Home » රයිගම් ටෙලිස් 21 වැනි වසන්තය

රයිගම් ටෙලිස් 21 වැනි වසන්තය

by Thanushika
December 26, 2024 12:30 am 0 comment

2024වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන රයිගම් ටෙලිස්” 21 වැනි වසන්තය” ටෙලිනාට්‍ය හා මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම පසුගිය දින ගලධාරී හෝටලයේදී රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ,රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන් තියඩෝ, රයිගම් සමූහ ව්‍යාපාරයේ ජේ්‍ය්ෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ, විනිශ්චය මණ්ඩල සාමාජික රවින්ද්‍ර ගුරුගේ, සම්පත් බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිකරණය හා පාරිභෝගික සබඳතා සහ කාඩ් මධ්‍යස්ථානයේ තාරක රන්වල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 2024 වර්ෂයට අදාළ අයදුම්පත් හා නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2025 වර්ෂයේ ජනවාරි 15 වැනි දින වන අතර පෙබරවාරි මස 28 වැනි දා නිර්දේශිත නාම උත්කර්ෂවත් උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත් විමට කටයුතු යොදා ඇත. සම්මාන රාත්‍රිය මාර්තු මස 29වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විමට කටයුතු යොදා ඇති බවයි රයිගම් සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා මාධ්‍ය හමුවේදී පැවසුවේය.

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ අයදුම්පත් බාර ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයන් නිකුත් කිරීමෙන් හා නාලිකා වෙත යොමු කෙරෙන අයදුම්පත් කැඳවීමේ ලිපි මඟිනි. සියලු ආයදුම්පත් අදාළ නාලිකා ප්‍රධානින් විසින් සලකා බැලෙන වර්ෂයට අදාළව විකාශය වූ බවට සහතික කළ යුතුය.නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලබයි.උළෙල සඳහා ඉදිරිපත් වන සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කෙරේ.

කලින් තීරණය කරන ලද ටෙලි නාට්‍ය හා රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සඳහා වන නිර්දේශ හා සම්මානලාභීන් විනිශ්චය මණ්ඩලයේ විසින් තීරණය කරන අතර ජනප්‍රිය හා ජනගත සම්මාන ජයග්‍රාහකයින් ප්‍රේක්ෂක මනාපය ඔස්සේ තෝරා ගැනේ. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය, ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය, ප්‍රේක්ෂක මනාපයෙන් තෝරා ගැනේ. වඩාත්ම ජනගත ටෙලි නාට්‍යය, රූපවාහිනී වැඩසටහන් සහ ප්‍රවෘත්ති විකාශය, දීප ව්‍යාප්ත ජනතා සමීක්ෂණයන් තොරාගනු ලැබේ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මඟින් සිදු කෙරේ. මේ අනුව සම්මාන කුලක හතක් ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන,ජනප්‍රිය සම්මාන, සඳහා පෙබරවාරි 28 වැනි දින සිට මාර්තු 28 වන මධ්‍යම රාත්‍රිය දක්වා ඉර්ඉ මත විමසුම විවෘතව පවතී.ජනගත සම්මාන කුලකය, වඩාත් ජනගත ටෙලි නාට්‍යය, ජනගත රූපවාහිනී වැඩසටහන,ජනගත ප්‍රවෘත්ති විකාශය පෙබරවාරි මස 20 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුවේ. ප්‍රණාම සම්මාන 2ක් වාර්ෂිකව ප්‍රධානය කරන අතර ජීවිතේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උළෙලකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. රූපවාහිනී නාලිකාව ඇගයීම සහ කලාකරුවන්ට පිදින දහසින් බැඳී පියලි සමඟ සම්මාන මූරය අවසන් වේ. වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලිස් සම්මාන උළෙල ප්‍රධාන උළෙල දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂවත් උළෙල සහ අවසාන සම්මාන රාත්‍රියයි. සියලූම නිර්දේශලාභීන් සහ සම්මානලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සහ එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණාවරණයක් සමඟ ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතික පසක් ද පිරිනමනු ලැබේ.

එහිදී සම්පත් බැංකුව, Dialogue Television, අලියාන්ස් ඉන්ෂුවරන්ස්, imagine entertainment,, ආර්යා ප්ලස්, දං කොටුව පෝසලෙන්, සැලොන් නයනා, stone and string අනුග්‍රාහක සංකේත ද හුවමාරු කර ගැනිමද මේදින සිදුකෙරිණි.

උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් නිර්මාණයන් ඉදිරිපත් කිරිම සදහා වැඩි විස්තර ලබා ගැනීමට 0744061508 රෝහණ කුමාර, 0744062254 කසුන් වේරගල, ද දුරකථන දිගු 0114886777, 0114886888, ෆැක්ස් 011753341-2 හරහා සම්බන්ධ විය හැකිය. තවදුරටත් යාවත්කාලනය කර ගැනීම සඳහා [email protected]
web-www.raigamtelees.lk

සියලූම අයදුම්කරුවන්ට තොරතුරු විමසිය හැකිය.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT