නිවස කළා පුවත් රුක්මණී යුග ගී මියැසිය

රුක්මණී යුග ගී මියැසිය

by Thanushika
August 8, 2024 12:34 am 0 comment

සිංහල සිනමාවට එකතු වූ ප්‍රථම කිතුනු කාන්තාව වූ රුක්මණී දේවියගේ 101 වන ජන්ම දිනය නිමිත්තෙන් මියැසියක් පැවැත්වීමට රුක්මණී දේවි අනුස්මරණ සංගමය කටයුතු යොදා ඇත.

ටවර් හෝල් රඟහල පදනම අනුග්‍රහයෙන් රුක්මණී දේවී අනුස්මරණ සංගමයේ නිර්මාතෘ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්ගේ උපදේශකත්වයෙන් අගෝස්තු 18 වනදා පෙ.ව 09.30ට කොළඹ විජේරාම මාවතේ පිහිටි සව්සිරිපායේ දී පැවැත්වේ.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් අනුශාසකත්වය පවත්වන අතර සංගීතය එම්. ජී නිහාල් සිසිරසේන ප්‍රමුඛ වාදන මඩුල්ලෙනි.

ඊ.ජී.ඒ චිත්‍රාකාන්ති සහ අනුරාජ අතපත්තු විසින් මේ ගී මියැසිය සංවිධානය කරයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT