45
ප්‍රවීණ කේශාලංකරණ ශිල්පී ලලිත් ධර්මවර්ධනට උපහාර පිදීමේ උළෙලක් මාර්තු 31දා සවස 5 ට කොළඹ සුදර්ශී ශාලාවේදී පැවැත්වේ.
ඊට සමගාමීව එදින දවස පුරා සිනමා උලෙළක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මාර්තු 31 දා උදේ 10.30 ට ඉන්දුට මල් මිටක්, සවස 2.30ට ඔබටයි ප්‍රියේ ආදරේ, සවස 7.00ට අබා යන චිත්‍රපට ත්‍රිත්වය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ලලිත් ධර්මවර්ධන චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක කේශාලංකාර ශිල්පියෙක් ලෙස කටයුතු කර ඇත.