Home » රයිගම් ටෙලීස් 21 වැනි වසන්තය මාර්තු 29 දා

රයිගම් ටෙලීස් 21 වැනි වසන්තය මාර්තු 29 දා

by Thanushika
March 6, 2025 11:28 am 0 comment

2024වර්ෂයේ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන ‘රයිගම් ටෙලීස් 21 වැනි වසන්තය’ ටෙලිනාට්‍යය හා මාධ්‍ය සම්මාන නිර්දේශිත නාම උලෙළ පසුගිය දින ප්‍රවීණ නාට්‍යවේදී රංගන ශිල්පි ලූෂන් බුලත්සිංහලගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන් තියඩෝ, රයිගම් සමූහ ව්‍යාපාරයේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ, සම්පත් බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිකරණය හා පාරිභෝගික සබඳතා සහ කාඩ් මධ්‍යස්ථානයේ තාරක රන්වල සහ විනිශ්චය මණ්ඩල සභාපති බුද්ධදාස ගලප්පත්ති ඇතුළු සාමාජික සාමාජිකාවන්ගෙන්ද, කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයේන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙයට සමගාමීව සම්මාන රාත්‍රිය මාර්තු මස 29 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විමට නියමිතය.

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලද්දේ අයදුම්පත් යොමු කිරීමෙන්ය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලබිය. උළෙල සඳහා ඉදිරිපත් වන සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගැයීමට ලක් කර ඇත.

කලින් තීරණය කරන ලද ටෙලි නාට්‍ය හා රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සඳහා වන නිර්දේශ හා සම්මානලාභීන් විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබයි. ජනප්‍රිය හා ජනගත සම්මාන ජයග්‍රාහයකින් ප්‍රේක්ෂක මනාපය මත තෝරා ගැනේ. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය, ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය, ප්‍රේක්ෂක මනාපයෙන් 2025.02.28 දින සිට 2025.03.28 දක්වා තෝරා ගැනේ. වඩාත්ම ජනගත ටෙලි නාට්‍යය, රූපවාහිනී වැඩසටහන් සහ ප්‍රවෘත්ති විකාශය, දීප ව්‍යාප්ත ජනතා සමීක්ෂණයන් තෝරාගනු ලැබේ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මඟින් සිදු කෙරේ. මේ අනුව සම්මාන කුලක හතක් ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, සඳහා පෙබරවාරි 28 වැනි දින සිට මාර්තු 28 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා ඉර්ඉ මත විමසුමට විවෘතව පවතී. ජනගත සම්මාන කුලකය, වඩාත් ජනගත ටෙලි නාට්‍යය, ජනගත රූපවාහිනී වැඩසටහන, ජනගත ප්‍රවෘත්ති විකාශය පෙබරවාරි මස 20 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුව තිබිණි. ප්‍රණාම සම්මාන 2ක් වාර්ෂිකව ප්‍රධානය කරන අතර ජීවිතේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උලෙළකදීම ප්‍රධානය කරන උත්තම සම්මානයයි. රූපවාහිනී නාළිකාව ඇගැයීම සහ කලාකරුවන්ට පදෙන දහසින් බැඳී පියලි සමඟ සම්මාන මූරය අවසන් වේ. වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ ප්‍රධාන උලෙළ දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂවත් උළෙල සහ අවසාන සම්මාන රාත්‍රියයි. සියලූම නිර්දේශලාභීන් සහ සම්මානලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සහ එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණාවරණයක් සමඟ ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතික පතක් ද පිරිනමනු ලැබේ.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT