Home » රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය හා රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2024

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය හා රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2024

by Thanushika
December 5, 2024 10:40 am 0 comment

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය හා රාජ්‍යය ළමා නාට්‍ය උළෙල 2024 පසුගිය දින අරලියගහ මන්දිරයේදී සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා බුද්ධ ශාසන ආගමික සංස්කෘතික අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා යසන්තා ගුණවර්ධන සහ රාජ්‍ය නාට්‍යය උපදේශන සභාවේ සභාපති චන්ද්‍රසිරි බෝගමුව යන මහත්ම, මහත්මීහු සහභාගි වූහ.

මෙවර සාහිත්‍යය උළෙලේදී ජීවිතේ එක්වතාවක් පමණක් පිරිනැමෙන සාහිත්‍ය රාජ්‍ය සම්මානය (සිංහල මාධ්‍ය) මහාචාර්ය ජිනදාස දනන්සූරිය, දෙමළ මාධ්‍ය අන්න ලක්ෂ්මි රාජදුරෙයි, ඉංග්‍රීසි මාධ්‍ය සම්මානිත මහාචාර්ය වෝල්ටර් පෙරේරා වෙත පිරිනැමිය. හොඳම නවකතාවට හිමි සම්මානය විරාජිණී තෙන්නකෝන් රචනා කළ ‘කැමේලියා’ නවකතාවටද, හොඳම කෙටි කෙටි කතාව ප්‍රභාත් ජයසිංහ රචනා කළ ‘මඟහැරුණු දූපත්’ හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය නවකතාව විහඟ පෙරේරා ඉංග්‍රීසි බසින් ලියූ Student and Rebels සඳහා පිරිනැමිණ.

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2024දි සිංහල සීමිත අංශයේ හොඳම ළමා නළුවා ලෙස ‘පාට පාට සරුංගල් නාට්‍යයේ’ පොඩ්ඩාගේ චරිතය නිරූපණය කළ ඩී.එම්.සඳරු අදිශ, ද හොඳම ළමා නිළිය ලෙස ‘බෙදාගෙන කමු’ නාට්‍යයේ ‘මී අක්කාගේ’ චරිතය රඟදැක්වූ යුනෙලි යසස්මි ද සම්මාන හිමිකර ගත්තේය.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT