52
සිනෙස්ටාර් පදනම සංවිධානය කළ විසි හතර වැනි වරටත් පවත්වන ලද රිදී රැයක් ප්‍රසංගය පසුගිය දින අති උත්කර්ෂවත් අන්දමින් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. ජ්‍යේෂ්ඨ, ප්‍රවීණ රංගන ශිල්පීන් සහ කලාකරුවන් විශේෂ ආරාධිතයන් පිරිවරා ලක්ස් සන්නාමය පෙරටු කරගෙන රැඟුම් ගැයුම් මැද පැවැත්විණි. එහිදී ප්‍රථම වතාවට AI තාක්ෂණයෙන් රුක්මණී දේවී, ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම වේදිකාවට ගෙන ඒමද සුවිශේෂ සිදුවීමක් විය.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න