිර්මාණයෙන් නිමේෂ් කුලසිංහ, ගී පද රචනයෙන් ශෙහාන් ගලහිටියාව සමඟින් කුසල විදානපතිරණ ද, ගීත ගායනයෙන් රවීන් තරුක , ආදිත්‍යා වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්‍රියා, හිරුෂ ප්‍රනාන්දු සහ සෙව්මිනි සංජානා එක්වී ඇත. නිෂ්පාදන කළමනාකරණයෙන් නන්දලාල් ජයසිරි, විධායක නිෂ්පාදනයෙන් ශලිනි ප්‍රනාන්දු උඩකන්දගෙනි.