57
ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පියකු, ගායකයකු වන රොඩ්නි වර්ණකුල විසින් රචිත ‘රොඩ්ඩාගේ වර්ණකුලය’ කෘතිය ජනගත කිරීම එළැඹෙන 30 වැනි බදාදා ප.ව. 4.00 ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම කෘතිය ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි. එදින මුඛ්‍ය දේශනය කරනු ලබන්නේ මහාචාර්ය සරත් විජේසූරිය විසිනි.
රොඩ්නි මේ සමඟ ස්වකීය කලා ජීවිතයේ 45 වැනි වසර සමරයි.