Home » රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය

රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය

by Thanushika
April 24, 2025 9:00 am 0 comment

රාජ්‍ය නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සංස්කෘතික කටයුතු ප්‍රවර්ධන කිරීමේ අරමුණින් විශේෂ තරඟාවලියක් පැවැත්වීමට සැලැසුම් කර ඇත. මෙය සංවිධානය කරනු ලබන්නේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසිනි.

මෙම තරඟාවලිය සඳහා කෙටි කතා, ගීත රචනා, පද්‍ය රචනා, ළමා සාහිත්‍ය නිර්මාණ, චිත්‍ර නිර්මාණ, ඡායාරූප, කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට යන තරඟ අංශ ඇතුළත් වේ.

නිර්මාණ බාර ගන්නා අවසාන දිනය 2025 මැයි මස 15 වෙනිදා වන අතර කෙටි නාට්‍ය සහ කෙටි චිත්‍රපට නිර්මාණ බාර ගන්නා අවසාන දිනය 2025 ජූනි 30 වෙනිදා වේ.

ඔබගේ අයදුම් පත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, 8 වන මහල , බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ හැකිය.

වැඩි විස්තර සඳහා 0112861325 දුරකතන අංකයට ඇමතීමෙන් හෝ www.cultural.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT