කළු පැහැති පසුතලය මත සුදු පැහැති ඉංග්‍රීසි අකුරින් ඇඳෙන්නේ ‘බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර – 1970, හමුදා ඒකාධිපති පාලනය යටතේ’ යනුවෙනි. ඉනික්බිතිව මීළඟ රූපය ජේදනය වන්නේ මැදිවියේ කාන්තාවක උඩුකුරුව මුහුණ හොවා මුහුදේ නහමින් සිටින සමීප රූපයක් වෙතයි. ඊට පරිබාහිරව හෙලිකොප්ටර් යානයක් ගමන් ගන්නා හඬකි. මේ රියෝ නුවර වෙරළ තීරය බව හඟවන පුළුල් රූප පෙළක් වෙත සංස්කරණය වෙයි. රියෝ නුවර වෙරළ තීරයේ වොලිබෝල් ක්‍රීඩා කරන තරුණ තරුණියන් සමූහයකගේ විනෝදකාමී හැසිරීම් සහ මෙම වෙරළේ කෙළි සෙල්ලම් කළ එම පවුල නගරයේ වාසය කරන එක්තරා ප්‍රීතිමත් මධ්‍යම පාන්තික පවුලක් බව ඊළගට ජේදනය වන රූප සමුදායෙන් සටහන් වෙයි. රියෝ නුවර පුරා හමුදා භටයන් රැගත් යුද රථ එහා මෙහා ගමන් කරයි. ජනජීවිතයේ නිදහස අඩාල කරන නගරයෙහි තැන තැන හමුදා බැරැක්ක යොදා සිවිල් වැසියන් සෝදිසි කරන මෙහෙයුම් ද සිදු වෙනවා.
කොන්ග්‍රස් සභිකයකු වන ‘රූබන්ස් පයිව්’ මෙම කුටුම්භයේ ගෘහ මූලිකයා ය. ඔහුට දියණියන් සිව් දෙනකු සහ එක් පුත්‍රයකු සිටී. රුබෙන්සේගේ බිරිය ද දැඩි සේ ඔහුට ආදරය කරන්නෙකි. රුබෙන්ස් යනු සැබැවින්ම ආදරණීය පියෙකි. ආදරණීය සැමියෙකි. ඔහු නිවසේ තම බිරිඳ සහ දරුවන් සමඟ සිටියදී හිටිහැටියේම ආණ්ඩුවේ මිලිටරි නිලධාරීහු විසින් බලහත්කාරයෙන් රැගෙන යති. ඒ දේශපාලනික පළිගැනීමි නිසා බව රුබෙන්ස්ගේ බිරිය යුනිස් පයිවා දන්නේ ඉන් බොහෝ වෙලාවකට පසුවයි. දරුවෝ සැමවිටම මවගෙන් “පියා කෝ?” යැයි විමසති. දරුවන් අසන එම බැරැරුමි ප්‍රශ්නය ඉදිරියේ මව නිරුත්තර ය. පවුලක පියා එසේත් නැත්නම් සැමියා අහිමි වූ විට කුටුම්භය තාවකාලිකව කඩා වැටේ. දේශපාලන පළිගැනීම් නිසා අසරණභාවයට පත් වූ බිරිඳකගේ, මවකගේ, ගැහැනියකගේ ආතතිය, අසරණභාවය, ‘I’m Still Here’ බ්‍රසීල සිනමාපටය විසින් මතු කරන ප්‍රමුඛ අදහසකි. ඇය පස් දරු මවක් ලෙස මුහුණ දෙන පීඩනය ප්‍රේක්ෂකයා සංවේදී කරවයි. මෙම වසරේ පැවති 97වැනි ඔස්කාර් සම්මාන උළෙලෙහි හොඳම අන්තර්ජාතික චිත්‍රපටය වෙනුවෙන් පිදෙන විශේෂ සම්මානය හිමි කරගත්තේ ‘I’m Still Here’ චිත්‍රපටයයි. එහිදි ඇකඩම් සම්මානයක් දිනා ගත් පළමු බ්‍රසීලියානු චිත්‍රපටය බවට එය පත් විය. ඇමරිකානු ජාතික සමාලෝචන මණ්ඩලය විසින් 2024 වසරේ හොඳම අන්තර්ජාතික චිත්‍රපට පහෙන් එකක් ලෙස ද ‘ධ්’ථ ඉබඪතත ඩ්ඥපඥ නම් කරන ලදි.
‘I’m Still Here’ බ්‍රසීල චිත්‍රපටය සඳහා පාදක වන්නේ ‘මාර්සෙලෝ රූබන්ස් පයිවා’ විසින් ලියු ‘I’m Still Here’ චරිතාපදාන කෘතියයි. මාර්සෙලෝ යනු රූබන්ස් පයිවාගේ පුත්‍රයා වේ. ඔහුගේ පියාගේ අතුරුදහන් වීම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයට, විශේෂයෙන් ඔහුගේ මව වන යූනිස් පයිවාට ඇති කළ බලපෑම වඩාත් අවධානයට ලක් වේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘වෝල්ටර් සැල්ස්’ නම් සම්මානනීය සිනමාකරුවා විසිනි. සිනමාපටයේ වඩාත් අවධානය දිනා ගන්නා චරිතය වන්නේ රූබන්ස්ගේ බිරිඳ වන යුනිස්ගේ චරිතය නිරූපණය කරන ‘ෆර්නැන්ඩා ටොරස්ගේ’ රංගනයයි. ඇය විසින් සිදු කරන සංවේදී රංගනය චිත්‍රපටයට ලැබෙන වටිනාකම සහ අර්ථාන්විතබව සුළුපටු නොවේ.
සිනමාපටයේ නිරූපණය දේශපාලන පසුබිම පිළිබඳව ද යමක් සටහන් කළ යුතුය. වර්ෂ 1964 සිට 1985 දක්වා බ්‍රසීලය හමුදා ආඥාදායකත්වයට නතු විය. එවකට ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් බ්‍රසීලයේ පාලනය සඳහා කළ අතපෙවීමේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රසීලයේ හමුදාව විසින් බ්ධචධ ට්ධභතචපබගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දමන්නේ බ්‍රසීලයේ පැවති ප්‍රජාතන්ත්‍රවාද පවුරු බිඳ දමමින්. බ්‍රසීලය අරාජික තත්තවයට ඇද දැමීමට ඇමරිකානු රජයේ අභිප්‍රාය විය. ලතින් ඇමරිකානු කලාපය තුළ පැතිර ගිය සමාජවාදයේ බල ව්‍යාප්තය වැළැක්වීම ඇමරිකානු රජයේ ප්‍රයත්නය විය. එහි අතුරු ඵලය ලෙස කලින් පැවති රජයේ සිටි දේශපාලඥයන් සොයා මිනිස් දඩයමක නිරත වීම චිත්‍රපටයේ දැක්වෙයි.
එක් කුටුම්භයකගේ පෞද්ගලික දිවිය සහ මිලිටරි දේශපාලනය විසින් ඇති කරන මානසික පීඩනය මෙම සත්‍ය සිද්ධි දාමය සංස්කරණය හරහා ඉස්මතු කරනවා. දේශපාලනිකව අවතැන්වීම සහ මානසිකව ඇඳවැටීමට වසර 25ක් ගත වුව ද ඇගේ සැමියාට සිදු වූ දේ තවමත් අබිරහසකි. ඇගේ මානසික වේදනාව වඩාත් කම්පනසහගත තත්ත්වය තීව්‍රව සිනමාපටයේ නිරූපණය වෙයි. අතුරුදහන්වූවකුගේ ජීවිතය සහ එය සමීපතයන් වින්දිතභාවයට ලක්වීම පිළිබඳ සංවේදීව ඉදිරිපත් වේ. හුදෙකලාව, ශෝකය, වේදනාව, අහිමිවීම වැනි ඝෘණාත්මක හැඟීම් සිනමාපටයේ ගැබිව ඇත. නීතියේ ස්වාධිපත්‍යය දේශපාලන සංස්ථාව විසින් විවිධ වූ කාලවකවානුවලදී තම ග්‍රහණයට ගැනීමත් සමඟ සිවිල් වැසියන්ගේ මානව අයිතිවාසිකම් බිඳවැටීම පිළිබඳ පඨිතයක් ලෙස චිත්‍රපටය හැඳීන්වීමට පිළිවන.
වැරැදි තොරතුරු බෙදා හැරීම නිසා ජීවිත අහිම් වීම සහ රජයේ දූෂණය පිළිබඳ රෝගය ලෝකය පුරා පැතිර යත්ම, සමාජය එකම වේලාවක පරිණාමය වෙමින් හා පිරිහෙමින් පවතින බැවින් චිත්‍රපටය තුළ කියැවෙන කතාව සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් නැරැඹිය යුතු ම චිත්‍රපටයකි. විශ්වීය ගුණයෙන් සමන්විත ‘I’m Still Here’ චිත්‍රපටයේ කතා තේමාව ලාංකේය සමාජ සංස්ථාවට ද බෙහෙවින් සමීප නිසා ම චිත්‍රපටය ලාංකික ප්‍රේක්ෂකයා මඟ නොහැර නරඹනවා නමි වඩා අගනේය.
මලින්ත විතානගේ